ඉස්තරම්ම ආදරයක්
ඔබ දෝතට අරන් ඇවිත්
ආසයි මට රැඳී ඉන්න
නෙතු අතරේ ටික මොහොතක්..
පරිස්සමට මම ඇවිදින්
තුරුලු කරන් ආදරයෙන්
මට ආසයි කියා දෙන්න
හිත නිවනා පෙම් කවියක්..
ඔබ දෝතට අරන් ඇවිත්
ආසයි මට රැඳී ඉන්න
නෙතු අතරේ ටික මොහොතක්..
පරිස්සමට මම ඇවිදින්
තුරුලු කරන් ආදරයෙන්
මට ආසයි කියා දෙන්න
හිත නිවනා පෙම් කවියක්..
ලස්සන නිල් ඇස් දෙකකින්
සලනා මුදු හැඟුම් බැලුම්
නොතේරුනා වගේ ඉදන්
ආසයි රිදවන්න ටිකක්..
සලනා මුදු හැඟුම් බැලුම්
නොතේරුනා වගේ ඉදන්
ආසයි රිදවන්න ටිකක්..
මල් පෙති ඇතිරූ මෙලෙකට
ඔය දෙතොලේ පහස සොයන්
මට ආසයි සිප ගන්නට
පරිස්සමට එක මොහොතක්..
ඔය දෙතොලේ පහස සොයන්
මට ආසයි සිප ගන්නට
පරිස්සමට එක මොහොතක්..
විකසිත පෙම් පොකුරු අරන්
ආදරෙයෙ සුවඳ ඔබන්
මට ආසයි ඒ මල් වල
ලියන්න ආදරෙ තරමක්..
ආදරෙයෙ සුවඳ ඔබන්
මට ආසයි ඒ මල් වල
ලියන්න ආදරෙ තරමක්..
ලස්සනයි යාලු...තමන්ට ආදරේ කරන්න,ඩිංගක් රන්ඩු කරන්න කෙනෙ ළඔඟ ඉද්දි දැනෙන හැඟීම.අනේ කොහ්ම විස්තර කරන්නද......කලින් දවස් ආයිත් මතක් වුනා...හිතට ගොඩාක් දැනුනා.....
ReplyDeleteප.ලි: යාලු කලින් ඔයා පෝස්ට් එකක් නෙවෙයි කියල දැම්ම එකට මම කමෙන්ට් කරාට සමාවෙන්න හිත රිදවීමක් වුනානම්.මම බ්ලොග් වලට අලුත් නිසා තාම ඉගෙන ගන්නව යාලු.මම හිතුවෙ පෝස්ට් එකක් වෙන්න ඇති කියල.සොරී...........
මම 1 වෙලනෙ....
විකසිත සුන්දර මල් ගෙන
ReplyDeleteපාට පාට නෙක හැඩට තබා
නුඹට දැනෙන ඒ හිත ගැන
ලියන්න ආදරේ මහා ගොඩාක්.....
සිත් රූ ට තරම් අපූරුවට කවි ලියන්න මට බෑ...ඒත් අඅදරේ දැනෙන ,දනවන මේ කවි පෙලට මට ආදරේ හිතුනා...
@ සිහින මතකයන්:ගොඩාක් ස්තූතියි යාලු..එහෙම තමා ආදරේ හැටි..පුන්චි පුන්චි හිත් අමනාපකම් වුනත් ඒව නිසාම ආදරේ තවත් ලස්සන වෙනවා..ස්ථිර වෙනව..
ReplyDeleteකලින් පෝස්ට් එක ගැන කියනවනම් යාලු පෝස්ට් එක ඩිලීට් කරන්න කියල වගකිවයුත්තගෙන් ඉල්ලීමක් ආවා..ඒකයි එහෙම කලේ..:D නැතුව ඔයාගෙ කමෙන්ට් එක නිසා පෝස්ට් එක මකල දැන්ම නෙමෙයි..එහෙම හිතන්නෙපා.
මම එහෙම කරන්නෙ නෑ මගේ යාලුවන්ට.. :-)
@ හිතුවක්කාරි: නෑ නෑ හිතූට සිත්රූ ටත් වඩා හොඳට කවි ලියන්න පුලුවන්නෙ..මම හිතන්නෙ ආදරේ කරනකොට කවි ලියන්න හුරුවෙන්නෙ ඉබේම වෙන්න ඇති..
