Pages

Thursday, November 24, 2011

නුඹේ අහසට මම..



හිරු කුමරුයි
සඳ සාවියි
නිල් අහසට උන්නා වගේ
නුඹේ හිරුත් සඳුත් වෙලා
මම ඉන්නම් හිත් අහසේ..
හිරු බැස යයි හැන්දෑවට
සඳුත් නෑනෙ අමාවකේ
රෑ අසට තනිවරන්න
තරු විතරයි ඉතිරි වුනේ..
හැමදාමත් අහස පුරා
තරු මල් වැල් පිපුනා වගේ
නුඹේ අහසේ හිරු සඳු නොව
තරුවක්වත් වෙන්න සිතේ..

6 comments:

  1. අපූරුයි යාළුවා...

    අදයි මේ පැත්තට මුලින්ම ආවේ.. ජය..

    ReplyDelete
  2. හික් හික් හික්. තරු නම් අහසෙ ගොඩක් තියෙනව. තරුවක් වෙලා මේ සිතුවිල්ලෙන් ඔයා අදහස් කරන්නෙ අන්ත:පුරේකට වගේ set වෙන්නද? :) Just joking.

    ReplyDelete
  3. ලස්සනයි..සුභ පැතුම් නගා..

    ReplyDelete
  4. @ Dinesh: අලුත් යාළු ආද්‍රයෙන් පිලිගන්නව මේ පැත්තට..ආයෙත් ඇවිත් යන්න එන්නකො..

    @ Hishan Melanga: අනේ මන්ද..හිහි..

    @ Anonymous:තෑන්ක්ස් ඔයාට..

    ReplyDelete
  5. හරිම ලස්සනයි..

    ReplyDelete