මහ හුඟක් සිතුවිලි
ඔය ආලවන්ත ඇස් ලඟ
දියවෙලා යද්දි
ඔබ ඇවිත් මේ හිතේ තැනක
කඳවුරු බැදගන්න ඇති..
එදා පටන්
රෑ අඳුරට ගැස්සෙන හිත
මල් පොහොට්ටු මෝරන හිමිදිරියෙ
හීතලෙන් ගල් ගැහෙනකල්
නුඹ ගැනම හිත හිත
නිදි වරන්නත් ඇති..
ඒ කාලෙදි
කිඳුරු කතාවෙ නැතිවූ කිඳුරව
හඬමින් සොයන කිඳුරිය වගේ
වරින් වර හිමි අහිමි වුනු
ඔබව මම
සොයන්නත් ඇති..
දැනටත්
සිරවෙවී පොඩි වෙවී හරි
අනේ නුඹ හින්ද
කඳුලු බිව්ව ඇස්
මේ ආත්මෙ ඔබ ලඟම
සැනසෙන්නත් ඇති..
එහෙනං ඉතිං වැඩේ හරිනෙ! :)
ReplyDeleteහිහි හරියටම හරිද.. :P
Deleteමට තේරුණා මදි සිත් රූ මේ නිසදැස නම්...
ReplyDeleteඇයි ඒ.. :S
Deleteමට මේක කියවද්දී මතක් වුනේ අර සිංදුවක් තියෙන්නේ
ReplyDeleteදෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් දකින්නට පිං මදි වෙන්නැති ඒ කාලේ කියලා. ඒක..ලස්සනයි අක්කියෝ.
ඇයි අර තව එකක් තියෙන්නෙ "මේ අයුරින් අපි සංසාරෙ අතර මගදි හමුවෙන්න ඇති" කියලා..ඔයා මේ සිංදුව මතක් කලාම මට ඒක මතක් වුනා.. :)
Deleteලස්සනම ලස්සනයි සිත් රූ අක්කේ ..
ReplyDeleteතැන්ක්යූ නංගා..අද කලින්ම ඇවිත් කියවලා ගිහින්..:)
Deleteහැමදාම වගේ එළ තමා අක්කෙ.......
ReplyDeleteඑහෙනම් එළ..තැන්ක්යූ මල්ලී.. :)
Deleteපහුගිය දොහක ඔය කියන කිදුරා රට පිට ඉදලා ආවනේ. තවත් ඉතිං මොකට අඩනවද? ඉන්නකෝ ඉතිං දැන් වත් හිනා වෙලා :D
ReplyDelete:D:D
Deleteකොච්චර දුක් වින්දත් අන්තිමට සැනසෙන්න පුළුවන් උනානේ. ඉතින් සන්තෝස වෙන්න. ලස්සනයි කවිය. කිව්වත් වගේ මටත් මතක් වුනේ. "මේ අයුරින් අපි සංසාරේ" කියන සින්දුව.
ReplyDeleteහ්ම්..
Deleteස්තූතියි පැතුම්
කාලය ගෙවුනත් පියවරින් පියවර
ReplyDeleteතවම ආදරෙයි එහෙමමයි හිත ලග
නුඹ නිසාම හෙළුව මේ කඳුළැලි
නවතන්නට කාලය කවදා ඒවිද?
හ්ම්..ඒ දිනය ආවොත්නම් හොඳයි ..
Deleteස්තූතියි දිනේශ් මල්ලි.
මටත් මතක් වුනේ “මේ අයුරින් අපි සංසාරේ“..ගීතය....
ReplyDeleteසෑහෙන්න දැනුන අක්කියෝ.......:/
ස්තූතියි නංගියා..
Deleteඒ ගීතය මතක් වුනේනම් නැහැ ලියද්දි..ඒත් පස්සෙ කියවද්දි මටත් හිතුන ඒ ගීතය නිසාමද ලියවුනේ කියල..
මේකේ තියෙන්නේ දුකක්ද සතුටක්ද? හ්ම්ම්
ReplyDeleteසමහරවිට සතුටත් එක්ක දැනෙන පුංචි දුකක් ගැන වෙන්න ඇති.. :)
Deleteඅන්තිමේ සනසුනානම් එච්ච්චරයිනේ !
ReplyDeleteවෙනද ලියන ඒවාට වැඩ වෙනසක් තියෙනව වගේ!
