පුර සඳන වී එළිය විදුලන
ඒ සඳින් මගෙ ලොවම හැඩවෙන
හිත සනාලන පින්බරම රුව
නුඹයි මගෙ අම්මේ..
ඉපිද මියයන තුරුම තුන් ලොව
මා පැතුව සෙනෙහසේ ගුනකඳ
නුඹේ ගුන සුවදමයි
මගෙ අම්මේ..
නුඹේ ඇකයේ හිස හොවාගෙන
නිදන විට නෙත් දෙක පියාගෙන
අදත් දැනුනේ එදා කිරි සුවඳමයි
මගෙ අම්මේ..
හිතට දිරි ගෙන හෙට සොයන්නට
අතිර ලොව තුල නොසැලි ඉන්නට
මගේ පසුපස එකම දිරියයි
ඒ නුඹයි අම්මේ..
ලොවක් එරෙහිව නැගී සිටියත්
පන දෙවනි වී මාව රැක ලූ
දෙව්ලොවින් බට දෙවඟනකි
නුඹ මගේ අම්මේ..
මගේ සිත් දෙවොලේ තබාගෙන
සදාකල්හිම නුඹව අදහන
නුඹේ සදාදර සුදු දෝණි
මමයි අම්මේ..
අම්මා ගැන නම් කතාකරල ඉවර කරන්ඩ වචන නැහැ..හැඟුම්බර පැදි පෙළක්
ReplyDeleteආ අද අම්මගේ ආදරේ ගැන කවියක්... වෙනසකටත් එක්ක හොඳයි එහෙම දාපු එක.
ReplyDeleteඈ මේ කවිය දැක්කොතින් මොනව හිතාවිද? මම ඔබ අදුරන කෙනෙක් නම් ඔයාට හොරා ඔයාගෙ අම්මට මේක පෙන්නනව :)
ReplyDeleteඑදා මම මේ ලෝකෙ එළිය හදනකොට
ReplyDeleteලස්සන රූපයක් මගේ ඉස්සරහින් තිබුන
මම ඩිංග ඩිංග ඇස් අරින්න හදනකොට
මගේ නළලට පුන්චියට මොනවදෝ
වතුර බිංදු කැටවගේ වැටුන
ඔව්...ඇත්තමයි..එදා ඒ පොද වැස්සට
මගේ මුලු නළලම තෙත්වුන
මට හිතුන මේ වැස්ස
ඇයි මෙච්චර රත්වෙල කියල
මම මගේ ඇස් තවත් ලොකුකරන් බැලුව
අනේ..දෙවියනේ....මම මේ මොනවද හිතන්නෙ
එතකොටයි මම දැක්කෙ
මගේ රත්තරන් අම්මගෙ දෙනෙති
කඳුලින් තෙත්වෙලා තියෙනව
අම්ම ගැන කියවෙන හැඟීම්බර සංවේදී කවි ගොන්නක්. ලස්සනම ලස්සනයි යාලුවේ....
ලස්සනම ලස්සනයි. මමත් මගෙ අම්මට ගොඩාක් ආදරෙයි....
ReplyDeleteසියලු මනුෂ්‍යයෝ අම්මාගේ දරුවෝය!
ReplyDeleteනිර්මාණය සාර්ථකයි කියල හිතෙනව!:))
අම්මා ගැන කොහොම ලියලා ඉවර කරන්නද අක්කේ.. ලස්සනයි..
ReplyDeleteඅම්මා ගැන කොහොම ලිවුවත් හැඟීම්බරයි.
ReplyDeleteකවිටික වෙනදවගේම ලස්සනයි.
නුඹේ ඇකයේ හිස හොවාගෙන
ReplyDeleteනිදන විට නෙත් දෙක පියාගෙන
අදත් දැනුනේ එදා කිරි සුවඳමයි
මගෙ අම්මේ..
පුදුම ලස්සනයි!!! අම්මා ගැන ලියන්න වචන මදි!! අම්මාගෙ අඅදරේ ඒ තරම්ම උතුම්..
අම්මා ගැන මම බ්ලොග් අවකාෂයේ කියවාපු කවි අතරින් මම ගොඩාක්ම කැමති කවියක් වුණා මේක .. ඒ විතරක් නෙවෙයි තෝරාගෙන තියන පින්තූරේත් හරිම ලස්සනයි .
ReplyDeleteහැඟුම් බර කවි පෙළක්...
ReplyDelete@ Raj : ඔව් රාජ් අයියෙ..හැම දරුවෙක්ටම අම්ම කෙනෙක් තරම් වෙන කවුරුත් නෑ..
ReplyDelete@ Senna : ඔව් අයියෙ..අම්මගෙන්ම මුල්ම වෙනස පටන් ගන්න හිතුනා
@ Hishan Melanga : ම්ම්..හිතාගන්න බැහැ..ඒත් ඉතින් අම්ම ගැන ඉස්කෝලෙ යද්දි ලියපු ඒවනම් අම්ම කියල තියෙනව :-)
@ සිහින මතකයන් :ලස්සනයි..මගේ කවියටත් වඩා..හැඟීම්බරයි..
ReplyDelete@ Shaggy :ඔව් ෂැගී..මාත් එහෙමයි..
@ Nuwan Tharaka : ස්තූතියි යාලු
@ Dinesh :හ්ම්ම්.. ඔව් අම්ම තරම් උතුම් කෙනෙක් තව ඉන්න පුලුවන්ද..
