Pages

Thursday, December 23, 2010

මගේ පුංචි පහන් තරුව..


ජීවතේට එලිය දුන්නු
මගේ පුංචි පහන් තරුව..
රෑ අහසේ හැඩට රුවට
හැමදාමත් මගෙ තනියට..

පායන විට ඉහලින් ඔබ
හෙන්දිරික්කා මල් යායට ..
හරිම හැඩයි කවි ලිය
වෙයි
මගෙ තනිකම් පාලු සිතට..

හුදකලාව රටා මවයි
කවිකම් ඉපදෙන රැයකට..
ඒ හින්දයි බලන් ඉන්නෙ
එනතුරු ඔබ සිත් අහසට..

කෝඩුකාර පෙම් හිත ලග
ආදරයෙන් එලිය දෙන්න..
අද වාගෙම හෙට රෑටත්
ඔබ එනවද මගෙ අහසට..

ඔබ නමින් පුරන පාරමි කුමටද තවත්.



පබදින්නට තරම් කවක්
සිත මැවෙන්නේ නැති විට..
සිතන්නට තරම්වත් දෙයක්
සිතට නොදැනන විට..
හඩන්නට තරම් කඳුලක්
නෙත ඉතිරිව නැති විට..
ඔබ නමින් පුරන පාරමි දම්
කුමටද තවත් මසිතට..