Pages

Sunday, July 8, 2012

ඔබය..ඔබමය..




මහා නියං කලකට හසුව
දැවෙන්නට ගිය ආත්මය
සනහා සතපා සිහිල් දියපොදකින්
ප්‍රාණවත් කල වැහි බිඳුව ඔබය..

සිනාවක් මතක නැතිව
ඉරිතලා ගිය මේ මුහුන මත
පාට පාටින් සෙනේ මල් ගෙන
අතුරා පතුරා විසිතුරු කල
ප්‍රේමනීය උයන් තෙර ඔබය....

ගම් නියම්ගම් පාලුකරමින්
ඉතිරි පැතිරුනු මහ වරුසා මෙන්
දෝරෙ ගිය කඳුලු බිඳු
ගලන විට හරවා කරවා වැව් තාවුලු
සත් කන්නයක් අස් වැද්දූ
මහා නිරිඳුන් ඔබය..

අඳුරේ තනිවී ඈත තරුවකට
අහිමි බව බව දැන දැනත් ලොබ බඳින විට
නොතැවී ඒ එලියෙන් දකින්නට ජීවිතය
තුන් තිස් පැයේ දැල්වූ කරවූ
දොලොස්මහේ පහන් සිළ ඔබය..

දියවී යන්නට මත්තෙන්
අවසන් කඳුලු බිඳුවත් නිහඬව
දෝත පා ලංකර මා මුව
පරිස්සමට හිනස්සූ මේ වත කමළ මත
ගල්වා නහවා සෙනෙහසේ ඔසු පැන්
සුවපත් කල ජීවක ඔබය..

සංසාරේ ආත්ම ගානකට
පැතුම් පොදි කැඳවා පුරවා
දැවටෙමින් සනහමින්
මා ලඟ රැඳෙන රැකදෙන
සදාදරණීය මගේ හිමිසඳ
සත්තයි
*
*
ඔබය..ඔබමය..

56 comments:

  1. ගොඩක්අයට,කසාදබැඳලාඅවුරුදු ගානක්ගියාමඕකඅමතකයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඒකනම් ඇත්ත තමා විමුක්ති මල්ලි..ඒත් මටනම් ඒ කිසි දෙයක් අමතක වෙන එකක් නැහැ..ඒ තරම් මහන්සියෙන් හොයාගනිපු කෙනෙක් එයා.. :)

      Delete
  2. හැමදාම ඔහෙම ඉන්න තියනම්....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..මගේ එකම පැතුම එච්චරයි තරුවො..

      Delete
  3. ෂා ආයෙත් ඇඳුම වෙනස්වෙලා.... සිරාවටම මේක ගති ඉස්සෙල්ලා තිබුණ එකට වඩා...

    ඉරිතැළුණු හදවතට
    සෙනෙහෙ වැසි වස්සවපු...
    කඳුළ පිරි දෙනෙතකට
    සිනහ පොදි රන්දවපු...
    වස්සානේ නොදුටු මා
    හද මලින් බර කරපු...
    හිමි සඳුනි දිවි පුරා
    හිඳමි ඔබ පාමුලම...

    කාලෙකට පස්සේ ඔයාගේ නිසඳැසේ තේරුමම එන තවත් නිසඳැසක් ඕං මගෙන්.... ජය වේවා අක්කේ.දිගටම ලියන එක ගැන සතුටුයි.... හැමදාම ඔහොම ඉන්න ඔයාට පුළුවන් වේවි අක්කේ.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ලස්සනයි මල්ලිගෙ නිසදැසත්..කාලෙකින් තමයි ඔයා කවියක් ලිව්වෙ මගේ බ්ලොග් එකේ නේද..

      Delete
    2. ඔයත් කාලෙකින්නේ ලිව්වේ..... තරඟෙට කවි ලියන්න ආවේ බට්ටි අක්කා කවි ලියන්නෑනේ දැන්

      Delete
  4. අනේ අක්කා ලස්සන වෙලා..
    මාත් ආසයි අක්කියෝ කවද හරි මේ කවම ලියන්න....

