එක දවසක් හැන්දෑවක
සඳුත් එක්ක එකතු වෙලා
හරි හරියට එළිය දෙන්න
හීන දැක්කා..
ඒත් ඒ හැන්දෑව කවදාවත් ආවෙ නෑ..
හීන දැකපු මගේම හිත කළුවර වුනා..
තව දවසක් හිමිදිරියක
හිරුත් එක්ක හරි හරියට
මලින් මලට පාට දෙන්න
හීන දැක්කා..
ඒත් ඒ හිමිදිරිය කවදාවත් අවෙ නෑ..
හිතේ තිබුන හැම පාටම දියවෙලා ගියා..
තව දවසක මද්දහනක
වලාකුලක සැඟවීගෙන
හරි හරියට සිසිල දෙන්න
හීන දැක්ක..
ඒත් ඒ දහවල කවදාවත් හමු වුනේ නෑ..
හීන දැකපු මගේ හිතම පිච්චිල ගියා..
හැම දිනකම ඔයත් එක්ක
හරි හරියට හිනා වෙලා
ආදර හිත ඔයා ලඟඳි දිග හරින්න
හීන දැක්ක..
ඒත් ඔයා තාමත් නෑ..
හීන දැකපු මගේ හිතම පාලු වෙලා..