අදහස් වල නෙමෙයි ලියල තියෙන ශෛලිය වෙනස් කියල හිතුන!
ස්තූතියි නුවන්..කාලෙකින් මේ පැත්තෙ ඇවිත්.. :)
Deleteමුහුදේ රැලි පෙරලෙද්දී නේද ගොඩාක් ලස්සන.. මම කියපු දේ තේරුනා නේ.
ReplyDeleteජයෙන් ජය!!
ම්ම්...ඔව්..එතකොට තවත් සුන්දරයි නේද.. :)
Deleteඔයාටත් ජයෙන් ජය සහෝ..
අදින් පසුව
ReplyDeleteනුඹ වෙනුවෙන් හැමදාමත්
මගබලන් හිටපු ඇස්
ඔයාගේ උණුසුම විදිද්දී
සතුටින් සිනාසෙන්නට
හීන දකිනව ඇති...
:)
ඇත්තමයි ඔව්..ලස්සනයි නංගා..
Deleteඅතීතය සහ වර්තමානය ගැන කවිය කියනවා එතකොට අනාගතය?
ReplyDeleteතනියම හිතල තියම ඇතිකරගත් බලාපොරොත්තුව "ඇති" කියල අවසන් කලාම හරියටම අවිනිශ්චිත බවක් කියනවා. තමන්ටත් විශ්වාසයක් නැති ආදරයක බලාපොරොත්තුවක් වගේ
හ්ම්ම්.. අවිනිශ්චිත බවක් කියන්නද එහෙම දවස් මගේ ජීවිතේ කොතෙකුත් තිබුන බව කියන්න උත්සහ කලාද කියන එක මටත් දැන් හිතාගන්න අමාරුයි වගේ..
Deleteස්තූතියි ඔබට
පොඩ්ඩක් කඳුලු බිව්වට අවසානවේ සැනසුනානම් එච්චරයි... අනාගතයත් සැනසිමෙන්ම දිගටම ඉන්නට වරම් ලැබේවාවි ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteප.ලි- ටිකක් වෙනස් ආරයකට ලියවුනත් ලස්සන කවියක් අක්කේ....
ඒකනෙ නේද..
Deleteස්තූතියි මල්ලී..
"මේ අයුරින් අපි දවසක් දා ආදරයෙන් හමු වෙන්න ඇති.." සිංදුව මතක් වුණා මේක දැකලා..
ReplyDeleteකවද්ද නගේ සැනසෙන දිනය ? ළඟයි නේද ?
හිහ්..හ්ම්ම් හ්ම්ම්.. :))
Deleteඑළ.....
ReplyDeleteස්තූතියි අයියෙ..
Deleteඑදත් මගේ දුක් ආයාචනයට අද මෙන් ඔබ හිනහෙන්න ඇති..
ReplyDeleteසෙන්නා කිව්වට පස්සේ මට මේ ටික මතක් වුනේ..
හිහ්..ස්තූතියි යාලු.. :)
Deleteකඳුලූ අතරින් අවසානෙ හිනා වෙන්න පුළුවන් වුනා නේද අක්කෙ? ජය වේවා!! එච්චරයි ඕනෙ..
ReplyDeleteම්ම්.. :)
Deleteජයවේවා..!! අපේ හිතූ නංගියටත්
කඳුලු බිව්ව ඇස්
ReplyDeleteමේ ආත්මෙ ඔබ ලඟම
සැනසෙන්නත් ඇති..
මම මුල මැද අග දන්නෙ නැති වුණත් අක්කගේ වැඩේ හරි ගිහින් වගේ....
අලුතින් නේද මල්ලි මේ පැත්තට..ආදරයෙන් පිලිගන්නවා මගේ නිවහනට.. :)
Deleteසෝ ඇත්තටම ලස්සනයි අක්කෝ....
ReplyDeleteස්තූතියි දේව් මල්ලි..
Deleteදැන් ඉතින් හිනාවෙන්න හැමදාමත්...
ReplyDelete:) :)
Deleteමම මේකට දැම්ම කමෙන්ට් එක කෝ? ස්පෑම් වෙලා වත්ද පේන්න නැත්තේ? කමක්නෑ අන්තිමට සැනසීම හොයාගත්තානෙ! (නරකද වෙනසකටත් එක්ක තීම් එක මාරු කළොත්- යෝජනාවක් විතරයි හොඳද! )
ReplyDeleteඅහා..මම බලන්නම් ස්පෑම් එකේ තියෙද කියල..ට්‍රයි එකක් දීල බලන්නම් තීම් එක වෙනස් කරන්න..ඒත් තිබුන එක අයින් කරල තමයි මේක දාගත්තෙ.. :D
Deleteදැන් කදුළු අතරින් හිනාවෙනවා කියන එක අහන්න ලැබුන එකත් ලොකු සතුටක්..:) හැමදාම ඒ හිනාව තියෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා..!!!
