මම ඔබේ ආදරේ සොයා ගෙන
පන නළ පවා තබා උකසට
ඇයැදුවා ඔබේ ආදරය දෙවියන් ලඟ
උවැසියක් මෙන් දිනෙන් දින
පේ වුවා අදහමින් මම ඔබව
භාවනාවක් වගේ දිවා රැය
කමටහන් පිරුවා
ඔබ මගේ ආත්මය කොට
පපුව මතම තබාගෙන ඔබ
ඉහිලුවේ අහස උසට දුක් ගින්දර
ඔබ ලඟ පාත නැති දාට
ඇවිලුනා තුන් හිතම හරි රස්නෙට
හදවතේ ආදරේ පුරෝගෙන
ගනන් මිමි සෙව්වා හැම රැයක
නැති වුනොත් දවසක ඉතිං ඔබ මට
පියාගමි නෙත් දෙක
මේ සීතල පොළොව යට..
nice lyrics
ReplyDeleteThx sis..welcome to my blog..
Deleteඅවට වූ මුලු සොබාදහම ම
ReplyDeleteරක්ත පැහැයෙන් වැසෙන සමයේ
හිඳිමි පොළොවට ඇණ තියාගෙන
අසමි පොළොවට කණ තියාගෙන
ඈත ලස්සන වනන්තරයේ
සීත පැන ගිය විසල් කන්දේ
කූඹියන් ගුල් හාරනා හඬ
වේ පැටව් ගේ ඉකිබිඳුම් හඬ
නමුදු ඇයි මට නො ඇසුණේ
මොහොතකට පෙර මගේ පසෙකින්
ගහක් ඉදිරී පෙරලෙනා හඬ
අනේ සංසාරේ! මේ සැරෙත් සිත් රූ අක්කට කවිය ලියන්න හිතුණේ පින්තූරේ දැක්කම වෙන්ටැ..? ඔන්න ඉතිං ඒ පින්තූරෙ දැක්කම මට හිතුණ දේ... අක්කගෙ කවිය නං මරු ඈ!
වේ පැටව් ඉකිබිඳින හඬ ඇහුනෙ බට්ටත් වේ පැටියෙක් නිසා වෙන්ටැ.. :P
Deleteසීතල පොලව යටද ? උඩද ?
ReplyDelete:)
උඩ... :D
Deleteතෙරෙනවා තේරෙනවා.. ඔන්න මම අද මුලින්ම
ReplyDeleteනැහැනෙ..ඔයා 4 වෙනියට ඇවිත් තියෙන්නෙ..කාලෙකට පස්සෙ නේද..:)
Deleteමිනිස් ජීවිතයක් ලැබීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ අමාරු දෙයක් කියලා තියනවා. මොනම හේතුවකටවත් පණ නහගන්න එකනම් මෝඩ වැඩක්..
ReplyDeleteමතකනේ නන්දෝ පරාඩෝව.. හිහ්
නිසදැසනම් සුපිරියි, ලස්සනයි, හැඟීම් බරයි..
ඒකනෙ අයියා..මමත් පරාඩෝ වගේ කොහොමහරි ජීවත් වෙන්නයි ආස කරන්නෙ..අපොයි මම මැරෙන්න බයයි.. :)
Deleteඔබ සොයා එන්නට
ReplyDeleteපැමිණ අත ගන්නට
කඳුලු පිසලන්නට
අවැසි වූවත් ඉඩක් නෑ මට
දහස් යොදුනින් වෙන්ව
ඉන්න ඔබ සනසන්ට
පියාඹාවත් එන්න
අනේ අත්තටු මට කොයින්ද
මේ කවියේ නම් මොකක්දෝ විශාල දුකක් දැනුනා අක්කේ....මඤ්ඤං වෙලා හිටියත් මේ පැත්තේ ආවාම මොනා හරි ලියලා යන්නම හිතෙන නිසා ඕං පේලි ගැලපුවා යන්තම්....ඒක නෙමෙයි අක්කේ තව මාසයයි නේද??
ඔව් නේන්නං තව මාසයයි...! ඒත් ඒ මොකටද?
Deletebatto paninna awuruddata
Deleteආ..ඔව්නෙ අවුරුද්දට මාසයයි තව.. ;)
Delete@ ගැමියාගේ පත් ඉරුව : හි හි.............
