Pages

Friday, December 10, 2010

මගේ සඳ



පෙම් බඳිමි මම
මගේ සිත් අහසට
සඳක් වී පැයු නුඹට
නමුදු කිසිදින
බැස නොයනු මැන
අමාවක වී මා තනිකර

තාමත් මම ආදරෙයි..


ඔයත් එක්ක ඇවිදන් ගිය මාවත් වල
අද තනියම යනකොට
තවමත් හැරි හැරී බලන්නෙ
ඔයා මගේ පසුපසින්වත්
ඇති කියල හිතෙන හින්දා...
වෙනදට නැවතිලා කතාකරන
බස් හෝල්ට් එක දැක්කම
අයෙත් මම හැරිල බලන්නෙ
ඔයා අහම්බෙන්වත් එතන
ඇති කියල හිතෙන හින්දා...
ඒත්,
ඇත්තටම කවමදාවත්
ආයෙත් මම වෙනුවෙන්
මගබලන්නෙ නැහැ කියල දැනුනම
මේ ඇස්වලට කදුලු වැටෙන්නෙ
තවමත් මම ආදරේ හින්දා...
ජීවිතේම අපායක් වෙලා
තවමත් මම ජීවත් වෙන්නෙ
සත්තයි !
මැරුනොත් ඔයා මට කවමදාවත්
දකින්නවත් නොලැබෙන හින්දා...

අහම්බෙන්, ඔබ හමු නොවී තිබුනානම්....


ඉරී පරඩැල් වෙච්ච කොලයක
ඔබ රතෙන් කටු ගෑව කවියක්
අනේ මගේ නෙත නොගැටුනානම්..
අදත් කිසිවක් නොවූ ගානට
සිනසීගෙන බිම බලාගෙන ..
යන්න තිබුනා අහම්බෙන්,
ඔබ හමු නොවී තිබුනානම්....