ReplyDelete(මම ටිකක් පරක්කු වෙලා නේ මේ පැත්තේ ඇවිත් තියෙන්නේ)
ස්තූතියි හිරු..මාත් දවස් තුනකින් තමා බ්ලොග් එක පැත්තෙ ආවෙ..ඒ නිසා ශේප්.. :)
Deleteහැමදාම ඔය වගේම හිනාවෙලා ඉන්න පුළුවන් දවසට තව වැඩි කාලයක් නැහැනේ..සතුටුයි අක්කි..:D
ReplyDeleteකවිය ලස්සනයි හුඟාක් අක්කෝ....
ස්තූතියි නොහිම් සිහින..මටත් සතුටුයි මේ පැත්තෙ ආවට..:)
Deleteනොනිමෙන සංසාර ගමන
ReplyDeleteමේ ගමනින්ම නිමවේවිද
නොනවතින අපේ බැඳීම
මේ අයුරින් නිමවේද එහෙනම්...
අවසන් එක්වීමත්
අවසන් වෙන්වීමත්
මෙයම පමණක් වේද
දුකක් යලි නොරැඳේද එහෙනම්...
සංසාර පුරාවට වින්ඳ
දුක් ගැහැට සහ සතුට
පිරුණු හිත සදහටම
අතහරින්නට කාලයයි එහෙනම්...
ඔය දෑස දෙස බලාගෙන
ඔය දෑත අත දරාගෙන
සංසාර ගමනින්ද
සමුගන්න අවසරයි එහෙනම්.....
හම්මෝ කාලෙකින් මේ පැත්තේ ආවේ අක්කේ.....හැමදාම වගේ මගෙන් ක්ෂණික පුංචි කයියකුත් දැම්මෝ...(මේ දාපු එක කයියක්ද කියලා මටත් ෂුවර් නෑ) පෝස්ට් කීයක් මිස්වුනාද මන්දා මේ දවස්වල වැඩ වැඩි නිසා මුකුත් කරගන්න බෑනේ අක්කෝ... වෙනදා වගේම කවිය නම් සුපිරියි හැබැයි මොකක්දෝ දුකක් ගැබ් වෙලා තියෙනවා වගේ දැනෙනවා අක්කේ..... සේරම හොඳින් නේද හිමිකාරයා මෙලහකට ඇවිත් ඇති කියලා හිතනවා...
මේ කවිය කාලෙකට කලින් ලියපු එකක්..draft එකේ තිබිල තමා පබ්ලිශ් කලේ..ඒක ගනන් ගන්නෙපා..මම ගොඩාක් සතුටින්..
Deleteමේ පැත්තෙ ආවෙ නෑ කියල තරහ නැහැ මල්ලියා..මම දන්නව එක්සෑම් එකට පාඩම් කරන්න ඕනිනෙ ..හැමදේම හොඳින්..හිමිකාරයත් ඇවිත් ලඟටම..ඉක්මනින්ම ඒ සුබ පනිවිඩය ලියන්නම්කො..
හොඳට පාඩම් කරන්නකො එක්සෑම් එකට.. :)))
තවත් ආදර කතාවක හරස්කඩක්
ReplyDeleteහ්ම්.....
Deleteස්තූතියි අයියෙ මේ පැත්තට ආවට.. :)
ඔයගෙ 'හෙට හිරු පායෙන්නෙ ඔබේ රැස් එළියේ' පෝස්ට් එකේ මගේ කොමෙන්ටුව මතකද....එබැවින් 'නුඹ හින්දා මං' පෝස්ට් එකේ ඒ පෙම්බර කුමාරයා හිත සනසන්නේද දැන් ලඟ ඉඳන් නේද...:)) :P
ReplyDelete.. කිවිය නම් හරිම පෙම්බරයි....ලස්සනයි... සිත් රූ!
මියදුනේමී
ReplyDeleteයලි යලි '
පෙම් බදිමී
මං
මතු බවේත් .............