ඉස්සර මේ වැස්සට තෙමෙන්න මම ආසයි..
ඒ ඔයා මගේ ලඟින් තුරුල් වෙලා මගෙත් එක්ක ඇවිදන් යන සතුට වැඩිකමට.. ඒ කාලෙ එක පිට එක ධාරනිපාත වැහි සීයක් වැටුනත් මට ඒව මල් වැහි වගේ..
මතකද .. ඒ දවස් වල මම චුට්ටක් මුරන්ඩුයි. කතා කර කර යනගමන් හෙමීට කුඩෙන් පිටට පනිනව..
"ඇයි බබා තෙමෙන්නෙ ..ලෙඩ වෙන්නද ඕනා" ඔයා මට සැර වෙනව
"චුට්ටක් තෙමුනට ලෙඩ වෙන්නැහැ පැන්චො"
මම කියන්නෙ එහෙමයි..
"ඔන්න හෙම්බිරිස්සාවක් එහෙම හදා ගත්තොත් මම නෑ..මට එපා හොටු කෙල්ලො.."
ආඩම්බරෙට ඔයා එහෙම කියද්දි මූන පුලුටු කරන් මම ආයෙත් කුඩේ යටට එනව..
මතකද ඒ කාලෙ..හරිම සුන්දරයි.. ඔයාගෙ ඔයි තරු ඇස් වලින් මම ඒ කාලෙ ඒ විදියට කියෙව්වෙ අපේ අනගතේ..
අදත් දවසෙම වැස්ස.. වෙනදට ඔයත් එක්ක ඇවිදන් යන පාර දිගේ මම තනියම ඇවිදන් යනව.. මීට අවුරුදු දෙකකට කලින් අපි දෙන්න ඇවිදන් යද්දි වැටුන මල් වරුසාවම අදත් වැටෙනවා. මේ ගහ කොල ගොඩනැගිලි කලබලයෙන් හෙවනක් සොයාගෙන දුවන මිනිස්සු සත්තු මේ හැමදේමත් එදා වගේමයි.. එකම එක අඩුවයි තියෙන්නෙ ඒ වෙනද වගේම සීරුවට ඇවිදන් යන මාත් එක්ක මගේ තනියට මගේ කුඩේ යට ඔයා නැති එක විතරමයි..
හ්ම්ම් ...
දන්නවද ..එදා වගේ,මේ වැස්සට තෙමන්න මම දැන් ආස නැහැ..එදා වැස්සට තෙමිල මූන දිගේ රූරා වැටුන වැහි බින්දු ඔයාගෙ අත්ලෙන් පිහදාල මාව තුරුල් කරගන්නකොට දැනුන සතුට අද මට පපුව පුරා එක පාර පිපුරුන අකුණක් වගේ තදට දැනෙන වේදනාවක් විතරමයි.. එදා මගෙ ආදරේ කඩා වැටුන මේ ඇස් වලින් අද මේ වැටෙන්නෙ අතීතය දියවිලා වැටෙන කදුලු විතරමයි ..එදා වැහි බින්දු පිහාපු ඔයා මේ කදුලු බිදු පිහින්න අද හිටියනම් ....
අහන්න., එදා මම මේ වැස්සට ආදරේ කලේ ඔයත් එක්ක එක කුඩේ යට හැපි හැපි කියෝ කියෝ යන්න පුලුවන් නිසා.ඒත් ඔයා මන් ලඟ නැති අදත් මම මේ වැස්සට ආදරේ කරන්නෙ ඔයා නැතුව වේදනා දෙන මේ ඇස් වලට වැටෙන කදුලු වැහි පොද දිගේ නිදහසේ පාවෙලා යන හින්ද වෙන්න ඇති..
"මේ වහින්නේ එදා මල් වරුසාවමයි..මහලු නොවනා පෙම්වතුන්ගේ සොඳුරු මල් වරුසාවමයි.."
