එක දවසක් අහම්බෙන් වගේ ..
ඔය හිතුවක්කාර ඇස් ඉස්සරහ
මගේ හිත ගිහින් නතරවෙද්දි
නිකමටවත් හිතුනෙ නැහැ
ජීවිතේ සන්තකේම මට ඔයා වෙයි කියල..
ඒත් දවසක දෙපාරක් නොහිතම
කාලයක් තිස්සෙ එකතු කරපු
මහ හුඟක් බලපොරොත්තු අරන් ගිහින්
ඔයි පපුව උඩ අතෑරල
සැහැල්ලුවෙන් මම බලන් උන්නා..
මගේ රත්තරන් මට පතිනිවර අරන්
මා ලඟට එනකල්
ඒ වගේම ඔයා ඇවිත්
මේ පුංචි කෙල්ලගෙ අපිලිවෙල ආදරේට
ලස්සන පිලිවෙලක් ගෙනත් දුන්නා
එදා ඉඳල මගේ රත්තරන්ගෙ වෙලා
හිත පුරා පිලිවලට
ආදරේ කරද්දි තුන් හිතම නිස්කලන්කයි..
ඇත්තමයි සුදු මහත්තයො ;
දැන් ඉතිං මගේ හද ගැස්මත් ඔයා
මම තරම් සතුටින් ඉන්න කෙල්ලක්
මේ ලෝකෙ කොහේවත් නෑ..
ඔයාට ගොඩා..රියක් පින්
මම පතපු ආදරේ
මම නොහිතපු තරම් වැඩියෙන් මට දුන්නට..
මම ඔයාට ගොඩාක් ආදරෙයි..
මේන් මෙච්චරක් කියල කියාගන්න බැරි තරම් මහ හුඟක් ආදරෙයි..
ආදරෙයි ආදරෙයි ආදරේම ආදරෙයි..!!!
ලස්සනයි අක්කියෝ. ඒවගේම සතුටුයි මහ හුගක්...
ReplyDeleteගොඩාක් ස්තූතියි නංගි..
Deleteහරිම ලස්සනයි සිත් රූ...ඒ වගේම මේ ලස්සන ආදරේ හැමදාමත් ආදරෙන් හැඩවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
ReplyDeleteගොඩාක් ස්තූතියි සිතුවිලි දැහැන..:)
Deleteකෙල්ලෙකුගෙ ජීවිතේ එකම එක ප්‍රාර්ථනාව...
ReplyDeleteහදවතින්ම ලියපු නිසා ලස්සනම ලස්සන පද ටිකක් එකතුවෙලා...හැමදාම ඔය ආදරේ ඔය විදියටම ඔබට ලැබේවා..සතුටින් ඉන්න සුභම සුභ ජීවිතයක් ඔයාල දෙන්නටම...
හ්ම්ම්.. :))
Deleteගොඩාක් ස්තූතියි නංගි..
ඔය රත්තරං ආදරේට මගෙනුත් සුභ පැතුම්... හැමදාම සතුටින් ඉන්න
ReplyDeleteගොඩාක් ස්තූතියි කවී.. :)
Deleteඇත්තෙන්ම ඔව්! ආදරෙ කරද්දි තුන් හිතම නිස්කලංකයි...:)
ReplyDeleteහ්ම්ම්..සත්තකින්ම..
Deleteස්තූතියි නංගා.. :)
ආදරය......සුන්දරයි....හැබැයි....වරද්දා නොගත්තොතින්....හෙම්....
ReplyDeleteහ්ම්ම්......... :)
Deleteඔන්න මාත් ආවා මේ පැත්තට..හරිම ලස්සනයි සිත්රූ....
ReplyDeleteස්තූතියි ආවට..ආදරයෙන් පිලිගන්නවා නිශ්.. :)
Deleteඅගෙයි අගෙයි..
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි රජෝ..
Deleteපුදුමාකාර ආදරණීයයි. ආදරේ ජීවිත ජීවත් කරන අපුරුව කොයි තරම් නම් ලස්සනද
ReplyDeleteහ්ම්ම්......... :)
Delete//මම පතපු ආදරේ
ReplyDeleteමම නොහිතපු තරම් වැඩියෙන් මට දුන්නට..//
එහෙමනම් ඔයා ඇත්තටම වාසනාවන්තයි අක්කියෝ!!!
