හිත ආලකම් පාන කිරි කෝඩු ආදරේ
හද ගැහෙන තාලයට වැයෙන විට ජීවීතේ
රෑ දිවා මතුවෙනා මදහාස සිහිනයේ
ලියවේවි කවි සඳැස් මේ ප්‍රථම ප්‍රේමයේ..
දිනපොතේ පිටු පුරා සැමරේවි ආදරේ
සඳ තරුත් සුපතාවි හිනහෙන්න ජීවිතේ
කුමුදු මල් සුවඳකින් දැවටිලා මදනලේ
රැඳෙමි රැකගමි සදා මහමෙරක් ආදරේ..
ඔබේ උණුහුම දිගේ සොයාවිත් ජීවිතේ
තැනූයෙමි මේ භවෙත් නවාතැන ඔය හදේ
සදාකල් රැකගන්න පුද දුන්නු ආදරේ
ලියුවෙමී රුහිරයෙන් පොරොන්දුව සෙනෙහසේ..
ප්‍රථම ප්‍රේමයෙන් නික්මෙන්න සිදුවුනා
ReplyDeleteඑක වැලන්ටයිනයක් විතරක් සමරලා
සදාකල් රැකගන්න පුද දුන්නු ආදරේ
මට හොරෙන් ඔහු මලගමට ගෙන ගියා
පළමු පෙමේ දැවටෙන්න
ඒ මිහිර විදගන්න
නොහැකි කම නිසා අද
මගේ හිත අඩනවා....
සිත් ඔයාගේ කවි ටික නම් හරිම ලස්සනයී. අපි ඉතිං අර වැඩත් පුළුවන් ගමත් ..... කට්ටියනේ නේද?
ලස්සනයි... කියන්න වචන නෑ...
ReplyDeleteආවොතින් ඔබ
ReplyDeleteනොබිඳ අත්වැල
තවත් දුර..
යාහැකිය ජීවිතේ..
හොදා..
ReplyDeleteඅම්මපා ඔය ආදරේ මහ පට්ට එකක් නොවැ..හැබැ පුතො..දැලිපියෙන් කිරි කන්නේ පරිස්සමට හරියට කෑවොත් මල් හතයි..නැත්තං අර යසට තිබ්බ කටත් නෑ..
ReplyDeleteලස්සනයි!
ReplyDeleteගීතයකට හොදයි කියල හිතෙනව!
ප්‍රථම ප්‍රේමෙ ඉතින් කියල වැඩක් නෑ.....
ReplyDelete//ලියුවෙමී රුහිරයෙන් පොරොන්දුව සෙනෙහසේ..//
ReplyDeleteහරිම ලස්සනයි!! කොහොමද මේ තරම් ලස්සනට කවි ලියන්නෙ??
සෙනෙහසේ පොරොන්දුව හැමදාව සුරැකිව තියේවි කියලා ප්‍රාර්ථානා කරනවා..
ReplyDeleteකවියනම් මරු..
ReplyDeleteප්‍රථම ප්‍රේමයනම්.. විකාරයක්...
මාර ලස්සන අදහසක් හැමදාම වගේ ඔයාගේ නිසදැස් වල තියෙන අදහස් නිසා මටත් මෙව්වා ලියන්න හිතෙනවා කොච්චර දිග වුනත් ඉතිං දාලාම යන්නේ වචන මගේ උනාට සිතුවිල්ල ආවේ ඔයාගේ හැකියාවෙන් නිසා...කොයිතරම් අදාලද දන්නේ නෑ ඔහේ ලිව්වා කොහොමහරි අදාල කොරන් කියවන්නකෝ....පොරොන්දුව හැමදාම රැකේවා....
