Pages

Wednesday, February 1, 2012

අම්මා..




පුර සඳන වී එළිය විදුලන
ඒ සඳින් මගෙ ලොවම හැඩවෙන
හිත සනාලන පින්බරම රුව
නුඹයි මගෙ අම්මේ..

ඉපිද මියයන තුරුම තුන් ලොව
මා පැතුව සෙනෙහසේ  ගුනකඳ
නුඹේ ගුන සුවදමයි
මගෙ අම්මේ..

නුඹේ ඇකයේ හිස හොවාගෙන
නිදන විට නෙත් දෙක පියාගෙන
අදත් දැනුනේ එදා කිරි සුවඳමයි
මගෙ  අම්මේ..

හිතට දිරි ගෙන හෙට සොයන්නට
අතිර ලොව තුල නොසැලි ඉන්නට
මගේ පසුපස එකම දිරියයි
ඒ නුඹයි අම්මේ..

ලොවක් එරෙහිව නැගී සිටියත්
පන දෙවනි වී මාව රැක ලූ
දෙව්ලොවින් බට දෙවඟනකි
නුඹ මගේ අම්මේ..

මගේ සිත් දෙවොලේ තබාගෙන
සදාකල්හිම නුඹව අදහන
නුඹේ සදාදර සුදු දෝණි
මමයි අම්මේ..

32 comments:

  1. අම්මා ගැන නම් කතාකරල ඉවර කරන්ඩ වචන නැහැ..හැඟුම්බර පැදි පෙළක්

    ReplyDelete
  2. ආ අද අම්මගේ ආදරේ ගැන කවියක්... වෙනසකටත් එක්ක හොඳයි එහෙම දාපු එක.

    ReplyDelete
  3. ඈ මේ කවිය දැක්කොතින් මොනව හිතාවිද? මම ඔබ අදුරන ‍කෙනෙක් නම් ඔයාට හො‍රා ඔයාගෙ අම්මට මේක පෙන්නනව :)

    ReplyDelete
  4. එදා මම මේ ලෝකෙ එළිය හදනකොට​
    ලස්සන රූපයක් මගේ ඉස්සරහින් තිබුන
    මම ඩිංග ඩිංග ඇස් අරින්න හදනකොට​
    මගේ නළලට පුන්චියට මොනවදෝ
    වතුර බිංදු කැටවගේ වැටුන
    ඔව්...ඇත්තමයි..එදා ඒ පොද වැස්සට
    මගේ මුලු නළලම තෙත්වුන
    මට හිතුන මේ වැස්ස​
    ඇයි මෙච්චර රත්වෙල කියල​
    මම මගේ ඇස් තවත් ලොකුකරන් බැලුව​
    අනේ..දෙවියනේ....මම මේ මොනවද හිතන්නෙ
    එතකොටයි මම දැක්කෙ
    මගේ රත්තරන් අම්මගෙ දෙනෙති
    කඳුලින් තෙත්වෙලා තියෙනව​

    අම්ම ගැන කියවෙන හැඟීම්බර සංවේදී කවි ගොන්නක්. ලස්සනම ලස්සනයි යාලුවේ....

    ReplyDelete
  5. ලස්සනම ලස්සනයි. මමත් මගෙ අම්මට ගොඩාක් ආදරෙයි....

    ReplyDelete
  6. සියලු මනුෂ්‍යයෝ අම්මාගේ දරුවෝය!
    නිර්මාණය සාර්ථකයි කියල හිතෙනව!:))

    ReplyDelete
  7. අම්මා ගැන කොහොම ලියලා ඉවර කරන්නද අක්කේ.. ලස්සනයි..

    ReplyDelete
  8. අම්මා ගැන කොහොම ලිවුවත් හැඟීම්බරයි.

    කවිටික වෙනදවගේම ලස්සනයි.

    ReplyDelete
  9. නුඹේ ඇකයේ හිස හොවාගෙන
    නිදන විට නෙත් දෙක පියාගෙන
    අදත් දැනුනේ එදා කිරි සුවඳමයි
    මගෙ අම්මේ..

    පුදුම ලස්සනයි!!! අම්මා ගැන ලියන්න වචන මදි!! අම්මාගෙ අඅදරේ ඒ තරම්ම උතුම්..

    ReplyDelete
  10. අම්මා ගැන මම බ්ලොග් අවකාෂයේ කියවාපු කවි අතරින් මම ගොඩාක්ම කැමති කවියක් වුණා මේක .. ඒ විතරක් නෙවෙයි තෝරාගෙන තියන පින්තූරේත් හරිම ලස්සනයි .

    ReplyDelete
  11. හැඟුම් බර කවි පෙළක්...

    ReplyDelete
  12. @ Raj : ඔව් රාජ් අයියෙ..හැම දරුවෙක්ටම අම්ම කෙනෙක් තරම් වෙන කවුරුත් නෑ..


    @ Senna : ඔව් අයියෙ..අම්මගෙන්ම මුල්ම වෙනස පටන් ගන්න හිතුනා


    @ Hishan Melanga : ම්ම්..හිතාගන්න බැහැ..ඒත් ඉතින් අම්ම ගැන ඉස්කෝලෙ යද්දි ලියපු ඒවනම් අම්ම කියල තියෙනව :-)

    ReplyDelete
  13. @ සිහින මතකයන් :ලස්සනයි..මගේ කවියටත් වඩා..හැඟීම්බරයි..


    @ Shaggy :ඔව් ෂැගී..මාත් එහෙමයි..


    @ Nuwan Tharaka : ස්තූතියි යාලු

    ReplyDelete
  14. @ Dinesh :හ්ම්ම්.. ඔව් අම්ම තරම් උතුම් කෙනෙක් තව ඉන්න පුලුවන්ද..


