නෙතු නලියන තද අලෝකය පහව ගොස් සතර දෙස වැසී ගිය ඝන අදුරේ මම ජීවිත යාත්‍රාව පැදෙව්වෙමි.. බැලු බැලු අත පෙනෙන්නේ මේ මහා ජල කඳ පමනි..මේ ජීවිත මුහුදේ මා බොහෝ සේ තනිවී ඇත.. අතරමන් වී ඇත..හසරක් නොදැන ඔහේ පාවෙන්නද තරු එලියෙන් මං සලකුනු විමසන්නද මට නිනව්වක් නොවුනි..ඈතින් යාන්තමට පෙනෙන සිහින් සහන් එලියකි.. එය ඔබේ නෙතු තරම් දීපතිමත්ය.. පැහැදිලිය..මා ඒ දෙස නොබැලුවා නොවේ..නමුදු මේ ජීවිත යාත්‍රාව ඒ සහන් එලියෙන් පැදවීමට මට කිසිදු දහිරියක් නැත..මා මේ යනෙන මග නැවත වරක් වරද්දා ගැනීමට මට ඇවැසි නොවීය.. මේ අදිටන් කරගත් තීරනාත්මක ගමන මා යා යුතුමය..
නැවතත් මා මේ ජීවිත සයුර තුල ඔබේත් මගේත් අතීතයේ මොහොතකට තනිවීමි..ඒ අතීතයේ තනිවී ලතැවෙන්නට සුසුම් ලමින් ඉකිබිඳින්නට මට හැකිය..පාලුවෙන් වියරු වැටුනු මගේ තනි හිතට එයද සැනසුමකි.. ඔබේ හිත ලගට වඩාම සමීප වූයේ මාය..ඒ සහෝදරකමද මිතුරුකමද කියා මම නොදනිමි..නමුදු මා දන්නා ඔබ නො දන්නා එකම එක බැඳීමක් විය..ඒ ඔබට මගේ පනටත් වඩා මම පෙම් කල බැව්ය...ඔබේ සිනාව දෙස බලා මම අනන්තවත් තුටු වීමි.. ඔබේ කඳුලු දෙස බලා මාද සිත යටින් වැලපීමි..තවත් විටෙක ඔය දොඩමලු දෑස් මත මා ගොලු වූ වාර අනන්ත වීය..නිහඬවම මා ඔය නෙතු සමග දොඩමලු වූ දවස් එමටය..නමුදු කිසිදා ඔබට මා වටහා ගැනීමට නොවුමනා විය..
තවත් වරක් මා එදෙස බැලීමි..ඒ එළිය සියුමැලිය..සැබෑවකි මා නෙතු විමසන්නේ එවන් සහන් එළියකි.. එහෙත් මා මගේ දෑස් මානයේ දිලෙන පහන් ටැඹ්න් පාර නොඅසා ඈත ආකහේ දිලෙන තරු එළියෙන් මග විමසාගෙන මේ ජීවිත යත්‍රාව පදවන්නට අදිටන් කරගෙන හමාරය. මගේ අරමුනට බාධක එමටය.. මේ අඳුර..මේ චන්ඩ සයුරු තෙර සේම උමතුවෙන් මෙන් මා ඔබට පෙම් කල ඒ යුගයද මගේ ගමනට බාධාවකි. එහෙත් විටක රළු වන විටක සියුමැලි වන මේ ජීවිත සයුර දිගේ ඈතින් පෙනන නුඹ දෙස බලා ආපසු නොහැරී මම මගේ ගමන යන්නට මගේ ආත්මයට දිවුරුම් දී අවසන්ය.
ඉඳින් මට ඇවැසි නොවූ ප්‍රේමය පසෙක දා ඔබ නමින් තව දුරටත් මිතුරුදම් පුරන්නට මට නොහැක.. එබැවින් මා සමු ගනිමි.. සදහටම ඔබෙන් සමුගෙන යමි..නැවතත් කිසි දින සිහිනෙකදු ඔබ හමුවීමට මම නොපතමි.. මේ ප්‍රේම සිහිනය ලියවුනු ඒ අතීතය පොඩිකර සැඩ සයුරට විසිකර මගේ සිහිනය මෙතකින් හමාර කර ගනිමි..
“සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා..නෞකාවකි ඔබ ඈත සමුදුරේ..”
එහෙම පොඩි කරල විසි කරන්න පුළුවන්ද??
ReplyDeleteමට ඔය ටික කරගන්න බැරුව තාමත් දුක විදිනවා! :(((
අපි හැමෝ ම ඔතනදි අසරණයි නේද?
Deleteඔයා මේ කතා ලියන්නේ කොහොමද.කතාව ලියල පින්තුරේ දානවද නැත්නම් පින්තුරේ ගැන විස්තරයක් කතාව විදියට දානවා.කොහොම උනත් .ලස්සයි..
ReplyDeleteමේක ගොතපු එකක් නේද? කියන්න ඔය කවි හිත එහෙමම නේද තාමත්?
ReplyDeleteනියම අර්ත කතනයක්. ඔයා ගී සිතුවම් බ්ලොග් එක කියවනවද? ඒකෙත් මේ වගේ හුගක් සින්දුවලට ලස්සන කතා ලියල තියෙනව.
ReplyDeletehttp://geesithuvam.blogspot.com/
දැන් එයා ලියන්නෙ නැහැ. එයා ලියපු මුල්ම ලිපි සෑහෙන ලස්සනයි. සෑහෙන හැගුම්බරයි.
යා යුතුම මගක් ඇතිමුත්
ReplyDeleteයා යුතුම බවත් දතමුත්
කෙලෙස ඔබ හැර යන්නේ
ඔබය මා සනසන්නේ
සිහින නැත මියැදෙන්නේ
රසය නැත අඩුවෙන්නේ
එහෙව් සිහිනය කෙලෙස සගවම්
සයුර සගවන දෙයක් නොම නම්
ඔයාගේ සිතුවිලි හරිම ලස්සනයි කථාවට ගැලපෙන පින්තූරේ මාර එලියක් දෙනවා වචන දහස් ගානක කතාවක් සරලව කියපු හැටි මාරයි...ජය වේවා අක්කේ
@ Nuwan Tharaka : අතීතයක් පොඩි කරල විසි කරන්න බැරි වෙන්න පුලුවන්..ඒත් වර්තමානය අවුල් කරල අනාගතයට බාධාවක් වෙයි කියල හිතෙන අතීතයක් හිතෙන් ඈත් කරන එක කාටවත් නෙමෙයි අතීතය වෙනුවෙන් විදවන තමන්ටම අස්වැසිල්ලක් වෙයි..එහෙම නේද?
ReplyDelete@ අසරණයා : ඇත්තටම කතා ලියන්නෙ නම් මම ආසම ගීත වලට විතරයි..ගීතයක් අහද්දි ඒ ගීතයේ තේරුමත් එක්ක වෙන්න පුලුවන් කියල හිතන සිද්ධියක් තමයි කතාවට ලියන්න උත්සහ ගත්තෙ..මම ගීත විචාර කරන්න නම් දන්නෙ නැහැ..මට හිතෙන හැටි විතරමයි මේ කතා වල ලියල තියෙන්නෙ.. ඊට පස්සෙ තම ඒකට ගැලපෙන්න පින්තූරයක් සොයාගත්තෙ..
(බොරු මොකටද ඉතින් සමහර දවස් තියෙනව හිතම හිස් වෙලා තියෙන ලියන්න කිසිම දෙයක් හිතට එන්නෙ නැති.. ..එතකොටනම් මම කවියක් ලියාගන්නෙ පින්තූරයක් දිහා බලන් ඉඳල තමයි..D)
@ බට්ටි: අනේ ඔව් බට්ටියො ගොතපු කතාවක් විතරයි..මගේ හිත එහෙමමයි..ඒ හිතනම් කොහේවත් විසිකරන්නෙ නැහැ..
