Pages

Thursday, November 24, 2011

නුඹේ අහසට මම..



හිරු කුමරුයි
සඳ සාවියි
නිල් අහසට උන්නා වගේ
නුඹේ හිරුත් සඳුත් වෙලා
මම ඉන්නම් හිත් අහසේ..
හිරු බැස යයි හැන්දෑවට
සඳුත් නෑනෙ අමාවකේ
රෑ අසට තනිවරන්න
තරු විතරයි ඉතිරි වුනේ..
හැමදාමත් අහස පුරා
තරු මල් වැල් පිපුනා වගේ
නුඹේ අහසේ හිරු සඳු නොව
තරුවක්වත් වෙන්න සිතේ..

Wednesday, November 9, 2011

වස්සාන සිහිනයේ පෙම්කම් ..


 වස්සාන සිහිනයේ
නිමක් නොහි පෙම්කම්
රැගෙන දෝතින්
නුඹ සොයා විත්
තවරන්න ඇත්නම්
නුඹේ  හිතපුරාවෙම
ආදරේ ආත්මය
මගේ එක සුසුමකින්..

Wednesday, November 2, 2011

මතකද ඒ ආදරේ..


වසන්ත කාලෙට එක දිගට
පිපෙන මල් රොත්තක් වගේ..
හරිම හැඩට ජීවිතේ පාටකරන්න
ආදරේ එක එක පාට අරන්
ඉස්සර ඔබ එනකොට..
අකීකරු හීන අහුරු
ඔක්කොම ටික
පොදි බැඳගෙන මතකද
මම ඔයා එනකල් මග බලන් උන්නා..

හරිම හිමීට පරිස්ස්මෙන්
ඔය ඇස් මේ හිත පුරා සිතුවම්
මවනකොට
ඔය නෙතු පතුලෙ කිමිදිල
ලස්සන ආදරේ කියවන්න
මතකද කාලෙ
මම වෙහෙස උනා..

අමතක කරන්නෙපා..

ජීවිතේ ගොඩ දුරක් යන්න
මහ ගොඩක් ආදරේ අරන්
ආයෙත් සවසක තැඹිලි පාට
හිරු එලිය අස්සෙන්
ඔබ මතුවෙනකන් රටා තිය තිය
හීන පාට කරපු මේ හිත
තාමත් වගේමග බලන් ඉන්නව..