Pages

Sunday, April 1, 2012

හෙට හිරු පායෙන්නෙ ඔබේ රැස් එලියෙන්..



හදවතේ හරි මැද
ඔය ආදරය සලකුණු කරගෙන
මග බලන් හිටියා මම
බොහෝ කල්
ඔබ එනතුරු
යලි මා සොයාගෙන..

දිගැටි නෙතු අයිනක
කැටි වී දිලිසුනු කඳුලු බිංදුව
වැටී කම්මුල් දිගේ රූරාගෙන
බදා ගත්තා
ඔබ හාදු දුන්
මේ රෝස කම්මුල..

සිරකොට සුරතින් අල්ලාගෙන
ආ ජීවිත මගක කෙලවර
පාලු වී තනිකම දැනෙන විට
හිත දිව ගියා යලි යලිත්
නතර වන්නට
කඳුලු ඉවුරක..

මට හිමි නොවී වරින් වර
මගෙන් ඈතට උදුරගෙන යන
සැනසීම සොයා
නිතරම
ලත වුනා මම
දෛවයට දොස් පවරගෙන..

***

හඬ හඬා තැවෙමින් හරි
සොයාගත් ඒ ආදරේ අතැතිව
මග බලන් හිටි දවස අරගෙන
එනවලු ඔයා අද හෙටම
මගේ ඇස් දෙක ලඟට

හෙට හිරු පායෙන්නෙ එතකොට
ඔබේ රැස් එලියෙන් මගේ මිදුලට
ඉතිං රත්තරං කොච්චර වැලපුනත් මම
තව පැය කීයද වියලෙන්නට
මේ ඔක්කොම කඳුලු කැට


***



58 comments:

  1. හරීම අහිංසක හිතකට හිතෙන දේවල් මේවා..හරීම ලස්සනයි...ඔයාගෙ ප්‍රාර්තනා එලෙසින්ම ඉටුවේවා....!!

    ReplyDelete
  2. ලගදීම නුබ එනවලු
    හිතේ රැදුන ඒ ආදරෙත් අරගෙනම
    වස්සානය එනකම් මග බලාගෙන ඉදපු
    කාලය නිමා උනියි හිතුනා මට..

    ReplyDelete
    Replies
    1. වසන්තේ ලඟ බව කොවුල් ගී පවසාවි..
      නේක විද මල් වලින් තුරු වියන් සරසාවි..
      සුරල් නද මැදින් විත් ඔබ මගේ හද නලවාවි..
      හෙට ඉඳන් මටත් යලි වසන්තය ඇරඹේවි.. :))

      Delete
  3. එනවා නම් ඔහු සතුට අරගන,
    හඩ හඩා තව කුමට ඉදිනුද?
    පිස දමා රැදී කදුළු නෙතු අග,
    සැරසෙන්න හෙට සොදුරු මොහොතට............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙප් අයියේ.... :)

      Delete
  4. බ්ලොග්වල ලියවෙලා තියන කවි කතා වලට කමෙන්ට් දානකොට සමහරු අහනවා ඇත්තම කතාවක් ද කියල. අනේ මන්ද මේකත් එහෙමද කියල අහන්න මම කැමති නෑ. සිතුවිල්ලක් කියල හිතල මෙහෙම කියනවා. ලස්සනට ආදරණීය විදිහට කවිය ලියවෙලා තියනවා. කොහොම හරි බලාපොරොත්තු ඉටුවෙන ලකුණු පෙන්නේ.

    නුඹ සිහිනෙන් දැකපු හීන
    හෙට වෙනවා සැබෑ ඔන්න
    සතුටු කඳුළු පිට කරන්න
    ඇති වෙනකම් දැන් අඬන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු සුබ පැතුමට.. :)

      Delete
  5. වික්ටර් මහත්තයගෙ සින්දුවක් මතක් වුනා..

    එපා හිරු පායන්න
    අදින් පසු මගෙ ලොවට
    අදයි අවසන් දවස
    ඇගෙ මා..
    මගෙන් ඈ සමුගන්න...

    ReplyDelete
    Replies
    1. සමුගන්න සින්දුවක්ද මතක් වුනේ මේක කියවල.. :S

      Delete
    2. අපොයි බන් උඹ..

      Delete
    3. ඒකනෙ අයියෙ බලන්නකො මේ සැමාගෙ වැඩ..

      Delete
    4. හෙට හිරු පායන්නේ කියල පටන් අරන් තියෙන නිසා එහෙම වුනේ..

      හමුවීමක් - සමුගැනීමක පෙරනිමිත්තක්.. ඇයි වැරදිද ??

