Pages

Friday, December 24, 2010

හිත ඉකිබිදියි..


හීන් හිරිපොද වැස්සෙ
උනුහුමට තුරුලු වී
ඇවිද ගිය කාලය
ඉතින් දැන් අහවරයි..
අනෝරා මහ වැස්සෙ
අද තනිවම යද්දි
කෝ ඔයා ඔබ කොහිද
තාම හිත ඉකිබිදියි..
තද සුලං අකුණු
මහ වැසි වලට ගැස්සෙද්දි
ඔබ ඇතැයි මා ලගින්
හිත කියයි..
තෙත බරිත මගේ සිත
මහ වැස්සකින් නොව
ඔබට පිදු සෙනෙහසින්
ඔත්පලයි..