ReplyDeleteදුර උන්නු ඔබෙ මුහුණ සිතේ ඇඳගත් වනම
ළඟට ඇවිදින් අයැදි ආදරේ දෝතට ගතිමි
ඒ නමුත් ඔබ අතැර ඉඳිනු බැරි හින්දාම
ඔබ නමින් පෙම් ගීත හදවතේ රැන්දුවෙමි
ළඟ තිබූ ආදරේ මා අතැර ගිය කලට
දැනුනි තනිවූ බවක් ඔබත් ළඟ නැති දුකට
ඔබ සොයා හැමදාම සිහින පෙරලුවේ රෑට
එක වරක් හෝ පැමිණ ආදරේ පවසන්ට
දුක් කඳුලු වෙර දරා ඔබ සොයා ගත් විගස
ඔබේ වටකුරු දෑස පෑ සිනා මැවේ මට
පෙර දිනක වෑයමෙන් මගේ වුනු ඔය දෑස
මගේ කරගනු පිණිස නින්ද නෑ මා ඇසට
ලොවේ නැති වෑයමෙන් ඔබ කරා පැමිණි මම
ආදරේ අහන විට වෙව්ලනා සිත් ඇතිව
ආදරේ බව මුමුණා ඔබ දුන්නු මදහසම
ඇති රත්තරන් ඔබේ ළඟ ඉන්න හැමදාම
බබෙ සිතුවිල්ලට මගේ හර්දෙයාන්ගම සුභ පැතුම පිළිගන්න.
Deleteමේ කවි හැමදාමත් ලස්සනයි සිත්රූ ....
ReplyDeleteඔයාගේ කවි හැමදාම වගේ ලස්සනයි.ප්‍රථම ප්‍රේමය ඉතිං .....?
ReplyDeleteලස්සන කවි පෙලක්... ඇත්තටම කවියකින් රිප්ලයි දාන්න මට වචන එන්නේ නැ.
ReplyDeleteමොකද එහෙම ලිවොත් ඔයාගේ මේ හැකියාව ලග මට 0 වත් නැ..
සුපිරියි යාලු
ලස්සනේ බැරුවා.....
ReplyDelete@ බට්ටි : හ්ම්ම්..ඔයා පෙම් කලාට එයා පෙම් නොකරපු නිසා එහෙම වෙන්න ඇති..මම අහල තියෙනවා කතාවක් ප්‍රථම ප්‍රේමය දිනපොතේ පිටු අතර පුස්කාද දෙවන ප්‍රේමය ජීවිතේ බොහෝ දේ කියාදේවිද කියල..එන වැලන්ටයින් එකත් මතක් වෙන්න ඔන්න එහෙනම් දෙවනි ප්‍රේමය එනතුරු බලන් ඉමු බට්ටියා..මම නම් ඉතිං කොහොම හරි ජය ගත්තෙ ප්‍රථම ප්‍රේමය තමයි..
ReplyDeleteහ හා බලන් යද්දි බ්ලොග් ලියන වැඩි පිරිසක් ඒ ගමේ නොවැ..
@ Shani : තැන්කූ තැන්කූ ශානියෝ..
ReplyDelete@ විමුක්ති : හ්ම්ම් ..සහතිකයි එය..
@ sAm (සෑම්) : එහෙනම් හොඳා..:D
@ Raj : හි හි හැබෑටම අයියා මටනම් ඔය කවි සිතුවිලි පහල වෙන්නෙම චුට්ටක් තරහ වුන දාට..ඒ නිසා කටනම් නැති වෙන එකක් නෑ..
@ නුවන් : තැන්කූ නුවන්..ඒත් ඉතිං...ගීතය කවුරුත් අහයිද කියලත් හිතන්න එපැයි..:D
ReplyDelete@ හිතහොඳ පිස්සා : ඔව්..ඒ වගේම කොච්චර කිව්වත් ඇති වෙන්නෙත් නෑ..සුන්දරයි..
@ හිතුවක්කාරි :තැන්කූ යාලු..මම හිතන්නෙ මෙහෙම කවි හිතක් ඇති වෙන්නත් ඇත්තෙ ඒ පොරොන්දුව හිතේ තියෙන නිසා වෙන්න ඕනෙ..බොරු මොකටද නැතුව මම කවිකාරියෙක් නෙමෙයි අනේ..:-)
@ Dinesh : ඔව් ජීවිතේ ඇති තුරාම අනිවාර්යෙන් පවතීවි.. :-)
@ Senna: ස්තූතියි අයියා..අනේ ඒකට මට මට එකඟ වෙන්න බෑද මන්දා..ඇත්තටම විකාරයක්ද?
ReplyDelete@ ගැමියාගේ පත් ඉරුව: හරිම ලස්සනයි..මල්ලිගෙ කවියට හැමදාම මගේ සිතුවිල්ල පරාදයි..හැමදාම කියනව වගේ ඒ තරම්ම ලස්සනයි..මගේ බ්ලොග් එකට ඔයා ඇවිත් කවියක් නොලියපු දාට කමෙන්ට් වල ලොකු අඩුවක් පේනවනෙ..