      :))

      Delete
  6. කවද හරි දවසක මේ කවි එකතුකරල කවිපොතක් මුද්‍රණයෙන් එලිදක්වන්න ලැබුනොත් ඒ පොතට නම දාන්න වෙන්නෙ "සිත් රූ සිහින" ලියු කවි කියලා. නැත්නම් කොහොමද අපි දන්නෙ ‍ඒ ඔබේ කවිපොත කියලා.

    මට එහෙම හිතුනෙ සති අන්ත පත්තරවල කවි පිටුවල කවි ලියන අය වසරක් දෙකකින් කවිපොත් ලියනවා එතකොට අපි දන්නවා එයා අර පත්තරේට කවි ලියූ කෙනා කියලා. මොකද ඒනම මතකයේ තියෙන නිසා.
    බ්ලොග්වල කවි ලියක කිසිවෙකුතමක්ගෙ නමින් ලියන්නෙ නෑනෙ. එක අතකින් එයගේ දක්ෂතාවයට සිදුවන හානියක් කියලයි මට හිතෙන්නෙ.

    ඔබ ලියන කවි හැමදාමක් ව‍ගේම සරලයි සුන්දරයි. කියවන්නත් පුළුවන් විඳින්නත් පුළුවන්

    ReplyDelete
    Replies
    1. ම්ම්..ඔබ කියන දේනම් ඇත්ත තමයි..ඒක මම අත්දැකීමෙන්ම දන්නව..හදිසියේවත් මම කිව්වොත් කාට හරි මේ සිත් රූ සිහින ලියන්නෙ මම කියල ගොඩක් දෙනෙක් ඒක පිලිගන්නෙ නැහැ..එතකොටනම් පුංචි දුකක් ඇති වෙනවා..ඒත් නම නොදන්න කෙනෙක් ලියන දේවල් රස විඳින්න නම නොදන්න කොයි තරම් අය මේ බ්ලොග් අවකාශයෙ ඉන්නවද කියල හිතුනම ඒ දුක ඉබේම නැති වෙලා යනවා..ස්තූතියි ඔබට හැමදාම ඇවිත් කවි කියවල මගේ බ්ලොග් එකට කමෙන්ට් එකකුත් දාල යනවට..

      Delete
  7. ඔයාගෙ ලස්සන කතා...

    ReplyDelete
    Replies
    1. කතා වුනත් මොකද ලස්සනනම්.. :P

      Delete
  8. දැන් නම් අක්ක හෙන සතුටින් වගේ.......එළ එළ.....

    ReplyDelete
  9. අක්කාගෙ කවි හැමදාම ලස්සනයි නෙ.. ඇත්තටම අක්කට හරි ලස්සන අදහස් තියෙන සරල විදියට හිතන පතන කෙනෙක්.. එහෙම අය මේ කාලෙ හරි අඩුයි අක්කි.. මමත් සුභ පතනවා අක්කියෝ හදවතින්ම ඔයා ගෙ අහිංසක හීන හැබෑවේවා කියලා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නංගො මම සරල විදියට හිතන කෙනෙක්..අනික බර වචන දාලා කවි ලියන්න දන්න කෙනෙකුත් නෙමෙයි..ස්තූතියි නංගියො ඔයාට..

      Delete
  10. ජීවිතේ ඉස්සරෝම ඉස්සර දවසක
    මගේ ඇස් දෙක දිහා බලාගෙන
    ඔබ කීව ,
    ආදරේ පළමු කව
    ආයෙමත් එකම එක පාරකට
    කියා යන්නට නොවේ
    ඉන්නටම ,
    අනේ ඔබ එනවාද
    වියලෙන්න පෙර
    උණපු කඳුළු කැට

    ReplyDelete
    Replies
    1. හැමදාටම ලඟින් ඉන්න
      ඔබ ආවොත්
      උනපු දුක් කඳුලු කැට
      වියලෙන්නට පෙර
      සතුටු කඳුලු
      දෝරෙ ගලාවි..

      ස්තූතියි කාව්‍යා :)

      Delete
  11. බලන් ඉන්න එක සුන්දර වේදනාවක් වෙන්නෙ කවදහරි බලන් ඉන්න කෙනා එන බව දන්නකොට..
    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඒකනම් ඇත්ත..එහෙම වුනාම ඒ වේදනාව වුනත් තියෙන්නෙ සුන්දරත්වයක්..

      Delete
  12. සුබ පැතුම් !! සදා වාසනා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ.. :)

      Delete
    2. අහ් මෙන්න තියනවා... ඔයා අපිව හොල්මන් කරනවනෙ අප්පා...

      Delete
    3. ඔයානෙ පහු ගිය දවස්වල අපිව හොල්මන් කලේ.. :P

      Delete
    4. @ නොහිම් සිහින :නොහිම් මල්ලිත් දන්නවනෙ සෙන්න අයිය අපිට හොල්මන් කතා කියපු හැටි නේද :)

      Delete
  13. ලස්සනයි අක්කියෝ. පපුවේ පතුලටම වැදුනා.
    පමාවුනා අක්කියෝ එන්න. මේ දවස්වල වැඩ වැඩී.

