Pages

Thursday, December 22, 2011

නුඹට මගෙ හිත ගාව තව ආදරේ බෝම


දඟකාර සුලං වැල්
බඳ වටා එතෙන විට
දැනේ මට සෙනේ සූව
නොවිඳි රසයක් සේම

නොහික්මුනු ඔබෙ ඇස්
මා වටා සරන විට
නොදේ තව ඉවසුමක්
බදා සිපගමි මේම

අකීකරු මගෙ හිත
සසල වෙයි නිරන්තර
ඔබ මගේ හිත පුරා
ඇවිදිනා විට මේම

නිසන්සල හීන කැටි
සසලෙනා මොහොතකට
නොසන්සුන් පැතුම් පොදි
දරාගමි මම කෝම

විටක මා සනසවන
විටක මා සලිතවන
නුඹට මගෙ හිත ගාව
තව ආදරේ  බෝම..