Pages

Saturday, December 31, 2011

සැමට සුභ නව වසරක් වේවා !!!


හෙට අලුත් දවසක්..
නැවුම් වසරක නැවුම් හිමිදිරියක්
මලින් විකසිත තුරුලතා මත
සියොත් ගී වැයෙනා
 නැවුම් අරුණැල්ලක්....
පැතුම් සහසක් පැතුම් ඉටුවී
සිනා මල් පිපෙනා..
සොඳුරු නව වසරක්..
සියලු ලෝ සත තුටින් හිනහෙන
සියලු පැතුමන් යෙහෙන් ඉටුවන
සුබම සුබ වසරක්..
දුක් සුසුම් ඉගිලී
සිතේ සැනසුම්
යලි ලබන්නට
ඉතින් එහෙනම්
මෙන්න මගෙනුත්
නිහඩ සුබ පැතුමක්..
සියලු ලෝ සත තුටින් හිනහෙන
සුබම සුබ වසරක්..