එන පුර පෝයට
ඇවිත් යන්න ඔබ
ආසයි ඔය නෙතු
යලිත් දකින්නට..
සීතල කම්මුල්
පිසදා හෙමීට
ආසයි මට
හාදුවක් තබන්නට
සතුටු කදුලු වැල්
නෙතුමත විසිරෙයි
ඩින්ගිත්තක් ඔබ ලග
නැලවෙනකොට
ඔයි සුදු මූනෙ
හිනා කිනිත්තක්
දෙනවද ආයෙත්
ලග හිඳ යන විට
ඒ ඇති බිඳුවක්
සිත සැනසෙන්නට
ඔබ එනතුරු යලි
අවුරුදු දවසට..
ඔහු නෑ යන්නේ කිසිදා පන්සල්
ReplyDeleteතහනම් කලෙ මට බදින්න නූලක්
එනමුදු පැතුවේ ඔහුගේ ආලය
ඉවසන් යන්නයී සිටියේ පල්ලී
එක නත්තලකුත් මට ඔහු සමගින්
සමරන්නටවත් ඉඩක් නොලැබුනේ
මේවර නත්තල් දිනයෙදී දෙනුවන්
කදුලින් තෙත්වී ගියෙ මා නොදනයී
මගේ සිත සැනසනු බැහැ ඔහු ආවත්
ඔහු සතුටින් නම් එය ඇති මෙමටත්
එනභවයෙදී වත් ඔහු සමගින්
යන්නෙමි වදිනට බුදු රුව බැතියෙන්
හ්ම්ම්ම්ම් දෙන්නගෙම කවිටික ලස්සනයි... ස්තූතියි...
ReplyDeleteපුංචි ඇගිලි පොඩි අතරින් පැටලුනු දගකාර සිනාව ඉගි පා දෑස් පොඩි මා එක්ක පන්සල් එනවද පෝය ලබන කොට...
ReplyDeleteපිච්ච මල් සුවඳින් කියඹු වැනෙකොට නුඹෙ කිංකිණි හඩ කෝවිල් යනකොට තනියට ළගින්ම ඉන්නං සත්තට
දෙන්නගෙම කවි ලස්සනයි අප්පා හෙන කථාවක් කියනවා දෙන්න එක්කම හරිම කෙටියෙන්
ReplyDeleteනෙතු කදුලැලි ගගුල් සිදී
මුව අද්දර සිනහ පිරී
ඔබ දුටු විට මා වේදනා මැකේ
මිණි කිංකිණි හඩින් කථා
නිල් නෙතගින් මවන සිනා නිසා
මා හද මැද අමුතුම ලොවක් මැවේ....
ඔන්න ඔහොමයි මට මගේ එක්කෙනාව හම්බුනාම හිතෙන්නේ.අපි දෙන්න හම්බුවෙන්නේ මාස 2කට සැරයක්.එයා එහේ මම මෙහේ.දුරින් ඉදන් ආදරේ කරන හැමෝටම පොදු දෙයක් තමයි සිත්රූ අක්කේ ඔයා ලියලා තියෙන්නේ.ජය වේවා....
කවි දිහා බලා හූල්ලමි !!!!
ReplyDelete@ බට්ටි: හරිම ලස්සනයි..නත්තලට කවෘ හරි එනකන් බලන් ඉඳියද.. :-)
ReplyDelete@ Senna:බට්ටිගෙ කවි ටික මගේ කවි ටිකට වඩා හැඟීම්බරයි නේද අය්යෙ..මම මේ අද බස් එකේ එනගමන් ඵොනෙ එකේ ටයිප් කල කවියක්..
@ නරකයා....!! :හරිම ලස්සනයි..
@ ගැමියාගේ පත් ඉරුව :මගේ පුන්චි කවිය නිසා හැමෝටම කවි මතක් උනා නේද මල්ලි..හරිම ලස්සනයි..
@ඔබ නොදුටු ලොවක් :අවුලක් නෑ අයියා තව පේලියක් හැදුවනම් ඒකත් කවියක්..:D
මා සිත ගොළුවිය.
ReplyDeleteසිරාවට අක්කේ එක පහනක් තව පහන් දහසකට ආලෝකයක් වගේ තමයි අක්කගේ කවියත් තවත් කවි බර ගානකට උල්පතක්
ReplyDelete@ අසරණයා: මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා කියනවනෙ.. :)
ReplyDelete@ ගැමියාගේ පත් ඉරුව: ම්ම්.. ඔව් නේද :)
නෙමේ කවි කියවල මගේ මොලෙත් දැන් විකාර වේගෙන යන්නෙ. අනේ හැබෑට තාමත් ගමේ තාලෙට කවි ලියන කෙල්ලනුත් ඉන්නවනේ?
ReplyDeleteකවද හරි එයා මේව කියෙව්වොත් ඔයා මොකද කරන්නෙ?
@ Hishan Melanga:ඉතින් මම ගමේ තමයි..ගාල්ලෙනෙ..
ReplyDeleteහි හි එයත් බලනව ඉදල හිටල..එයත් කිව්වෙ එයාගෙ මොලෙත් විකාර වෙලා කියල තමා..අනික දැන් එයත් මුල අග නැති කවිත් ලියන්න පටන් අරන්..