මේ වගේ පපුව කඩා වැටෙන දේවල් කියවද්දි සෑහෙන්න දුකයි.මේ වලේ දේවල් ලියන්න එපා කියන්න බෑ ඒත් ඉතින් මේවා ලියද්දි හිත සැනසෙනවා නම් දිගටම ලියන්න ඒත් වැලලිලා ගියපු දුක හැමදාම එහෙම තියාගන්න ඕනේනම් මේවා මතක් නොකර ඉන්න
ReplyDelete(මේ දේවල් කිව්වේ මේ ඔයාගේම සොදුරු අත්දැකීමක් කියලා හිතලා)හිත රිදුනානම් සමාව ඉල්ලා හිටිනවා.ලස්සපට ලියලා තියෙනවා නියමයි ඈ
දීලා තියෙනවා ආයෙ ඇස්ටි හැලෙන්නම
ReplyDeleteඅපි අපිව නොදන්න අපිටම මේව කියල දාන්න. ඇත්තටම ආදරය කරපු අය බලන් ඉන්නෙ මෙහෙම තමයි. අපි ඔයා ලග ඉන්නව හැමදාම. ඒත් අතීතය හාර හාර මතක් කරනකොට වෙන්නෙ දුක වැඩි වෙන එක විතරක්ය කියලත් මතක තියාගන්න. මේ ලෝකෙ ආදරය දමල ගහල ගිහිපු නැති කවුරුවත් නැහැ. බොරුනම් නිකම් හිතල බලන්න, ලව් කරල කසාද බැදල කවද හරි ගොඩ ගියා කියමු
ReplyDeleteහැබැයි අන්තිමට දෙන්නගෙන් එක්කෙනෙක් මැරිල යන හැටි බලාගෙන ඉන්න වෙනව නේද? මේ හැම දෙයක්ම තාවකාලිකයි. ඔයාගෙ හිතත් කවද හරි හැදේවි. එහෙම වෙන්නෙ නැතෙයි කියල ඔයා හිතාගෙන ඉන්නව නම් ඒක බොරු කතාවක්.
ඔයාගෙ වචන ගැලපිල්ල නම් සුපිරි. හදවතෙන්ම ලියවෙද්දි ඔහොම තමයි.
ගෙදර නිකම් උඩ බලාගෙන ඉන්නෙ නැතුව මොනව හරි ජොබ එකක් නැත්නම් ඉගෙන ගන්න class එකකට ගියොතින් නරකද? දැන් කාලෙ ගෑනු ළමයි පිරිමි ළමයි කියල වෙනසක් නැහැ. හැබැයි මෙහෙම ලියන ඔයා ගැන නම් මට හිතෙන්න A\L කරල ගෙදර ඉන්න කෙල්ලෙක් වගේය කියල.
@ ගැමියාගේ පත් ඉරුව: ඇත්තටම මේ දේවල් ඇත්තම නෙමෙයි කියන්නත් බැහැ..මේ ලියන දේවල් වලට මගෙත් පුංචි හරි අතීත සබදකමක් තියෙනවා..ඒත් දැන් මේ ඇස් වල කදුලු නැහැ..එත් තනි වුනාම අදටත් ඒ දුක්මුසු අතීතෙ ජීවත් වෙන්න මම ආස වෙලා..දුකක් උනත් ඒ අතීතයට දැන් මම පුදුම තරම් ආදරේ කරනවා..
ReplyDeleteඉතින් ඔයාට ගොඩක් ස්තූතියි මගේ බ්ලොග් පිටුවට පැමිනීම.. :)
@ නරකයා... : තැන්ක්ස් යාළු..
ReplyDelete@ Hishan Melanga :ලියන්න දෙයක් හිතුනොත් වැඩියෙන්ම මතක් වෙන්නෙ දුක් වින්ද මගේ ප්රරථම සහ එකම ආදරේ ගැන..එච්චර දුක් විදල හරි අද වෙද්දි මගේ ආදරේ හීනයක් නොවී රැක ගන්න අද පුලුවන් වෙලා..ඉතින් දීපිකා ප්රිචයදර්ශනී මිස්ගෙ මේ ගීතය අහද්දී ආපහු මම මේ අතීතෙට ගියා..ඒ නිසා ලියාගෙන ගිය සිතුවිල්ල තමයි මම මෙහෙම පෝස්ට් එකක් දැන්මෙ..
ReplyDeleteමම ගෙදරට වෙලා නිකන් ඉන්න කෙනෙක් නෙමේයි..ඔෆිස් එකේ විවේකයක් ලැබුන හැම විටකම දැන් එන්නෙ නම් මේ පැත්තට.. මම රැකියාවක් කරනව..මම අපේ රටේ ප්රධාන විශ්ව විද්යාලයක සේවය කරන්නෙ.( හැබැයි මම හැට පැනපු ආච්චි කෙනෙක් නෙමේ හොඳේ..:D ).ඒ වගේම තවම ඉගනත් ගන්නවා..
