උඳුවප්
මැදියමේ
කිලිපොලා යන
සීතලට
ගැස්සෙන
ඔය හිත ලඟ
තනිවරන්නට
නිදි නැති රැයක
එන්නම්
පුන්චි කුටියේ
කව්ළුව ලඟට
මලානික සඳ එලිය
වැටෙන කවුලුව
පාමුල
රැදෙන්න ඔබ
නෙතු පියාගෙන
පපුතුරේ හොවාගෙන
තබන්නම් එවිට
උනුසුම්ම හාදුවක්
හරිම සීරුවට
ආදරණීයව
ඔබේ නලලත
මතට..
අනේ මන්ද මට නම් මේව තේරෙන්නෙ නැහැ :)
ReplyDeleteහැබැයි නළලට විතරයි
ReplyDeleteහ්ම්ම්ම්ම් ........
ReplyDeleteවැඩේ කියන්නේ මේක කියන්නේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද????
ReplyDelete@ Hishan Melanga : මටත් තේරෙන්නැහැ අනේ..
ReplyDelete@ අසරණයා : හි හි..ඔව් නේද?
@ Senna : හ්ම්..
@ ගැමියාගේ පත් ඉරුව: ලිව්වෙ නම් කෙල්ලෙක්..
ලස්සනයී.හුගක් කෙල්ලෝ කැමති නලලට හාදු ගන්න තමයී. (මාත් ඇතුළුව)
ReplyDelete@ බට්ටි: ඔව්..මම හිතන්නෙ නලලට ලැබෙන හාදුවකින් දැනෙන්නෙ පිවිතුරු ආදරනීය හැඟීමක් නිසා වෙන්න ඕන..
ReplyDeleteබලාගන....අම්මලා දැක්කොත් එහෙම ලැජ්ජ වෙන්න වෙයි හොදේ......
ReplyDelete