Pages

Wednesday, June 27, 2012

සත්තයි ආදරෙයි මහ හුඟක්..




එක දවසක් අහම්බෙන් වගේ ..
ඔය හිතුවක්කාර ඇස් ඉස්සරහ
මගේ හිත ගිහින් නතරවෙද්දි
නිකමටවත් හිතුනෙ නැහැ
ජීවිතේ සන්තකේම මට ඔයා වෙයි කියල..
ඒත් දවසක දෙපාරක් නොහිතම
කාලයක් තිස්සෙ එකතු කරපු
මහ හුඟක් බලපොරොත්තු අරන් ගිහින්
ඔයි පපුව උඩ අතෑරල
සැහැල්ලුවෙන් මම බලන් උන්නා..
මගේ රත්තරන් මට පතිනිවර අරන්
මා ලඟට එනකල්
ඒ වගේම ඔයා ඇවිත්
මේ පුංචි කෙල්ලගෙ අපිලිවෙල ආදරේට
ලස්සන පිලිවෙලක් ගෙනත් දුන්නා
එදා ඉඳල මගේ රත්තරන්ගෙ වෙලා
හිත පුරා පිලිවලට
ආදරේ කරද්දි තුන් හිතම නිස්කලන්කයි..
ඇත්තමයි සුදු මහත්තයො ;
දැන් ඉතිං මගේ හද ගැස්මත් ඔයා
මම තරම් සතුටින් ඉන්න කෙල්ලක්
මේ ලෝකෙ කොහේවත් නෑ..
ඔයාට  ගොඩා..රියක්  පින්
මම පතපු ආදරේ 
මම නොහිතපු තරම් වැඩියෙන් මට දුන්නට..

මම ඔයාට ගොඩාක් ආදරෙයි..
මේන් මෙච්චරක් කියල කියාගන්න බැරි තරම් මහ හුඟක් ආදරෙයි..
ආදරෙයි ආදරෙයි ආදරේම ආදරෙයි..!!!