Pages

Thursday, December 29, 2011

තාම තියෙන්නෙ ඒ දුප්පත් හිත විතරමයි




කී පාරක් කියන්නද
මල් ලියකම් හැඩදාලා..
රතු තින්තෙන් පාට ගාපු
ඊට යටින්
“I Love You” කියල
ඉන්ගිරිසියෙන් ලියගත්තු
ඔයා දැකපු පින්තූරෙක තිබුන
මොඩර්න් හාර්ට් එකක්
මට නෑ කියල..
තාම තියෙන්නෙ..
චුට්ටක් ඇත්නම් ගැස්සෙන..
හරිම බරට හුස්ම වැටෙන..
රුහිරයේ පැහැයෙන්
ආදරේ පාට වැටුනු..
අලුත් තාලේ පැලැස්තර
මුකුත් නැති
ඉස්සරම දවසක
ඔයාට පරිස්සමට  දුන්නු
ඒ දුප්පත් හදවත විතරමයි..