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් නංගිගෙ අතින් මේ කවිය ලියවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. :))

      Delete
  5. පතමි සුබ පැතුම්,.,., ජයෙන් ජය ,.,ලස්ස්නට ලියල තියනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අලුත් යාලුවේ..ආදරයෙන් පිලිගන්නව මගේ නිවහනට..:)

      Delete
  6. ම්ම්ම් මේ දවස්වල මේ පැත්තේ ආදරේ වෑහෙනවා...ලස්සනයි සිත් රූ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කාව්‍යා..ඒ පැත්තෙත් මේ වගේම නෙවැ..;)

      Delete
  7. සුභ පැතුම් දෙන්නටම ආදරෙන් ඉන්න ජෝඩුවක්‌. හැම දාම මේ විදියට ඉන්න ප්‍රර්ථනා කරනවා.

    පහුගිය දවස් ටිකේ ඇවිල්ල හැරිලා ගියා නව කතාවක් නේ තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ..ඔව් වෙනසකටත් එක්ක කතාවක් ලියන්න පටන් ගත්තනෙ..හෙට අනිද්දම අතව කොටසක් දානවා..එදාටත් හැරිල යන්න කලින් කියවල යන්න හොඳේ..:)

      Delete
  8. ගොඩක් ලස්සන කවි සිතුවිල්ලක් අක්කේ..

    බ්ලොග් එකත් හැඩ වෙලා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි..මේ දවස් වල දිනේශ් මලයත් වෙනදට වඩා හැඩ වැඩවෙලා නාල කියල හෙම ඉන්නව කියල ආරන්චියි..:P

      Delete
  9. කොයිතරම් අපූරුද කවිය වගේම ජීවිතත්! ආයෙමත් සුබ පැතුම්!

    ReplyDelete
  10. ඔන්න නංගාව බලන්න මමත් ආවා.....
    අහා...මේ කවියෙන්ම කියලා තියෙන්නේ....
    අලුත් වෙනසට සුභ පැතුම් මගෙනුත්....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි දම්මි අක්කා..මම ඒ පැත්තෙ ගියපු මුල්ම දවසෙ ඔයත් ඇවිත් මාව බලන්න..ආදරෙන් පිළිගන්නවා මගේ නිවහනට..:)

      Delete
  11. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :-)

    ReplyDelete
  12. සුබපැතුම් ආයෙත්!!!
    අක්කේ, අනේ අර කතාවේ ඊළඟ කොටස ලියන්න මතක ඇතුව :/ :/

    ReplyDelete
    Replies
    1. ඊලඟට කතාව දානව මල්ලි.. :))

      Delete
  13. ආදරේ නම් වූ කලි වචනයෙන් විස්තර කල නොහැක්කක්මය. එහෙයින් නොදොඩා සිටීම වටී. !! ලස්සන සිතුවිල්ලක්. ගෙවෙන ගෙවෙන තප්පරෙත් මතකෙට ගොඩගැහෙන ආදරණීය සිතුවිල්ල නුඹමය.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ආදරේ ගැන වචන වලින් කියන්න හරිම අමාරුයි තමා..:)))

      Delete
  14. අනේ..ලස්සනම ලස්සන ඇඳුමක් අන්දලා... හරිම ලස්සනයි!!!

    කවි පෙළත් පුදුම ලස්සනයි!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූති හිතූ නංගා..මේ ඇදුම මෙච්චර ලස්සන වෙයි කියල හිතුනෙම නෑ මට..

      Delete
  15. සදා වාසනා !!!

    අලුත් ඇඳුම හොඳයි.. පරණ එක හරි නෑ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ..පරන එකේ ඩිරෙcට් මෙහෙම රිප්ලයි කරන්නත් බෑනෙ..:((

      Delete
  16. හැමෝම ඔය වගේ හිතනවා නම්..

    ReplyDelete
    Replies
    1. එහෙනම් හැමෝම සතුටින් ඉඳිවි..

      Delete
  17. ලස්සනයි යාළු ! :)

    ReplyDelete
  18. කවිය නම් හරිම ලස්සනයි අක්කි...ඒ වගේම අද බ්ලොග් එකත් ලස්සනට හැඩකරලා...ලස්සනම ලස්සනයි අක්කියෝ....

    ReplyDelete
  19. ජය..ජය...පෙම්වතා ගැන නම් කිය උනාට හිමිසඳ ගැන කියවෙන කවි දුර්ලබයි නේව පැදිපෙල සුන්දරයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඒ නිසා මම ලිව්ව ඔන්න එයා ගැන..