    ReplyDelete
    Replies
    1. ඒක තමා..කාලෙකින්නෙ මේ පැත්තෙ ආවෙ..පමාවෙලා හරි කමක් නෑ බට්ටි නංගි ආවනෙ.. :)

      Delete
  14. අඩේ ඇයි අප්පා මගේ කමෙන්ට් එක මකලා ? වැරදි දෙයක්වත් කියවුනාද ?

    වරදක් වුණානම් සමාව ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා..මම මැකුවෙ නෑනෙ..මේ තියෙන්නෙ.. :(

      Delete
  15. ලස්සනයි..හැමදාම වගේ..

    ReplyDelete
  16. මේ මාසේ නේද? අපි කතාව දන්නවා. සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඒ සීන් එක ...

      Delete
    2. @ අසරණයා : හෙහෙ ඔව් ඔව් මේ මාසෙ තමයි අවුරුදු..

      Delete
    3. @ ඔබ නොදු‍ටු ලොවක්:අසර් අහනවා අවුරුදු මේ මාසෙද කියල..:D

      Delete
    4. මෙන්න මෙය දුන්නු උත්තරේ.

      Delete
  17. එනවලු ඔයා අද හෙටම
    මගේ ඇස් දෙක ලඟට...
    ඔන්න ඉතිං පෙම්බර කුමාරයා මග එනවනම්,
    ඔය දිගැටි නෙතු අයිනක
    කැටි වී දිලිසුනු කඳුලු බිංදුව පිසදමා, සිනාමුසු මුහුණින් ඔහුව පිළිගන්න ලැහැස්ති වෙනු මෙනවිය..!! :D :D කවිය නම් හරිම ලස්සනයි sithru..:)

    ReplyDelete
  18. ලස්සනයි....

    ReplyDelete
  19. හරීම ගැඹුරු තේරුම් ඔයා හරි ම සරල ව ලියනවනේ. ඔයා හරි ම දක්ෂයි ඒකට! ඔයාගේ සිහින පැතුම් එලෙසින් ම ඉටුවේවා කියලා මමත් කියනවා ඔන්න!

    ReplyDelete
  20. “හඬ හඬා තැවෙමින් හරි
    සොයාගත් ඒ ආදරේ අතැතිව
    මග බලන් හිටි දවස අරගෙන
    එනවලු ඔයා අද හෙටම
    මගේ ඇස් දෙක ලඟට“

    උපරිමේටම දැනුන යාලූ.....සමාවෙන්න මේපැත්තට එන්න පරක්කුවුනාට.....අද ඉඳන් දිගටම එන්නම්.....:)

    ReplyDelete
    Replies
    1. පමා වෙලා හරි නෑවිත් නොඉඳ ආපු එක වටිනවා යාලු..ආදරයෙන් මගේ නිවහනට පිළිගන්නවා.. :)

      Delete
  21. සතු‍ටුයි නේද අක්කේ.... ඒ අඩ අඩා හිටපු දවසුත් කොච්චර අපූරු ද කියලා දැනෙන්නේ ආයේම ඒ සැනසීම ළග ළගම එනවා කියලා දැන ගත්තාම.

    ළගදීම ජීවිතේ බලාගෙන හිටිපු කෙනෙක් එනවා කියලා තේරුනා.
    මගෙන් සුභ පැතුම් සිත් රූ අක්කේ...
    :)

    ReplyDelete
    Replies
    1. ඔව් නංගා..ඒ නිසා ගොඩක් සතුටින් ඉන්නෙ..ස්තූතියි ඔයාට..

      Delete
  22. ෂෝයි ෂෝයි!!!!
    සතුටින්ම ඉන්න.... රජවාසලෙන් තෑගි එවන්නද?

    ReplyDelete
    Replies
    1. ශෝයිනෙ..තෑගි එවනවනම් තවත් සතුටුයිනෙ.. :)

      Delete
  23. වැටෙන ඔය කඳුළු කැට
    හිතෙහි ඇති සතුට ළඟ
    හිනෙහෙන්න මේ ලෙසින්
    ජිවිතේ හැමදාම

    ලස්සනයි අක්කි මේ කවි සිතිවිලි හුඟාක්ම

    ReplyDelete
    Replies
    1. අලුත් යාලුවෙක් නේද..මම ඒ පැත්තෙ ගිහින් ආවෙ..තාම මුකුත් ලියලනම් නෑ..ලියන්නකො ඔයත්..අපි එන්නම් කියවන්න..ස්තූතියි මල්ලි මගේ බ්ලොග් පිටුවට ආදරෙන් පිලිගන්නවා.. :)

      Delete