මලානික සඳ එළිය විසිරුන
යහන මත රූ රටා මවමින
ප්‍රේම සිතුවිලි සෙමින් දිගහැර
සිත රිදෙන පවසින් විඩාවින
ලබැඳි සෙනෙහස් සිත දරාගෙන
නෙතු පියන් තද කොට පියාගෙන
රැහයි නාදෙට කන් යොමාගෙන
පැය ගනන් නිදි නැතුව ලතවින
නොලද සැනසුම තවත් දිගු විට
ඔබෙන් ඇයදූ නේක හැඟුමන
යහන පාමුල බිඳි විසිරී
එකින් එක කඳුලින් ගිලී යන
නේක සැප සම්පතක් නැතුවට
හිතට නුඹ ඇති තුටින් ඉන්නට
තනි වූ යහනෙ නුඹ පතා මට
නොදේ ඉවසුම් අඳුරු රැයකට
ඉරි තැලී හිත තැලී පොඩි වී
හෙටත් අලුයම උදාවනවිට
කඳුලු පිසදා සිනාසෙන්නම්
ලබනු රිසියෙන් ඔබේ උනුහුම
සතුට ඉහිරී වැටෙන තුරු මට
සුසුම් උනුසුම අරන් පපුවට
තබා ඔය රුව මගේ හිත යට
විඳිමි මේ දුක ඉතිරි දෙමසට
රෑ මැදියම් අඳුරේ
ReplyDeleteනෙතු නොපියවා...
සිතුවිලි මා සයුරක
මා කිමිදිලා...
මගේ ආදර දෙව්දූ
මම සිහිකලා...
කඳුලැලි බිඳු ඇවිදින්
නෙතු බොඳ කලා...
සිතු නිතරම හඬනා
ඔබ නැති නිසා...
නෙතු නිතරම සොයනා
ඔබ කොහෙ කියා...
සඳ සෙවනැලි වැටිලා
ඔබ රුව සිහි කලා...
දැකගන්නට ඔබේ රූ
තව වෙයි පමා...
ඒ ටික දින ඉන්නම්
මේ දුක දරා...
ඔබ දකිනට එනතුරු
මට ලංවෙලා...
ඉන්නා එක සතුටක්
දුරකතනින් ඔයා...
මේ මම මගේ ආදරීට ලියූවක් මෙතැනට ගැලපෙයි කියලා හිතෙනවා අක්කේ...මේ කවියට අනුව අක්කගේ අයියත් මේ විදියටම හිතනවා ඇති කියලා මම හිතනවා...කවිය ලස්සනම ලස්සනයි මගේ ආදරීත් මේ විදියටම දවසක් දවසක් ගානේ දුක්වෙනවා ඇති.ඒත් තව කාලයක් යනකන් ඉවසන්න වෙනවනේ අක්කෝ එතකන් සැනසුම මේ කවි ලියන එක තමා මටනම්...
ඔහ් හෝ.. ඉතිරි දෙමසට... !
ReplyDeleteඔය ටිකත් ඔහොම කාගන යන්.. මට මතකයි අව්රුද්ද පටන් ගද්දී කිව්වා මේ වසරේ කූඩුවෙනවා කියලා..
ජය !!
This comment has been removed by the author.
ReplyDeleteඉතිරි දෙමසට....තව ටික කාලයයිනේ
ReplyDeleteඇයි මොකද ඉතිරි දෙමස.අව් අව් අපිටත් කේක් එවනවයි..
ReplyDeleteඉතිරි දෙමසක් වුණාට හිතට දැනෙන වේදනාව අවුරුදු දෙකක් ගාණට නේද... :)
ReplyDeleteඒ දෙමසත් ඉක්මනටම ගෙවිලා ඒ දිනය දුකක් නැතිව උදාවෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!!! :)
හි හි අපෝ.... මෙච්චර කල් බලන් උන්නු කෙනාට මාස දෙක මොකක්ද? :)
ReplyDeleteඉස්කෝලේ යන්න දීපූ සල්ලිවලින් ගත්ත ෆෝන් එක අම්මා හැංගුවා කියලා කරාබු දෙක උගස් කරලා තව ෆෝන් එකක් අරං අවු 14ක ගෑනු ලමයෙක් කොල්ලට කෝල් කරලා මාට්‍ටුවෙලා කියලා පත්තරේ තිබ්බා.
ReplyDeleteරැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ!
ReplyDeleteජීවිතේ දුර නම් ඔය මාස 2 මොකක්ද!:)
සුළං රැලක් වී සිත් වෙත ඇවිදින්
ReplyDeleteසෙවණැල්ලක් මෙන් ළගින් රැදේවා !
පහන් වැටක් වී ඔබගේ දිවියම
ඔහුගේ දෙනෙතින් එළිය කරත්වා!
මාස දෙකත් කාලයක්ද අක්කේ.. ඕකත් ඉක්මනට ගෙවිලා යාවි.. අපිට එහෙම හිතුනට ඒක සෑහෙන කාලයක් හිතටනම්..
ReplyDeleteතවටික කාලයයිනේ අක්කේ......
ReplyDeleteහික් හික්. ඉතින් අපේ කවි කාරිගෙ කවි මාසදෙකකට පස්සෙ කොහොම වේවිද?
ReplyDeleteමේක නම් නියමයි. හැබැයි ලියන එක හෙම නතර කරනව නෙවි හොදේ.
එහෙනම් මම congratulations කියල දැන්මම කියන්නම්. අපිට කේක් පෝස්ට් කරන්න.
මාස දෙකයිනෙ... ඉවසලා ඉන්න අක්කෙ..ඔයාගෙ සිතුවිලි හරිම ලස්සනට ගලපලා.
ReplyDeleteඔන්න ඔන්න ඕකනෙ කියන්නෙ ළමයිනේ.........''අල බහින කම් ඉන්න පුලුවන්ලු ඒත් තැම්බෙන කම් ඉන්න බැරිලු''...:):)
ReplyDeleteඉක්මනින් ඔය මාස දෙකත් ඒවි.....ලස්සන කවි කතාවක්.....
ReplyDeleteලස්සන අදහසක්.ඉක්මනින් කාලය යයි දුක් වෙන්න එපා..
ReplyDeleteඉක්මනටම මාස දෙක ගත වේවි.. දුක් වෙන්න එපා අක්කා...
ReplyDeleteඔක තමයි සැබෑ ආදරය, හැමදාම ලගින් ඉන්නවට වඩා ඔහොම උන එක හොදයි. බලන්න ඔය දෙන්නට ඔය දෙන්නගෙ අඩුව කොච්චර දැනෙනවද ඒකෙන් ආදරය තව තවත් වැඩි වෙනවා... ඔය මාස දෙකත් ඉවසලා හිටපන් කෙල්ලෙ, උබට වරදින්නෙ නෑ.......
ReplyDeleteඉවසන්ට දරුවා ඉවසන්ට !
ReplyDelete@ ගැමියාගේ පත් ඉරුව: හරිම ලස්සනට කවි පද ටික ගලපලා තියෙනවා..අක්කගෙ අයියත් මෙහෙම හිතනවා ඇති තමා..ඒත් චුට්ටක්වත් කවි ලියන්න නම් එයා දන්නැහැ..:D
ReplyDeleteඔව් මල්ලියො..අපිටත් දුරකතනයි ස්කයිප් එකේ පිහිට විතරයි මේ දවස් වල..ඒත් තව ටික දවසකින් එයා ලංකාවට එනවා.. :-)
@ Senna : හෙ හෙ ඒකතමයි..
ReplyDelete@ ගැමියාගේ පත් ඉරුව :මොනවද මේ ආයෙ ලියල මකල දාල තියෙන්නෙ ඈ.. :OO
@ සයුරි : ඔව් යාලු..ඒ ටික කාලය කල්පයක් වගේ.. :(
ReplyDelete@ අසරණයා :අයියෝ වචනෙ වැරද්දෙන් උන දෙයක්..දැන් ඉතින් අසරණයට කේක් දෙන්නත් වුනානෙ.. :D
@ නන්ඳු :ඒකනම් ඇත්තම ඇත්ත යාලු..අවුරුදු ගාණක් බලන් හිටියා..ඒත් මේ තරම් හිත කලබල වුනේ නැහැ..දැන් නම් මේ මාස දෙක හරිම දුරයි වගේ..
