Pages

Sunday, March 25, 2012

මම..



පද වැලක් සොයමි මම
නොලියවූ කවියකට
එලි වැටක් නැති වුනත්
තේරුමක් වී ගැයෙන
..
සිතුවමක් අඳිමි මම
නිම නොවූ සිතුවමට
වර්නයක් නැති වුනත්
නිමාවක් වී පේන
..
ගීතයක් ගයමි මම
තනුවකට පද බැඳන
තාලයක් නැති වුනත්
පාලුවක් නොම  ගේන
..
ආලයක් සොයමි මම
හිතට හිත යා කරන
තනිකමක් නැති වුනත්
හිතට සැනසුම ගේන
..
සිහිනයක් දකිමි මම
සිතේ සිර කරන් සිටි
සොම්නසක් නැති වුනත්
දොම්නසක් නොම ගේන
..
කාලයක් සොයමි මම
පතා ඔබ වෙත එන්න
ලඟදීම නැති වුනත්
කවදාක හෝ මේම
..
සැනසුමක් සොයමි මම
මෙතෙක් මා නොලත් විඳි
කවදාක හෝ ලැබෙන
අදත් නොලැබෙයි සිතෙන
....