ReplyDeleteලස්සන කවි පොකුරක්!
ReplyDelete@ ලහිරු :හ්ම්ම් අලුත් යාලුවෙක් වගේ..හිනා පොකුරක් දීල මගේ බ්ලොග් පිටුවට පිලිගන්නවා.. :-)))
ReplyDelete//ආදරෙයෙ සුවඳ ඔබා//
ReplyDeleteමං ගැන නෙමේ නේද කිව්වෙ :-)
ලස්සනයි.....
ReplyDeleteමොකක්ද ඒ කලින් පෝස්ට් එකේ හුට පටේ.. මට එකක් මිස් වෙලාවත්ද.. ?
@ Observer : අප්පා දන්නෙම නැතිව ඔබා මාමටනෙ මම කවිය ලියල තියෙන්නෙ..:D
ReplyDelete@ Senna : තැන්කූ අය්ය..ආ ඒක මේ චූටි පෝස්ට් කෑල්ලක්..මම ඒක ඩිලීට් කාරානෙ..හික් හික්..
කවිපද හරිම අපූරුයි. මටත් මගෙ අතීත කතාවක් සිහිවුනා යාලු.
ReplyDelete@ කිරිපුතා : ස්තූතියි යාලු..අතීතය ගොඩක් දෙනාට ලස්සන කතාවක් මතක් කරනවා යාලු..
ReplyDeleteඅලුතින් නේද මේ පැත්තට ආවෙ..ඔයාව සාදරයෙන් පිලිගන්නවා..
හරිම ලස්සනයි කවි පන්තිය නම් සිත් රූ
ReplyDeleteකලින් පොස්ට් එකට මොනවද වුනේ කියලා බැලුවා.දැන් නේ හේතුව දන්නේ.කවිටිකනම් වෙනදා වගේම ලස්සනයි.
ReplyDelete" මට ආසයි කියන්න යලි
ReplyDeleteහිත නිවනා පෙම් කවියක්.."
මමත් මේවගේ දවසක් එනකන් තමයි බලාගෙන ඉන්නේ.. ලස්සනයි අක්කේ කවි පෙල..
මම නම් ආස මේ වගේම කවි පන්ති ටිකක් ඉදිරියටත් බලාගන්න.
ReplyDeleteඇති යන්තං ආදරණිය ගීතයක්...
ReplyDeleteලස්සන කවි කීපයක්
ReplyDeleteබොහොම ලස්සනයි...
ReplyDelete@ ප්‍රාර්ථනා : ස්තූතියි යාලු මේ පැත්තෙ ඇවිත් ගියාට..
ReplyDelete@ අසරණයා : හිහි ඒකනෙ නේද..නොකියම ඩිලීට් කරලත් ඉවරයි..
@ Dinesh : ඉක්මනින්ම ඒ වගේ දවසක් උදා වෙයි මලේ..ඇයි මේ දවස් වල ගෙවල් පැත්තෙ පොඩි කසු කුසුවක් තියෙනවලුනෙ ;)
@ හිතහොඳ පිස්සා: ම්ම් බලමුකො බලමුකො:)
ReplyDelete@ Hishan Melanga: අහ් ..ඇති යාන්තම්.. :D
@ හිස් අහස: තැන්කූ සඳරු..:)
@ ~~තරූගේ ලෝකය~~: ස්තූතියි තරු :)
ලස්සන කවියක්.....
ReplyDeleteහරිම සුන්දර ආසාවල් ටිකක් නේ...
ReplyDeleteමට කවි ලියන්න දන්නෙ නෑ..ඒත් කියවන්න දන්නව..ඔයාගෙ කවි ටික මල් වගේ ලස්සනයි..!
ReplyDeleteහරිම ලස්සනයි අක්කා....