ReplyDelete@ Shani : ඔයා බලන්නකො නංගා වෙඩින් එකට මාස 2ක් විතර තියල..මොකද හිතෙන්නෙ කියල :P
@ ඔබ නොදුටු ලොවක් :අනේ මංදා අයියෙ දැන් ඉන්නෙ මාර ළමයි තමයි..අපි පොඩි කාලෙ ඕවගේ වැඩක් බය නැතුව කරන්න පුලුවන්ද..
ReplyDelete@ නුවන් :ඒකනෙ නේද?
@ බට්ටි : ගොඩාරියක් ස්තූතියි බට්ටියො..ඔයාගෙ ජීවිතෙත් එලිය කරන්න ඒ වගේ ඇස් දෙකක් ඉක්මනින්ම හමුවෙන්න ප්‍රාර්ථනා කරනවා..
ReplyDelete@ Dinesh :ඇස් දෙක ලඟට දකින්නවත් හිටියනම් හිත පිලිගනියි..ඒත්.. :(
@ f3b9a0b8-fca1-11e0-be81-000bcdcb2996 :හෙහෙ ඒකනෙ..ඔන්න ඕකත් යයි ඉක්මනට..
ReplyDelete@ Hishan Melanga :ඒකත් ඇත්ත තමා..බ්ලොග් එක වහල දාන්න වෙයිද දන්නැහැ..ලියන්න කවි නැතුව..
කේක් පෝස්ට් එකි නැතත් ගෙදරටම ගෙනත් දෙන්නම්කො..මේ ලඟ පාතනෙ ඉන්නෙ..:D
@ හිතුවක්කාරි : ස්තූතියි හිතූ..බලමු බලමු.. :-)
ReplyDelete@ වින්චැට්කිරිල්ලි.: හි හි :D
@ සිහින මතකයන් : ස්තූතියි සිහින :-)
@ පුංචි කුමාරිහාමි : ස්තූතියි පුංචි
ReplyDelete@ ප්‍රාර්ථනා : ම්ම් බලමු නේද?
@ Shaggy : ඔව් ශැගී..මේ දවස් ටිකේ මට ඒ අඩුපාඩුව හොඳටම දැනුනා..
@ sAm (සෑම්) : ඉවසන්න.. :D
හරි.. මුළදි ලියලා තියෙන ඒවා කියවද්දි හිතුනේ වෙන දෙයක්නේ අෆ්ෆා.. ෂික් විතරක්..
ReplyDeleteකමක් නෑ. කාට කාට හරි හරි යනවනේ..සුභ පැතුම් හොදේ.. ඔන්න මට නම් කේක් එපා.. ඒ වෙනුවට පාන් දෙන්න.. :)
නරකද දැන්ම ඉදලා පුංචි පැටව් ගැනත් මොන මොනවා හරි කුරුටු ගාලා තියා ගත්තොත්.. :)
ප.ලි. - මාස දෙක ඉක්මණින්ම යවා ගන්න ලේසිම ක්‍රමේ තමා කැලැන්ඩරේ කොළ දෙක කඩලා දාන එක.. (බලන්න ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද කියලා..) :D
ඔය කිව්ව මාස 2 ඉක්මනටම ගෙවිල යන්න කිව්ව ඕං.....
ReplyDeleteමම මුලින්ම කවිය ලියලා දාලා පහුවදා ඇවිත් බලද්දි ඒක මිසිං...දෙවෙනි පාරටත් ලිව්වා ඊට පැයකට විතර පස්සේ ඒකත් මිසිං...මම ඉතිං අහිංසක කොමෙන්ටුවක් ගැහුවා
ReplyDelete"කවුද යකෝ කොමෙන්ට් උස්සන්නේ" වගේ එකක් අන්තිමේ ඇවිත් බලද්දි අන්තිමට දාපු කොමෙන්ට් එක තිබුන නිසා අර අහිංසක විමසීම මකලා දැම්මා