මහ හුඟක් සිතුවිලි
ඔය ආලවන්ත ඇස් ලඟ
දියවෙලා යද්දි
ඔබ ඇවිත් මේ හිතේ තැනක
කඳවුරු බැදගන්න ඇති..
එදා පටන්
රෑ අඳුරට ගැස්සෙන හිත
මල් පොහොට්ටු මෝරන හිමිදිරියෙ
හීතලෙන් ගල් ගැහෙනකල්
නුඹ ගැනම හිත හිත
නිදි වරන්නත් ඇති..
ඒ කාලෙදි
කිඳුරු කතාවෙ නැතිවූ කිඳුරව
හඬමින් සොයන කිඳුරිය වගේ
වරින් වර හිමි අහිමි වුනු
ඔබව මම
සොයන්නත් ඇති..
දැනටත්
සිරවෙවී පොඩි වෙවී හරි
අනේ නුඹ හින්ද
කඳුලු බිව්ව ඇස්
මේ ආත්මෙ ඔබ ලඟම
සැනසෙන්නත් ඇති..