ReplyDelete@ Hishan Melanga:ඇත්තටම අර්ථකතනය හොඳද..ගී සිතුවම් බ්ලොග් එක මීට කලින් නම් කියවල තිබුනෙ නැහැ..ඒත් දැන් නම් කියවන්න ඕනා.. :)
@ ගැමියාගේ පත් ඉරුව : ආ .. මගේ සිතුවිල්ලට පටහැනි කවියක් ලියලනෙ..මම යනව කියද්දි මෙන්න මෙයා බෑ කියල :O
ලස්සනයි මල්ලි කවිය..හැබැයි ඉතින් බ්ලොග් කියව කියව කවි ලිය ලිය ඉන්නෙ පාඩම් කරන්නත් ඕන නේද..ඔයාටත් ජයෙන් ජය..
ඔයා යන්න හැදුවට මට නම් යන්න බෑ කියන අදහස දෙන්නයි මම ඒ කවිය දැම්මේ එහෙම යන්නේ කොහොමද....හි හි ඒවත් කොරන්න ඕනේ තමයි අක්කෝ මගේ බ්ලොග් එකට ලිපියක් ලියැවෙන්නෙත් නැත්තේ ඒකයි ඒත් බ්ලොග් නොකියවා ඉන්න බෑනේ....ජය වේවා ජය වේවා
ReplyDeleteලගින් ඉන්න බැරි නම්
ReplyDeleteදුර ඉදන් බලන් ඉන්නම්............
පෙම්වතිය වෙන්න බැරි නම්
හොද යෙහෙලියක් වත් වෙනවා නම්.......
කදුළු පිස ගන්නම්
ඔබ ඔහුට හිමි වෙලා නම්.........
මමත් හිනැහෙන්නම්
ඔයා සතුටින් නම්.................
ඒ සහෝදරකමද මිතුරුකමද කියා මම නොදනිමි...
ReplyDeleteමා මේ යනෙන මග නැවත වරක් වරද්දා ගැනීමට මට ඇවැසි නොවීය..
මේ අදිටන් කරගත් තීරනාත්මක ගමන මා යා යුතුමය..
කියන්නට බොහෝදේ ඇතිමුත්.....
ආපසු නොහැරී ඉදිරියටම යන්නට අදිටන් කරගතිමි....
ලස්සනයි.....
ReplyDelete"මේ ප්‍රේම සිහිනය ලියවුනු ඒ අතීතය පොඩිකර මේ සැඩ සයුරට විසිකර මගේ සිහිනය මෙතකින් හමාර කර ගනිමි.." මෙහම කරන්න පුලුවන්ද.දුකයි...ඒත් මේක ලියලා තියෙනවා ලස්සනයි
ReplyDeleteඇඩෙනවා තනි ඇහැට.... ඔච්චර ශක්තිමත් හිතක් ලැබුනු එකට ආඩම්බර වෙන්න. මටත් ඔහොම දෙයක් වෙලා තියෙනවා. ඒත් මට දැන් හබල් ගාන්න බැරි තරමට... ම්.. මගේ බෝට්ටුව නම් හිටල වගේ....
ReplyDelete@ ගැමියාගේ පත් ඉරුව :හෙහෙහ්..හොඳයි හොඳයි..ජයවේවා පොඩි එකාට..
ReplyDelete@ රෙප් මහත්තයා :හරිම ලස්සන කවි සිතුවිල්ලක් නෙව..රෙප් මහත්තය මේ පැත්තට ගොඩවුන මුල්ම වතාවනෙ මේක..
@ f3b9a0b8-fca1-11e0-be81-000bcdcb2996:හ්ම්ම්..
@ Senna :ස්තූතියි අයියා..
@ පුංචි කුමාරිහාමි : දුකනම් තමයි..ඒත් ජීවිතේ පුරාම නොලැබෙන දෙයක් පස්සෙ ලුහුබඳින්න අමාරුයි නේද..
