Pages

Sunday, February 19, 2012

මට ආසයි !


ඉස්තරම්ම ආදරයක්
ඔබ දෝතට අරන් ඇවිත්
ආසයි මට රැඳී ඉන්න
නෙතු අතරේ ටික මොහොතක්..

පරිස්සමට මම ඇවිදින්
තුරුලු කරන් ආදරයෙන්
මට ආසයි 
කියා දෙන්න
හිත නිවනා පෙම් කවියක්..
ලස්සන නිල් ඇස් දෙකකින්
සලනා මුදු හැඟුම් බැලුම්
නොතේරුනා වගේ ඉදන්
ආසයි රිදවන්න ටිකක්..
මල් පෙති ඇතිරූ මෙලෙකට
ඔය දෙතොලේ පහස සොයන්
මට ආසයි සිප ගන්නට
පරිස්සමඑක මොහොතක්..
විකසිත පෙම් පොකුරු අරන්
ආදරෙයෙ සුවඳ ඔබන්
මට ආසයි ඒ මල් වල
ලියන්න ආදරෙ තරමක්..