ReplyDeleteහැමදා ළඟ නොහිටියාට
ReplyDeleteහැමදා තුරුලේ නැතුවට
ඔබ ඉන්නා සුළු මොහොතට
ආසයි නෙතු අමතන්නට
ඔබ යොමනා දෙනෙත් කැලුම්
ඔබ හෙලනා සතුටු සුසුම්
ඔබ මහදේ ලන ගෙත්තම්
ඇඳි සේමයි මා සිත්තම්
ආදරේට රිදවන්නට
පුංචි විහිළුවක් කලාට
ඒ හිනැහෙන පුංචි සිතට
රිදවනු බෑ හුරතලේට
මා හමුවූ විට සැලෙනා
මල් පෙති මුව සරසවනා
උණුසුම් පහසින් රැඳෙනා
චුම්බන මල් මාල ගෙනා
රතින් දිලෙනා නෙත් වලින්
එන්න වෙර දරනා කඳුලින්
ඔබ හෙලන සුසුමන් අතරින්
රැගෙන යමි ඔබ නොලියූ ලියමන්...
මම හෙන කාලෙකට පස්සේ තමයි බ්ලොග් කියවන්න ආවේ සෑහෙන්න වැඩ තිබ්බා ඔයාගේ මේ පෝස්ට් එකත් තව ඩිංගෙන් මග ඇරෙනවා....
ඔයාගේ කවි හැමදාමත් ලස්සනයි අක්කේ ඉතිං මටත් එකක් ලියලා යන්නමයි හිතෙන්නේ කවියක් නොලියවුනොත් ඒ වගේ මොකක් හරි ලියලා යනවමයි ඕං අදත් පත කොමෙන්ටුවක්....පහුගිය පෝස්ට් එක අන්තර්ධාන උනේ ඇයි කියලා දැනුයි තේරුනේ....
කොමෙන්ටුව උස්සලා අක්කෝ.....
ReplyDeleteහැමදා ළඟ නොහිටියාට
ReplyDeleteහැමදා තුරුලේ නැතුවට
ඔබ ඉන්නා සුළු මොහොතට
ආසයි නෙතු අමතන්නට
ඔබ යොමනා දෙනෙත් කැලුම්
ඔබ හෙලනා සතුටු සුසුම්
ඔබ මහදේ ලන ගෙත්තම්
ඇඳි සේමයි මා සිත්තම්
ආදරේට රිදවන්නට
පුංචි විහිළුවක් කලාට
ඒ හිනැහෙන පුංචි සිතට
රිදවනු බෑ හුරතලේට
මා හමුවූ විට සැලෙනා
මල් පෙති මුව සරසවනා
උණුසුම් පහසින් රැඳෙනා
චුම්බන මල් මාල ගෙනා
රතින් දිලෙනා නෙත් වලින්
එන්න වෙර දරනා කඳුලින්
ඔබ හෙලන සුසුමන් අතරින්
රැගෙන යමි ඔබ නොලියූ ලියමන්
දෙවෙනි පාරටයි මේං කොමෙන්ටුව දැම්මේ කලින් එක තිබුනොත් මේක අයින් කරන්නකෝ... ඔයාගේ කවි නම් හරිම ලස්සනයි අක්කෝ.... කලින් පෝස්ට් එකට මොකද වුනේ කියලා දැනුයි තේරෙන්නේ.... මේ කවි දැක්කම වචන පේලි දෙක තුනක් හරි කවියක් විදියට ලියන්න හිතෙනවා මාරයි... ජය වේවා අක්කේ
@ f3b9a0b8-fca1-11e0-be81-000bcdcb2996: ස්තූතියි යාලු
ReplyDelete@ සයුරි: ස්තූතියි සයුරි :)
@ වින්චැට්කිරිල්ලි. :එහෙනම් මල් මල් :D
@ Shani: ස්තූතියි ශානි නංගා.. :)
@ ගැමියාගේ පත් ඉරුව : කවදත් වගේ මල්ලියා මගේ බ්ලොග් එකේ ලියන කවිය අදත් හරිම ලස්සනයි..ඔයාගෙ කමෙන්ට් දෙකක් මට ඊ මේල් එකෙනම් පෙන්නුව..ඒත් මේකෙනම් පේන්න නෑ නොවැ..හි හි කලින් පෝස්ට් එක අමතක කරමු නේද..:D
ReplyDeleteඔයාටත් ජයෙන් ජය !!!