ReplyDelete@ Shaggy : ශක්තිමත් වෙන්න ..බෝට්ටුව හිල් උනත් හැකි තරමක් දුර හබල් ගාගෙන ඇවිත් ඉතුරු ටික පීනගෙන හරි ඉලක්කයට යන්න..ඔක්කොම විසඳගන්න පුලුවන් වෙන්නෙ දිගක් පලලක් නැතුව හිතෙන හිතෙන දේ කරන අපේ මේ හිත පාලනය කරගැනීම මගින් තමයි නේද..
(අද නේද මුලින්ම මේ පැත්තට ගොඩවුනේ..සාදරයෙන් පිලිගන්නවා සිත් රූ සිහිනයට..)
මාරම ලස්සනයි ඈ... පට්ටම පට්ට මෙව්ව එක. මේ මට පොඩි අවුලක්, දන්නැති නිසා අහන්නෙ, සහන් එළිය කිව්වෙ හද එළියටද..?? මට ඒකෙ අර්ථය වැටහුනේ නැහැ නෙව.. දිගටම ලියන්න, එළ කිරි ඈ.. ජය වේවා...!!!!
ReplyDeleteලස්සන අදහසක්.. .....
ReplyDeleteඑහෙම කියල හිත රවට ගන්න බෑ.......
ReplyDeleteඇත්තම කියුවොත්නම් පාඩම් කරන්න තියා ඔලුව කෙලින් තියගන්නවත් බෑ.....
මොලේ අමරුවක් වෙන්නඇති......
ඔයා මං දිහා ඔය විදිහට බලන්නේ ඇයි කියල මං දන්නවා...
"මම හිතුවටත් වඩා මෝඩ පිස්සෙක්..."
වෙන්න ඇති.. මම ආදරය කරපු එකේ ප්‍රතිපල
එහෙම වෙන්න ඇති...ඔයා මට තවමත් ආදරෙයිද..
ඔයා කවදා හරි මට ලැබෙයි ද...
ඒවාට උත්තර හොයන්න මම
තවත් වෙහෙසෙන්නේ නැහැ....
ජිවිතයේ අතරමග හමුවුණු ඔයා හින්දා......
අද මම යන්නේ...
යන්න හිටපු පාරකමද කියලා නිනව්වක් නැතිඋනත්..
එකට ඔයා වැරදි නැහැ... මම දන්නවා..
මම මේ යන්නේ කොහෙටද කියලවත්.. මං දන්නේ නෑ....
මම යන්න හිටියේ කොහෙද කියලවත්
මට දැන් මතකයක් නැහැ..
මතක එකම දේ...
ඒ ලස්සන අපි දෙන්නගේ හමුවීම විතරමයි...
මම කලේ හරිද.... වැරදිද... මම දන්නේ නැහැ..
එක [ඇහින්වත් නොදකපු කෙල්ලෙක් හින්දා
මගේ මුළු ජීවිතේම මම විනාස කරගන්නවද..
ඒක මම දන්නේ නැහැ..
දන්නේ මම ඒ කෙල්ලට පනටත් වැඩිය ආදරය කරපු බව විතරයි...
මේ වචන අහල පුරුදු බයිලා වෙන්න ඇති...
එත් මේ හැර වෙන කොහොම ඒක කියන්නද කියල
මම දන්නේ නැහැ....
"මම ඔයාට ආදරෙයි.., ඔයත් මට ආදරෙයි නේද..?"
ඒ කියලා ඉල්ලගන්න ජාතියේ ආදරය...
වෙන්න ඇති...
ඒත් කොල්ලෝ වෙච්ච අපට උරුම ආදරේ වෙනස්.....
"මම ඔයාට ආදරෙයි... ඔයාට විතරමයි..
ඔයා මට ආදරේ කරත් නැතත්...
මට මම ඔයාට හැමදාම ආදරේ කරගෙනම ඉන්නවා...
හැමදාම... මැරෙනකන්..."
ඒ තමයි, මම වගේ පිස්සන්ට උරුම ආදරේ හැටි.....
එහෙම කියල හිත රවට ගන්න බෑ.......
ReplyDeleteඇත්තම කියුවොත්නම් පාඩම් කරන්න තියා ඔලුව කෙලින් තියගන්නවත් බෑ.....
