Pages

Saturday, December 31, 2011

සැමට සුභ නව වසරක් වේවා !!!


හෙට අලුත් දවසක්..
නැවුම් වසරක නැවුම් හිමිදිරියක්
මලින් විකසිත තුරුලතා මත
සියොත් ගී වැයෙනා
 නැවුම් අරුණැල්ලක්....
පැතුම් සහසක් පැතුම් ඉටුවී
සිනා මල් පිපෙනා..
සොඳුරු නව වසරක්..
සියලු ලෝ සත තුටින් හිනහෙන
සියලු පැතුමන් යෙහෙන් ඉටුවන
සුබම සුබ වසරක්..
දුක් සුසුම් ඉගිලී
සිතේ සැනසුම්
යලි ලබන්නට
ඉතින් එහෙනම්
මෙන්න මගෙනුත්
නිහඩ සුබ පැතුමක්..
සියලු ලෝ සත තුටින් හිනහෙන
සුබම සුබ වසරක්..

16 comments:

  1. 2012 වසර, සුවහසක් ප්‍රාර්ථනාවන් සඵලවන, මංගල සීනු හැඬවෙන, සුබම සුබ, ප්‍රීතිමත් වසරක් වේවායි පතමි.

    ReplyDelete
  2. එළබෙන 2012 වසර සිතු සිතුම් පැතු පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා senna අයියා කියපු සීනුවත් හැඬවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  3. මගෙනුත් හදපිරි සුභ පැතුම්.එහෙනම් අලුත් අවුරුද්දකදී නැවත හමු වෙමු..

    ReplyDelete
  4. @ Senna: ස්තූතියි අය්යෙ..අලුත් අවුරුද්දෙ තියෙන ලොකුම බලාපොරොත්තුවක් වෙනුවෙන් තමයි ඔයා විශේෂම සුබ පැතුම් පතල තියෙන්නෙ..අය්යටත් පවුලේ සියලු දෙනාටත් හැම බලාපොරොත්තුවක්ම ඉටුවන සුබම සුබ නව වසරක් වෙන්න ඕන..

    @ ගැමියාගේ පත් ඉරුව:ස්තූතියි මල්ලි..ඔයාටත් කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන සුබම සුබ වසරක් වෙන්න කියල මම සුබ පතනව..

    @ අසරණයා:ස්තූතියි යාලු..ඔබටත් සුබම සුබ නව වසරක් වෙන්න ඕන..අලුත් අවුරුද්දෙ කිසිම අසරන කමක් නැතිව හැම බලාපොරොත්තුවක්ම ඉශ්ඨ කරගන්න වාසනව උදා වේව කියල පතනවා..

    ReplyDelete
  5. කෝඩුකාරයත් ඔයාට සුභම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  6. පැතුම් ඉටු වෙන සුභ සුභ වසරක් වේවා නංගියාටත්......

    ReplyDelete
  7. සුභ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  8. @ කෝඩුකාරයා :අලුත් අවුරුද්දෙ ලැබුන අලුත්ම බ්ලොග් යාලුවටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..

    @ Dinesh:ඔයාටත් වාසනාවන්ත නව වසරකට මගෙනුත් ආසිරි..

    @ ඔබ නොදු‍ටු ලොවක් : අය්යටත් පවුලේ සියලුම දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  9. ඔයාටත් සාමයෙන් සතුටෙන් සමගියෙන් පිරුනු සුභම සුභ නව වසරකට ආසිරි පතමි.

    ReplyDelete
  10. සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  11. @Hishan Melanga :ඔයාටත් කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..(ආ..අර ලියගන්න බැරි පෙම් කවියක් මේ අවුරුද්දෙවත් ලියාගන්න හැකි වෙන්න කියලත් මගෙන් සුබ පැතුම්..:D )

    @ Sammani ඔයාටත් අර අලුත් ගේ පොඩ්ඩ හදාගෙන සතුටින් ජීවිතේ ගෙවන්න පුලුවන් වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් සම්මානි..

    ReplyDelete
  12. @සිත්රූ සිහින
    පෙම් කවියක් ලියන්න තරම් තාම හිතේ කෙනෙක් නැහැ. ඒ පැත්තට යොමුවෙන්නත් ඉතින් ටිකක් බයයි. අන්තිම අවුරුදු දෙක නිසා.

    අවුලක් නැතුව කපු ආච්චි මාව ගොඩ දාවි මගෙ හිතේ :)

    ReplyDelete
  13. @සිත්රූ සිහින
    ඔයා‍ ලියන බය හිතෙන කවි හින්ද පස්ස ගගහ ඉන්නෙ.

    ReplyDelete
  14. @ Hishan Melanga :ඔව් ඔව් මුලින්ම අධ්‍යාපනය..ඊලගට පෙම් කවි ලියමුකො කපු ආච්චිගෙ පිහිටෙන්වත්..

    ReplyDelete
  15. ඔබටත් සුභ නව වසරක් වේවා...!!!

    ReplyDelete
  16. @ Observer : ඔබටත් පවුලේ සියලුම දෙනාටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා..!!!

    ReplyDelete