ReplyDelete@ අසරණයා : ස්තූතියි යාලු
@ හිතුවක්කාරි : ඔව්..ඒක ඇත්ත අම්ම ගැන කොහොම කිව්වත් මදි..ස්තූතියි යාලු ..
@ හිස් අහස: සතුටුයි.. ස්තූතියි සඳරු..
ReplyDelete@ සයුරි : ස්තූතියි සයුරි..
මේ ලෝකෙ මිහිරිම වචනය......ලස්සන කවි පෙළක්...
ReplyDeleteනුඹේ ඔවදන් කටුක විලසින්
ReplyDeleteදෙසවනේ වැදි වැදී තිබෙමින්
තිබූ අවදියේ මගේ වදනින්
ඔබේ සිත රිදවූවා මං අම්මේ
ඔබේ කඳුලට හේතු මං අම්මේ
එදා නුඹ කී එකම වදනක්
හොඳ පුතෙකු වී ඇසුවා නම් මං
අද මෙවන් දුක් වේද අම්මේ
තාම තැවෙනවා මං
සිතින් හඬනවා මං
නුඹේ ඇකයේ හිස හොවාගෙන
එදා විඳි ඔබේ සුවඳ විඳිනට
අම්මා යැයි ලොව උතුම් වදනින්
ඔබව අමතා සමා ගැනුමට
එකවරක් නොව මියෙන තුරු මා
පැතුම් පතනවා මං
ඔබ දන්නේ නෑ එය දැං
කිරි මධු වැල් කිරි මධු වැල් කිරි අම්මේ
ReplyDeleteඅපිත් කිරට අඬනා දරුවන් අම්මේ..
ලස්සන කවියක්. අම්ම ගැන කොච්චර කිව්වත් ඇති වෙන්නේ නෑ
අම්මා....
ReplyDeleteපෙව් කිරි කඳුලෙනි.
මේ ලොව මෙතරම් හැඩ වුනේ.
අම්මා කෙනෙක්ගේ ආදරේ ගැන දුවෙක්ගේ හිතක ඇතිවෙන්න පුළුවන් ලස්සනම ලස්සන පැදි පෙළක්.
අම්ම ගැන කියන්න දෙයක් නෑ... කියන්න ගත්තොත් ඉවරයක් කරන්න බෑ... කවි ටික සුපිරියි කියල විතරක් කියන්නම්... ජය වේවා!!!
ReplyDeleteහඳට පායන්නට
ReplyDeleteඉඩ නැවති තරමට අහසේ
ඔබෙ ගුන ලීවත් අම්මේ
අහසම මට මදි මිමේ
දරා දස මාසේ බරටණයගැති ..
ReplyDeleteජීවිතෙන් මා........!
කවි වගේම සිතත් ලස්සනයි නම්.......
ReplyDeleteකියන්න දෙයක් නැහැ අමුතුවෙන්. ඔක්කොම ලියල නොවැ..
ReplyDeleteඅම්මාවරුනැති දරුවන්ගේ
ReplyDeleteසංකාදුක් කවුදෝදන්නේ...
@ හිතහොඳ පිස්සා: හ්ම්ම්..මේ ලෝකෙම මිහිරිම වචනය..අලුත් යාලුවෙක්..ආදරෙයෙන් පිලිගන්නව මගේ බ්ලොග් පිටුවට..
ReplyDelete@ ගැමියාගේ පත් ඉරුව :ලස්සනයි..මියෙන තුරු නෙමෙයි මල්ලි ඉපදෙන හැම භවේමත්..
@ පුංචි කුමාරිහාමි : ඔව් පුංචි..අම්මෙක් ගැන කොහොම කියල ඉවර කරන්නද..
@ ලොකු පුතා: ස්තුතියි ලොකූ..
ReplyDelete@ Shani : ස්තුතියි ශානියෝ..ජයවේවා..
janith lakshan:හ්ම්ම්..ඒක ඇත්ත..ලස්සනයි..අලුතින් නේද මේ පැත්තට..ගොඩාක් ස්තූතියි සාදරෙයෙන් පිලිගන්නවා..
@ ජනියාගේ සයිබර් ලෝකය.: මාත් ආසම ගීතයක්..කලින් කමෙන්ට් එකත් ඔයාගෙමද..හිතාගන්න බැහැ..අලුත් යාලුව සාදරයෙන් පිල්ගන්නවා..
ReplyDelete@ Vishwaje : අම්ම කෙනෙක්ගෙ හිතක් කොහොමත් ලස්සනයි සහෝදරයා..
@ sAm (සෑම්): ඒකනෙ..ඔක්කොම හරි නේද..මදි පාඩුවක් නෑ නොවැ.. :P
@ විමුක්ති : හ්ම්ම්..
මේ මගේ ජීවිතය.
ReplyDeleteහරිම ලස්සන පැදි පෙළක් මම මගේ අම්මට මේ මුළු විශ්වයටත් වඩා ආදරෙයි
ReplyDeleteGodaak lassanai
ReplyDeleteHiruge unuhuma denennata pera
ReplyDeleteObee unuhuma thamai denunee...
Hiruge jeewaya lebennata pera
Oba thamai mata jeewe dunne...
Mage bara man darannata pera
Oba thamai bara deruwe maage...
Kootiyak thi thun dewiyo ada
Dakinawa obe senehe අම්මේ...
Hegimbarai oyage kawiya! Lassana nirmanayak.
Good luck! Karagena yanna.