මොලේ අමරුවක් වෙන්නඇති......
ඔයා මං දිහා ඔය විදිහට බලන්නේ ඇයි කියල මං දන්නවා...
"මම හිතුවටත් වඩා මෝඩ පිස්සෙක්..."
වෙන්න ඇති.. මම ආදරය කරපු එකේ ප්‍රතිපල
එහෙම වෙන්න ඇති...ඔයා මට තවමත් ආදරෙයිද..
ඔයා කවදා හරි මට ලැබෙයි ද...
ඒවාට උත්තර හොයන්න මම
තවත් වෙහෙසෙන්නේ නැහැ....
ජිවිතයේ අතරමග හමුවුණු ඔයා හින්දා......
අද මම යන්නේ...
යන්න හිටපු පාරකමද කියලා නිනව්වක් නැතිඋනත්..
එකට ඔයා වැරදි නැහැ... මම දන්නවා..
මම මේ යන්නේ කොහෙටද කියලවත්.. මං දන්නේ නෑ....
මම යන්න හිටියේ කොහෙද කියලවත්
මට දැන් මතකයක් නැහැ..
මතක එකම දේ...
ඒ ලස්සන අපි දෙන්නගේ හමුවීම විතරමයි...
මම කලේ හරිද.... වැරදිද... මම දන්නේ නැහැ..
එක [ඇහින්වත් නොදකපු කෙල්ලෙක් හින්දා
මගේ මුළු ජීවිතේම මම විනාස කරගන්නවද..
ඒක මම දන්නේ නැහැ..
දන්නේ මම ඒ කෙල්ලට පනටත් වැඩිය ආදරය කරපු බව විතරයි...
මේ වචන අහල පුරුදු බයිලා වෙන්න ඇති...
එත් මේ හැර වෙන කොහොම ඒක කියන්නද කියල
මම දන්නේ නැහැ....
"මම ඔයාට ආදරෙයි.., ඔයත් මට ආදරෙයි නේද..?"
ඒ කියලා ඉල්ලගන්න ජාතියේ ආදරය...
වෙන්න ඇති...
ඒත් කොල්ලෝ වෙච්ච අපට උරුම ආදරේ වෙනස්.....
"මම ඔයාට ආදරෙයි... ඔයාට විතරමයි..
ඔයා මට ආදරේ කරත් නැතත්...
මට මම ඔයාට හැමදාම ආදරේ කරගෙනම ඉන්නවා...
හැමදාම... මැරෙනකන්..."
ඒ තමයි, මම වගේ පිස්සන්ට උරුම ආදරේ හැටි.....
කලින් පෝස්ට් එක දෙපාරක් වැටිලා, මගෙ අයි ඩී එක හරියට ඩිස්ප්ලේ වෙන්නෑ ඉලක්කම් ටිකක් එන්නෙ, ඔපන් අයිඩී වල අවුලක් වගේ..
ReplyDeletehttp://openid.aol.com/ionhide
https://api.screenname.aol.com/auth/openid/name/ionhide
@ f3b9a0b8-fca1-11e0-be81-000bcdcb2996 :ලස්සනයි..ඒත් ආයෙත් කියනව ආදරේ කියන්නෙ ජීවිතේම නෙමෙයි..මොනව කලත් ඉගෙනීම වැඩ අතපසු කරගන්නෙපා..
ReplyDeleteමටත් ඩිස්ප්ලේ වෙන්නෙ නම නෙමෙයි අකුරු ටිකක්..අමනාපයක් නැත්නම් ඔයාගෙ නම දැනගන්න කැමතියි..
පෙනුමෙන්ම ගැහැණු බව පිරුණු ,හරි අපූරු බ්ලොගයක්.
ReplyDeleteලස්සනයි....
ReplyDelete(මම අදමයි මේ දිහාවට ගොඩ වැදුනේ...)
කියවන් යද්දි අතීතයට ගියා වගෙයි දැනුනෙ.ලියල තියෙන විදිහනම් ගොඩාරියක් ලස්සනයි යාළු.
