Pages

Thursday, December 29, 2011

තාම තියෙන්නෙ ඒ දුප්පත් හිත විතරමයි




කී පාරක් කියන්නද
මල් ලියකම් හැඩදාලා..
රතු තින්තෙන් පාට ගාපු
ඊට යටින්
“I Love You” කියල
ඉන්ගිරිසියෙන් ලියගත්තු
ඔයා දැකපු පින්තූරෙක තිබුන
මොඩර්න් හාර්ට් එකක්
මට නෑ කියල..
තාම තියෙන්නෙ..
චුට්ටක් ඇත්නම් ගැස්සෙන..
හරිම බරට හුස්ම වැටෙන..
රුහිරයේ පැහැයෙන්
ආදරේ පාට වැටුනු..
අලුත් තාලේ පැලැස්තර
මුකුත් නැති
ඉස්සරම දවසක
ඔයාට පරිස්සමට  දුන්නු
ඒ දුප්පත් හදවත විතරමයි..

13 comments:

  1. නියමයී
    අද නම් මම කවි ලියන්නෑ. මහන්සි වැඩී අද මට හොදටම.

    ReplyDelete
  2. මාර අදහස් අප්පා... නියමයි.... ලස්සනයි....

    ReplyDelete
  3. ඇත්තටම ලස්සනයි...

    ReplyDelete
  4. තවම තියෙන්නේ ඒ දුප්පත් හදවත විතරමාද.

    ReplyDelete
  5. තොරොම්බල් කඩයක්
    සාර විටක්
    රෙදි සාප්පුවක්
    රටේ නැති එළවළු පළතුරු උරච්චි කොරපු
    එම්බාම් කරපු මූනත් තහඩුවක්
    නෙමෙයි මට ඕනේ...

    මම හෙව්වේ
    පණ ගැහෙන
    දුක දැනෙන
    දුප්පත් හදවතක් විතරමයි...

    පියරු ගාපු
    පටි අලවපු
    කැටයම් කල මල් කිනිති වල
    සායමට වහ වැටුණු
    මැස්සන් බෝමයි

    ඒත් ඒවා ප්ලාස්ටික්....

    ඔන්න අක්කේ මම වචන ටිකක් එල්ලුවා ප්‍රති උත්තරයක් විදියට.

    ඔයාගේ කවිපෙල මාර ලස්සනයි සිරාවටම කොල්ලෝ ප්‍රාර්ථනා කරන්නේ අක්කා ලියපු විදියට හිතන කෙල්ලෝ.දිගටම ලියන්න අක්කෝ අපි සෑහෙන්න රස විදිනවා.ජය වේවා

    ReplyDelete
  6. ලස්සන අදහසක් ... මම රස වින්දා..........

    ReplyDelete
  7. ලස්සන අදහසක් නංගී..

    ReplyDelete
  8. වටින්නෙත් ඒ හදවතම නොවැ..

    හරිම ලස්සන අදහසක්.. :)

    ReplyDelete
  9. @ බට්ටි:මහන්සි නොබලා කවියක් ලියල ගියානම් බට්ටියො අගේ වැඩියි..

    @ Senna:ස්තූතියි අයියෙ..

    @ නරකයා....!!:ස්තූතියි යාලු..

    @ අසරණයා:ඇත්තටම ඔව්..මම දුප්පත් උනත් හදවතනම් පොහොසත්..

    @ ගැමියාගේ පත් ඉරුව :හෙහෙ ලස්සනයි..මට නොහිතපු තරම් දේවල් ගොඩක්ම හිතිලනෙ..

    @ Sammani:ස්තූතියි යාලු..අද නේද මේ පැත්තට ආවෙ..ගොඩාක් ස්තූතියි ඔයාට..

    @ Dinesh:ස්තූතියි අයියෙ..

    @ නන්දු:ස්තූතියි යාලු..

    ReplyDelete
  10. "ඉන්ගිරිසියෙන් ලියගත්තු
    ඔයා දැකපු පින්තූරෙක තිබුන
    මොඩර්න් හාර්ට් එකක්
    මට නෑ කියල.."

    කාලෙකින් අහපු රැඩිකල්ම කතාව. ඔයා නම් සෑහෙන ගොඩේ පාටයි :)

    ReplyDelete
  11. @Hishan Melanga : අනේ මම නෙමෙයි ඔයානෙ ගොඩේ..ඔයා අම්බලන් ගොඩයනෙ..

    ReplyDelete
  12. “I Love You” කියල
    ඉන්ගිරිසියෙන් ලියගත්තු
    ඔයා දැකපු පින්තූරෙක තිබුන
    මොඩර්න් හාර්ට් එකක්
    මට නෑ කියල.."

    එහෙම හාර්ට් එකක් ඕනෙම නෑ.. හරිම ලස්සන අදහසක්... හරිම ලස්සනයි!!!

    ReplyDelete
  13. ම්ම්..එහෙම හාර්ට් එකක් මටත් ඕනෙම නෑ..තැන්කූ තැන්කූ හිතුවක්කාරි මේ පැත්තෙ ආවට..

    ReplyDelete