Pages

Thursday, December 1, 2011

යලි දකින තුරු ඔබ..



හදවතේ හිස් තැනක්
ඔබ ඇවිත් පුරවද්දි
හිතුවටත් වඩා ඉඩ
ඒ හිතෙන් ඉල්ලද්දි
නොදැනීම තවත් දින
දෙක තුනක් ගත වෙද්දි..
හිතම නතු කරන් ඔබ
මට තවත් ලන්වෙද්දි..

සිනාසුන ඇස් වලින්
කඳුලු බිඳු මතු වුනා..
සැනසුමෙන් එහා ඔබ ගැනම
සිත ලත වුනා..
මගේ ඇස් මේ තරම්
ඔබ නමින් වැළපුනා..
ඔබ ගිහින් බොහෝ දුර
යලිත් මා තනි වුනා..

යලිදු ඔබ දකින තුරු
මග බලන් ඉන්නෙමි..
නැ සියන් හිතවතුන්ගෙන්
කඳුලු සගවමි..
දොර අගුලු ලා හිතට
ඔබ නමින් ඉන්නෙමි..
ඔබට දුන් පොරොන්දුව
පන මෙන්ම සුරකිමි....