ReplyDelete@ මන්ඩිපාල: ස්තූතියි මන්ඩි..සහන් එළිය කියල මම අදහස් කලේහිත පතන සැනසුම් දායක බව..අනේ මාත් සිංහල පරතරේටම දන්නෙ නෑ යාලු..O/L වලට තමයි අන්තිමට සිංහල ඉගන ගත්තෙ..ඔයාටත් ජයෙන් ජය!!!
ReplyDelete@ ඔබ නොදුටු ලොවක් : ස්තූතියි අයියෙ..
@ ෴සොඳුරු සිත෴ :ගොඩාක් ස්තූතියි ඔයාට මේ පැත්තට ගොඩ වුනාට..:)
ReplyDelete@ ලොකු පුතා :ස්තූතියි ලොකූ..ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා..:)
@ සිහින මතකයන්:ස්තූතියි යාලු..නම් ගම් වෙනස් වුනාට ගොඩාක් දෙනෙක්ගෙ අතීතය එක වගේ නේද..මගේ බ්ලොග් එකට ගොඩ වුනාට ඔයාටත් ගොඩාක් ස්තූතියි.. :)
ලස්සනයි ඇත්තටම.. මේක ඇත්තම කතාවක්ද කියලත් හිතෙනවා..
ReplyDeleteසෑම් කලින් මේ පැත්තේ ආව වගේ මතකයි. මේ පෝස්ට් එකට හිත ගිය නිසා අද ඉදන් ෆලෝ එකක් දෙනවා. අපේ පැත්තෙත් එන්න..
ReplyDelete//නෞකාවකි ඔබ ඈත සමුදුරේ..”// නන්දා මාලනීගේ සිංදුවක් නේද?
ලස්සනයි !
@ Dinesh : ස්තූති වෙන්න ඕනා දිනේශ්..මේක ඇත්ත කතාවක් නෙමෙයි ගොතපු කතාවක්.. :)
ReplyDelete@ sAm (සෑම්) : සෑම් කලින් ආව කියලනම් මතකයක් නෑ මට..සාදරයෙන් පිලිගන්නවා මගේ ගෙදරට..ඔයාලගෙ පැත්තෙත් අනිවාර්යෙන්ම එනවා..
මේ ගීතය නන්දා මාලිනියගේ නෙමෙයි..මේක ගායනා කරන්නෙ ප්‍රදීපා ධර්මදාස සමග ලක්ෂ්මන් විජේසෙකර.ස්තූතියි යාලු මේ පැත්තෙ ආවට.. :)
හුඟාක් ලස්සනයි!!!
ReplyDeleteලස්සනයි ඒත් ඇත්තක් නෙවේ කියල හිතනවා....එහෙම උනත් ලස්සනයි...!!
ReplyDeleteලස්සනයි ඒත් ඇත්තක් නෙවේ කියල හිතනවා....එහෙම උනත් ලස්සනයි...!!
ReplyDelete@සිත්රූ සිහින - අප්පට හුඩු ප්‍රදීපා ධර්මදාස නේද කියන්නේ.. ආපු පලවෙනි දවසෙම චාටර්ද මන්දා හිකිස්...
ReplyDelete@ හිතුවක්කාරි: ස්තූතියි යාලු..
ReplyDelete@ වින්චැට්කිරිල්ලි. :ස්තූතියි කිරිල්ලි..ඇත්තක්නම් නෙමෙයි..හිතුන දෙයක්..
@sAm (සෑම්) :හි හි..අවුලක් නෑ..මොන චාටර්ද දැන් ඉතින් අපි යාලුවොනෙ.. ;)
අද තමා ඉස්සෙල්ලම මේ පැත්තට ආවෙ....
ReplyDeleteගොඩක් ලස්සනට ලියලා තියෙනවා...මතකයන් ගොඩක් අලුත් වුනා... :'(
මේ වගේ සිතුවිල්ලක්වත් එන්න එපා. එක දරන්න බැරි ආත්මගත වේදනාවක්.
ReplyDelete