@ සිහින මතකයන් : ස්තූතියි යාලු..ලස්සන වුනත් නැති උනත් ඔයාල ලියන පොඩි වචනෙකින් කෙනෙක්ට තව පෝස්ට් එකක් ඊටත් වඩා හොඳට ලියන්න හිතෙනවා..ඒකම ගොඩක් වටිනවා නේද පාලු හිතකට..
@ අසරණයා : ස්තූතියි යාලු..ප්‍රථම ප්‍රේමය ඉතිං මට නම් සුන්දරයි..ඒ වගේම ඒ තමයි මගේ ජීවිතය..
ReplyDelete@ දේවා ගේ අඩවිය : ස්තූතියි දේවා..මම හිතන්නෙ මේ බ්ලොග් එකට ආපු මුල්ම වතාව..මේ දුප්පත් පැලට පැමිනීම සතුටක්..ඒ වගේම අගය කිරීම ඊටත් ඉහලයි..
@ අඩවි රජා : ස්තූතියි අඩවි රජා..අම්මෝ බයෙත් බෑ..රජෙකුත් ඇවිත්..සතුටින් පිලිගන්නවා අවසරයි රජ මගේ පැලට.. :-)
"When I needed you most when I needed a friend, you let me down now like I let you down then."
ReplyDeleteමොන පොරොන්දු දුන්නත්, ඒවා හිස් අහසේ පාවෙලා යන වන් විතරයි..
ReplyDeleteලස්සන වචන විතරයි..
බොහොම ලස්සන බ්ලොග් එකක්. මම අදයි මේ පැත්තේ ආවේ...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහ්ම් !
ReplyDeleteප්‍රථම ප්‍රේමය...
ReplyDeleteViva forever. අපි හිතමු ආදරේ සදාකාලිකයි කියා.
ReplyDelete@සයුරි
ReplyDeleteඑලටම කියල තියෙනව ප්‍රථම ප්‍රේමය (මම හිතන්නෙ) :)
@ ෴සොඳුරු සිත෴ : ස්තූතියි සොසි..මට මතක හැටියටනම් මීට කලින් දවසක ආවා මේ පැත්තට
ReplyDelete@ sAm (සෑම්) : හ්ම්ම්!!
@ සයුරි : හ්ම්ම් ප්‍රථම ප්‍රේමය... :-)
@ Hishan Melanga : හ්ම්ම් ආදරේ සදාකාලිකයි කියල මම නම් හිතන්නෙ..
පොරොන්දුව
ReplyDeleteසෙනෙහසින් දයාවෙන් පිරීගිය මගේ ජීවිතය ආදරයෙන් හැඩ කලේ ඔබයි. ඔබ මගේ පණනල බව විශ්වාස කරමි මම අදට ද, එහෙත් අද මා තනිවුනේ කෙලෙසක ද? ආදරය විශ්වයේ එකම යතාර්ථවාදී හැඟුම බව ඔබ කී හැටි මතකයි මට අද වගේ ම. එම යථාර්තයට දිවුරා, ඔබ දැල්වූ බුදු පහන මත දිවුරා ඔබ දුන් පොරොන්දුව මතකද ඔය පුංචි හිතට? ඒ අහිංසක වචන මගේ මුළු හදවතින් ම ඇදහුවෙමි මම. එදින මට දැනුණු සුවය ම දරාගත නොහැකි වේදනාවක් ය අද. ඔබ මගේ ජීවිතය බව යලි යලිත් කියමි මම. එහෙත් අද මගේ හදවත පිළිනොගනී ඔබේ රුව. කඩ වුනේ එක් පොරොන්දුවක් බව සැබෑ ය. එහෙත් ඔබ ඒ වෙනුවෙන් කඩකලේ මා ඔබ වෙනුවෙන් පිදු මගේ ජීවිතයයි. මේ පුංචි හදවතට ආදරයේ නිර්මල සුවඳ පිදු ඔබට මගේ හිස නමමි. දැන් මා ලෝකය ඉදිරියේ රූකඩයකි. ඔබට දුන් ජීවිතය යලි මට අයිති නැත. එය ඔබේ හදවත තුළ ම මිහිදන් වී හමාරය.
ආදරය යනු ආත්මගත විශ්වාසයයි,එහි සංකේතය පොරොන්දුවයි.
මේ සුන්දර ඉසවුවට මං අදයි ගොඩ වැදුනේ.
ReplyDelete