Deleteපිය වේවේ මේ දෙනෙත
ReplyDeleteනුඹ නොදකින දිනයක
හිමි නැති බව දරන්නේ කෝම
නුඹවම දකින්න පැතුව මේ දෙනෙත..
හ්ම්ම්.. :)
Deleteහ්ම්ම් ...
ReplyDelete/// නැති වුනොත් දවසක ඉතිං ඔබ මට
පියාගමි නෙත් දෙක
මේ සීතල පොළොව යට /// ...
මේ ටිකනම් එච්චර හොද නෑ !
හ්ම්ම්..කවදාවත් කිසිම කෙනෙක්ට එහෙම අකාලෙ මියදෙන්න වෙන්න හොඳ නෑ.. :)
Deleteකවි පොතක් ලිව්ව නම් මොකෝ අක්කෙ වෙන්නෙ.........එළ ඈ...:)
ReplyDeleteට්රයි එකක් දෙමු..ඈ...:)
Deleteඅක්කි පුදුම ලස්සනට ලියනවා අක්කි. මං හැමදාම එනවා අද ඉදන් නම්.. අපරාදෙ නෙ මේතර කල් මට මේ පැත්තෙ එන්න බැරි උන එක.. කොහොම වචන ගලපනවද ඔය තරම් ලස්සනට හිතේ පතුලටම දැනෙන්න කියලා මට නම් හිතාගන්නවත් බෑ අක්කියෝ..
ReplyDeleteඅලුතෙන් නේද නංගියා මේ පැත්තට..ආදරයෙන් පිළිගන්නවා..
Deleteඅක්කා... ඔයා කවි විතරමමද ලියන්නේ???????????
ReplyDeleteවැඩිපුර කවි..
Delete//ඔබ මගේ ආත්මය කොට
ReplyDeleteපපුව මතම තබාගෙන ඔබ
ඉහිලුවේ අහස උසට දුක් ගින්දර
ඔබ ලඟ පාත නැති දාට//
මට පුදුම විදියට ආස හිතුනා මේ පද ටිකට අක්කෙ.. පිස්සු හැදෙනවා.. ඇත්තටම හිතට වදිනවා...
ස්තූතියි හිතූ :)
Deleteආදරණිය කවි පෙළක් වෙනද වගේම..
ReplyDeleteස්තූතියි සහෝ..
Delete:)
ReplyDelete:)
Deleteහරිම ලස්සන බ්ලොග් කවර් එකක්.කවියත් ඒ වගෙමයි..
ReplyDeleteස්තූතියි පුංචි :)
Delete"පණ නළ පවා තබා උකසට" වගේම "ඇවිලුනා තුන් හිතම හරි රස්නෙට" මේ යෙදුම් දෙක නම් නියමයි. හැම තිස්සෙම ලියනෙ ජීවිතෙන් පළායාම ගැනයි. හැබැයි ඒවගේම ජීවිතේට ජීවත්වෙන්න ඉඩ හරින විදියටත් ලිව්වා නම් තවත් කවි සිත ලස්සන වේවි.
ReplyDeleteඑහෙමයීදිරියට උත්සහ කරන්නම්....මමත් ආස මේ ජීවිතේ ලස්සනට ජීවත් කරවන්න..කවියෙන් විරහවක් දැනුනත් හිත පුරා තියෙන්නෙ ජීවිතේ අහස උසට බලාපොරොත්තු.. :)
Deleteඒ කියන්නේ හිමි වුනොත් මැරෙන්නෙම නැද්ද? :)
ReplyDeleteහිමි වුනොත් මැරෙන්නෙ නෑ..එතකොට මැරිල බැහැ නෙවැ..අහිමි වුනත් මැරෙන්නෙ නෑ..මම මැරෙන්න බයයි මෙයා.. :D
Deleteලස්සනම ලස්සනයි ..ඒ කවි ටික නම් ඔන්න මට තේරුනා.....
ReplyDeleteඅයියෝ.. කිරිල්ලිට කලින් ඒවා තෙරුනේම නැද්ද. :D.
Delete@ Hishan Melanga: ඔයාගෙ කමෙන්ට් එක ඉන්බොක්ස් එකේ තියෙනවා..පබ්ලිශ් වෙන්නෙ නැහැ...ඇයි දන්නෙ නැතෝ..ස්තූතියි යාළු.. :)
ReplyDeleteReally a great post.I liked it and i will share it with others too.
ReplyDelete1996 Chrysler Town and Country AC Compressor
thanx sheena ..welcome to my blog!! :)
Delete