ඔව් නංගා.. ස්තූතියි ඔයාටත්..
Deleteඔබ දෙපළට මෙවගේ සැමදාම ආදරයෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුභපැතුම්
ReplyDeleteගොඩාරියක් ස්තූතියි යාලු..
Deleteඩෙන්න ඉක්කන්ත ටුන්ඩෙනෙක් වෙන්න කීල ප්‍රාර්ටනා කලනව.....^_^
ReplyDeleteහි හි ටැන්කූ ටැන්කූ අග්නි බබා..
Deleteලස්සන.අවංක.අව්‍යාජ හිතකින් කතා කරන කවි ටිකක්..ඔයාගෙ සතුට සදාකල් රැඳේවා...දෙන්නටම සුභම සුභ අනාගතයක්....!! :)
ReplyDeleteගොඩාක් ස්තූතියි කිරිල්ලි..ඔයාටත්..
Deleteසුබ පැතුම්! මේ සතුට හැමදාම පවතින්නයි අපේ පැතුම!
ReplyDeleteගොඩාක් ස්තූතියි ලහිරු :)
Deleteමාත් සුබ පතනවා ඒ අලුත් සුන්දර කැදැල්ලට.. ආදරෙන් හදාගත්ත...
ReplyDeleteගොඩාක් ස්තූතියි ඔබටත් සුබ පැතුමට හා මෙහි පැමිනීමට..
Deleteසුභ පැතුම් අක්කේ.. මටත් මේ දවස් වල ඔහොම තමා.. :)
ReplyDeleteහි හි ආරංචියි ආරංචියි..අම්මට පනිවිඩයක් යැව්වද ගෙදරින් හොයන්න කරදර වෙන්නෙපා කියල..
Deleteඅහන්නත් සතුටුයි,ජයවේවා...
ReplyDeleteස්තූතියි මල්ලි..ඔයාටත් ජයෙන් ජය..
Deleteමට ගොඩා.......................................................................ක් සතුටුයි....
ReplyDeleteඑහෙනම් ශෝ...යි.. :)
Deleteවචන ටිකෙන්ම ආදරේ බේරෙනවා අෆ්ෆා.
ReplyDeleteඅලුත් ඇඳුම නම් සුපිරි අක්කා.
අෆ්ෆා...:D
Deleteඅනේ හරිම සතුටුයි.. :)
ReplyDeleteස්තූතියි වර්ණා..
Deleteතාමත් කවි කියනවා එහෙනම් ඈ... ලියලා තියන විදිහට මගෙත් බොක්ක සීතල වෙලා ගියා..
ReplyDeleteනැතුව බෑනෙ අයියෝ..පුරුද්දනෙ..:D
Deleteනියමයි අක්කේ ගොඩාක් සතුටින් ඉන්න බව දැනෙනවා හැමදාමත් ඔහෝම සංතෝසෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ආදරේ කොයිතරම්ද කියලා දැනෙනවා මේක කියෙව්වම.... ආපු ප්‍රශ්න වලට නොසැලී හිටීමේ ප්‍රතිඵල තමා මේ.... ජය වේවා අක්කේ
ReplyDeleteස්තූතියි මල්ලියා ඔයාගෙ සුබ පැතුමට..:)
Deleteපිලිවෙලකට කරන ආදරේ... නියම වචන ටික.
ReplyDeleteකාලෙකින් ඇවිල්ලා..කොහේද ඔයා අතුරුදහන් වුනේ.. :OOO
DeleteGood Luck....
ReplyDeleteThnk u brthr..
Deleteශා...හරිම ශෝක් අක්කේ... ඔය සතුට සදා රැඳේවා!!!
ReplyDeleteස්තූතියි නංගි..ආ මේ අනූ කියන්නෙ අපේ ශානි නංගි නේද? :))
Deleteආදරේ අහස තරම්... නෑ , ඊටත් වඩා වැඩි ආදරයක්...! හරිම වාසනාවන්තයි...දිගුකල් සතුටින් සිටීවා!!!
ReplyDelete