      Delete
  20. කවියෙන් ජීවිතය කියනවද? එහෙමත් නැත්නම් ජීවිත වලින් කවි කියවද කියල හිතෙනවා.අලුත් දවස අලුත් බලාපොරොත්තු අලුත් සිතුවිලි. හැමදාම අලුත් වේවා

    ReplyDelete
    Replies
    1. //අලුත් දවස අලුත් බලාපොරොත්තු අලුත් සිතුවිලි..//

      ඇත්තෙන්ම ඔව්..:))

      Delete
  21. කවිය තරම්ම බ්ලොග් එකත් ලස්සන වෙලා...හරිම ලස්සනයි...නමුත් කලින් තිබුණ කහ රෝසමලට තමයි මමනම් වැඩිපුරම ආස අක්කියෝ...

    කවිය ගැන කියන්නම ඕනි...

    දියවී යන්නට මත්තෙන්
    අවසන් කඳුලු බිඳුවත් නිහඬව
    දෝත පා ලංකර මා මුව
    පරිස්සමට හිනස්සූ මේ වත කමළ මත
    ගල්වා නහවා සෙනෙහසේ ඔසු පැන්
    සුවපත් කල ජීවක ඔබය..

    මේ පද ටිකට මම හරි ආසයි...

    ReplyDelete
    Replies
    1. සිත්තමී කවිය ගැන කියා තියෙනා ටිකට සම්පූර්ණයෙන්ම එකගයි.කවියේ උපරිමය සටහන් වෙන්නෙ"ගල්වා සෙනෙහසේ ඔසුපැන් සුවපත් කළ ජීවක ඔබය"කියන තැනින්.හොද කවියක් සිත්රූ,හැමදාම මේ සතුට ඔයාගෙ ජීවිතේ රැදී තියෙන්න කියල ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.

      Delete
    2. @ සිත්තමී:මමත් ගොඩක් කැමති ඒ කහ රෝස මල තිබුන ඇඩුමට තම නංගා..ඒත් ඒකෙ රිප්ලයි බට්න් එක නැති නිසා මට කරදරයි..ඒකයි අයින් කලේ..

      ස්තූතියි ඔයාට..:)

      Delete
    3. @ පුංචි එකී : ගොඩාක් ස්තූතියි නංගා..අලුතින්නෙ මේ ආවේ මගේ ගෙදරට..ආදරයෙන් පිළිගන්නව ඔයාව..:)

      Delete
  22. ලස්සනයි. මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි සයුරි.. :))

      Delete
  23. හැමදාම මෙතනට ආවොත් හදවත පිරිසිදු වෙනව. ඔයාගෙ මේ ලිවිල්ලෙන් අන් අයටත් හොදක් වෙනව කියල මතක තියා ගන්න.

    ReplyDelete
  24. කවි ලියන්න නම් මට බෑ අක්කෝ... හෑබෑම ලස්සනයි.... හෑමදාමත් මෙහෙමම ඉන්න ලෑබේවා කියලා මුලු හදවතිනම පතනවා

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි දේවා මල්ලි :)

      Delete
  25. හරිම ලස්සනයි... ඒ කවිය ඇතුලේ හැංගිලා මුළු කතාවක්ම තිබුණා ලස්සනම ලස්සන... අද තමයි ඉස්සෙල්ලම ආවේ සිත්රූ සිහින බලන්න..
    නියමයි...!

    ReplyDelete
  26. කවි ටික මෙහෙම ලස්සන නම් කවි ටික ඇතුලේ තියන කතාව කොහොම ලස්සන ඇත්ද.. මේ පැත්තට ආපු පලවෙනි දවස. සතුටු හිතෙන දෙයක් කියවන්න ලැබුනා.

    …සුබ පතනවා ඔයාලට.. !

    ReplyDelete
  27. අහඹුලෙස නෙත රැදුන සිතිවිල්ල සැබෑවටම සොදුරුයි.සිතිවිල්ල මොහොතකට දැහැන්ගත කල ඔබට සිත්පුරාවටම ස්තූතියි. ඔබත් මෙහි කාලෙකින් පැමිණ නෑ වගේ. ඇතැම් විට ඔබ මාව දකින එකක් නෑ.
    කොහෙමෙ වුනත් තව ලියන්න..
    මේ සොදුරුබව සදාකල් රැදේවා.....!

    ReplyDelete