    @ අසරණයා : ස්තූතියි යාලු


    @ හිතුවක්කාරි : ඔව්..ඒක ඇත්ත අම්ම ගැන කොහොම කිව්වත් මදි..ස්තූතියි යාලු ..

    ReplyDelete
  15. @ හිස් අහස: සතුටුයි.. ස්තූතියි සඳරු..


    @ සයුරි : ස්තූතියි සයුරි..

    ReplyDelete
  16. මේ ලෝකෙ මිහිරිම වචනය......ලස්සන කවි පෙළක්...

    ReplyDelete
  17. නුඹේ ඔවදන් කටුක විලසින්
    දෙසවනේ වැදි වැදී තිබෙමින්
    තිබූ අවදියේ මගේ වදනින්
    ඔබේ සිත රිදවූවා මං අම්මේ
    ඔබේ කඳුලට හේතු මං අම්මේ

    එදා නුඹ කී එකම වදනක්
    හොඳ පුතෙකු වී ඇසුවා නම් මං
    අද මෙවන් දුක් වේද අම්මේ
    තාම තැවෙනවා මං
    සිතින් හඬනවා මං

    නුඹේ ඇකයේ හිස හොවාගෙන
    එදා විඳි ඔබේ සුවඳ විඳිනට
    අම්මා යැයි ලොව උතුම් වදනින්
    ඔබව අමතා සමා ගැනුමට
    එකවරක් නොව මියෙන තුරු මා
    පැතුම් පතනවා මං
    ඔබ දන්නේ නෑ එය දැං

    ReplyDelete
  18. කිරි මධු වැල් කිරි මධු වැල් කිරි අම්මේ
    අපිත් කිරට අඬනා දරුවන් අම්මේ..
    ලස්සන කවියක්. අම්ම ගැන කොච්චර කිව්වත් ඇති වෙන්නේ නෑ

    ReplyDelete
  19. අම්මා....
    පෙව් කිරි කඳුලෙනි.
    මේ ලොව මෙතරම් හැඩ වුනේ.

    අම්මා කෙනෙක්ගේ ආදරේ ගැන දුවෙක්ගේ හිතක ඇතිවෙන්න පුළුවන් ලස්සනම ලස්සන පැදි පෙළක්.

    ReplyDelete
  20. අම්ම ගැන කියන්න දෙයක් නෑ... කියන්න ගත්තොත් ඉවරයක්‌ කරන්න බෑ... කවි ටික සුපිරියි කියල විතරක් කියන්නම්... ජය වේවා!!!

    ReplyDelete
  21. හඳට පායන්නට
    ඉඩ නැවති තරමට අහසේ
    ඔබෙ ගුන ලීවත් අම්මේ
    අහසම මට මදි මිමේ

    ReplyDelete
  22. දරා දස මාසේ බරටණයගැති ..
    ජීවිතෙන් මා........!

    ReplyDelete
  23. කවි වගේම සිතත් ලස්සනයි නම්.......

    ReplyDelete
  24. කියන්න දෙයක් නැහැ අමුතුවෙන්. ඔක්කොම ලියල නොවැ..

    ReplyDelete
  25. අම්මාවරුනැති දරුවන්ගේ
    සංකාදුක් කවුදෝදන්නේ...

    ReplyDelete
  26. @ හිතහොඳ පිස්සා: හ්ම්ම්..මේ ලෝකෙම මිහිරිම වචනය..අලුත් යාලුවෙක්..ආදරෙයෙන් පිලිගන්නව මගේ බ්ලොග් පිටුවට..

    @ ගැමියාගේ පත් ඉරුව :ලස්සනයි..මියෙන තුරු නෙමෙයි මල්ලි ඉපදෙන හැම භවේමත්..

    @ පුංචි කුමාරිහාමි : ඔව් පුංචි..අම්මෙක් ගැන කොහොම කියල ඉවර කරන්නද..

    ReplyDelete
  27. @ ලොකු පුතා: ස්තුතියි ලොකූ..

    @ Shani : ස්තුතියි ශානියෝ..ජයවේවා..

    janith lakshan:හ්ම්ම්..ඒක ඇත්ත..ලස්සනයි..අලුතින් නේද මේ පැත්තට..ගොඩාක් ස්තූතියි සාදරෙයෙන් පිලිගන්නවා..

    ReplyDelete
  28. @ ජනියාගේ සයිබර් ලෝකය.: මාත් ආසම ගීතයක්..කලින් කමෙන්ට් එකත් ඔයාගෙමද..හිතාගන්න බැහැ..අලුත් යාලුව සාදරයෙන් පිල්ගන්නවා..

    @ Vishwaje : අම්ම කෙනෙක්ගෙ හිතක් කොහොමත් ලස්සනයි සහෝදරයා..

    @ sAm (සෑම්): ඒකනෙ..ඔක්කොම හරි නේද..මදි පාඩුවක් නෑ නොවැ.. :P

    @ විමුක්ති : හ්ම්ම්..

    ReplyDelete
  29. මේ මගේ ජීවිතය.

    ReplyDelete
  30. හරිම ලස්සන පැදි පෙළක් මම මගේ අම්මට මේ මුළු විශ්වයටත් වඩා ආදරෙයි

    ReplyDelete
  31. Hiruge unuhuma denennata pera
    Obee unuhuma thamai denunee...

    Hiruge jeewaya lebennata pera
    Oba thamai mata jeewe dunne...

    Mage bara man darannata pera
    Oba thamai bara deruwe maage...

    Kootiyak thi thun dewiyo ada
    Dakinawa obe senehe අම්මේ...

    Hegimbarai oyage kawiya! Lassana nirmanayak.
    Good luck! Karagena yanna.

    ReplyDelete