@සිත්රූ සිහින
ReplyDeleteඑල :)
ඔයාගේ නිර්මනේ අපිට රසවින්දින්නේ ඔයා විඳපු ඒ වේදනාව නිසා නේද?පරණ දේ අමතක කරලා නිර්මනේ ගැන සතුටු වෙමු..
ReplyDeleteලස්සනයි යාළු
ReplyDeleteසාමාන්‍යයෙන් මම නම් කෙල්ලක් හුරතල් බස් කතා කරනවාට අකමැතියි මම මගේ කෙනාටත් හුරතල් වෙන්ඩ එපාය කියලයි තියෙන්නේ . මේක නම් මම ආසාවෙන් බැලුවා .. ඇයිදෝ මන්දා
මේ වැස්සත් එක්ක මගේ මතකත් ගොඩක් රැදිලා තියෙනවා.. මට ඒ සමහරක් මේ පෝස්ට් එක නිසා මතකෙට ආවා..
ReplyDeleteලස්සනයි, සංවේදියි, දුකයි......
ReplyDeleteජීවිතේ ඔහොම තමා නංගී... හමුවීම් සහ වෙන්වීම් වලින් පිරිලා.... ඔයාගෙ ආදරේ සිහිනයක් නොවී රැක ගත්තා කියන්නේ ඔයා දිනුවද ? එහෙනම් මේ ඔයාගෙ අත්දැකීමක් නොවෙන්ඩත් පුළුවන් නේද ? මම හරිද මංදා ?
@ අසරණයා :ම්ම් ඔව්..ඇත්තටම එදා එයා නිසා එහෙම දුක් වින්දත් අද සතුටින් ඉන්නෙත් එයා නිසාමයි....එයත් මේක කියවයි..එහෙම උනොත් මොනවා කියයිදනම් දන්නැහැ..:D
ReplyDelete@ හිස් අහස :කාලෙකින් සඳරු මේ පැත්තෙ ඇවිත්..තෑන්ක්ස් යාලු..
හැබැයි ඉතින් එහෙමම නම් කියන්නෙපා..මොකද ගෑනු දරුවො කැමතියි චුට්ටක් විතර හුරතලේට ඉන්න...
@ Dinesh :ඇත්තටම මමත් වැස්සට ආසයි ..වැස්සෙ දිහා බලන් ඉද්දි මටත් ගොඩාක් දේවල් මතක් වෙනවා..
@ Senna :ස්තූතියි අයියෙ..මේ මගේ හිතේ මීට කාලෙකින් හිතුන දේවල්ම තමයි..හැබැයි එහෙම අවුරුදු 7 ක් විතර ගොඩාක් අමාරුවෙන් රැක ගනිපු ආදරේ එන ඇවුරුද්දෙ මගේම වෙනවා..හැමෝගෙම ආශීර්වාදය මැද :-)
හරිම ලස්සනයි...සංවේදියි...
ReplyDeleteඇත්ත අත්දැකීමක්ද මන්දා...කොහොම උනත් දැනෙන්න ලියලා තියනවා..
එහෙනම් ඔන්න අපෙන් සුබපැතුම් !!!
ReplyDelete@ සයුරි: ස්තූතියි සයුරි.. :-)
ReplyDelete@ Senna : ස්තූතියි අයියෙ..:-)
අපි නම් ඉතින් කොල්ලා ලග හිටියත් නැතත් නානවා......
ReplyDelete@ Anonymous :ඇදගෙනද නාන්නෙ..:P
ReplyDeleteඅපිලත් දවසක වැස්සේ යනවා.. :) අදයි මේ පැත්තේ ආවේ. ආයෙත් ඇවිත් යන්න එන්නම්කෝ..
ReplyDeleteම්ම්ම් ඒක හොඳයි..හැබැයි තෙමිල ලෙඩ හදාගන්නව එහෙම නෙමෙයි ඕන්..
ReplyDeleteඑහෙනම් අයෙත් එන්නකො නිවාඩු පාඩුවෙ මේ පැත්තෙ..අද ආවට ස්තූතියි :)