Pages

Friday, December 31, 2010

කොහිද පෙරදින තිබු සෙනෙහස..


මන්දාරම් අදුරත් එක්ක එන සීතලට..
ගැස්සෙයි සියොලගම
ඔබ උන්නට මා ලගම..
රත් පැහැයට හැරෙමින් නිදන්නට පෙර හිරු
බබලවයි ඔබෙ වත හරිම සුන්දරව
වෙනසක් නැතුවම..
අතොරක් නෑරම නැගෙන බිදෙන රළ
පමනි බිදින්නේ
මේ අපේ නිහඩ බව
පෙරදා වගේමයි හැමදේම..
නමුදු
තවමත් නිහඩයි මගේ රත්තරන් අද ඔබ..
කොහිද පෙරදින තිබූ ඔබේ
මහමෙරක් පරයන සෙනෙහස..

Thursday, December 30, 2010

එකම කවියක්..



ලියන්නට සිතුනි මට කවක්
ඔබ හැර අන් යමක් ගැන
නමුදු බලන විට
ලියා අහවරව අදත් ලියවුනේ
එකම කවියක්
ඔබ ගැනම එක එක විදිහට

ඔබේ ආදරේ පමනයි මට..





මල් පෙත්තකට පිනි බිඳුවක්
බර වැඩි නැහැ කිව්වට.
ඒක හරියටම දන්නෙ
මල් පෙත්ත විතරයි..
මගේ පුංචි හිතට ඔයාගේ
ආදරේ බර වැඩි නැහැ කිව්වට..
ඒක හරියටම දන්නෙ
මගේ හිත විතරයි..
එහෙනම් ඇයි කියන්නෙ
හිතන්නෙපා කියල මට..
සැරින් සැරෙ ඇවිත්
සිබිනකොට මගේ හිත පතුලම..
පුලුවන්ද සැහැල්ලුවට ගන්න
ඔබේ ආදරය මට..
කිව්වට දහදොලොස් පාරක්
ආදරෙයි කියල දවසකට..
දවසකට කීපරක් පිච්චෙනවද
ඔබ මට නැති වෙයි බයට ..
මහ පොලවම හිස මත වගේ
දැනෙන කොට ඔබ නිසා මට
සමනල තටුවක සැහැල්ලුව ගන්න
අමාරුයි නේද හිතට ..
එහෙනම් කියන්නෙපා
හිතන්නෙපා කියල මට වැඩිපුර ..
හිතනවා මම තව ගොඩාරියක්
අපි දෙන්න ගැන
ඇස්වහක් නැහැ රත්තරන්
අපේ ආදරයට..
සත්තයි
ආත්ම හතකට ඔබේ ආදරය
පමනයි මට..

Monday, December 27, 2010

බලාපොරොත්තුවකි නුඹ..



ලියා අහවර කවියකට
පද වැලකි නුඹ..
නින්ද අහලක නැති දෙනෙතට
සිහිනයකි නුඹ..
ඳූරක් නැති දහවලකට
පුන්කි නුඹ..
ආදරයක් නොපතන
බලාපොරොත්තුවකි නුඹ..

Friday, December 24, 2010

හිත ඉකිබිදියි..


හීන් හිරිපොද වැස්සෙ
උනුහුමට තුරුලු වී
ඇවිද ගිය කාලය
ඉතින් දැන් අහවරයි..
අනෝරා මහ වැස්සෙ
අද තනිවම යද්දි
කෝ ඔයා ඔබ කොහිද
තාම හිත ඉකිබිදියි..
තද සුලං අකුණු
මහ වැසි වලට ගැස්සෙද්දි
ඔබ ඇතැයි මා ලගින්
හිත කියයි..
තෙත බරිත මගේ සිත
මහ වැස්සකින් නොව
ඔබට පිදු සෙනෙහසින්
ඔත්පලයි..

Thursday, December 23, 2010

මගේ පුංචි පහන් තරුව..


ජීවතේට එලිය දුන්නු
මගේ පුංචි පහන් තරුව..
රෑ අහසේ හැඩට රුවට
හැමදාමත් මගෙ තනියට..

පායන විට ඉහලින් ඔබ
හෙන්දිරික්කා මල් යායට ..
හරිම හැඩයි කවි ලිය
වෙයි
මගෙ තනිකම් පාලු සිතට..

හුදකලාව රටා මවයි
කවිකම් ඉපදෙන රැයකට..
ඒ හින්දයි බලන් ඉන්නෙ
එනතුරු ඔබ සිත් අහසට..

කෝඩුකාර පෙම් හිත ලග
ආදරයෙන් එලිය දෙන්න..
අද වාගෙම හෙට රෑටත්
ඔබ එනවද මගෙ අහසට..

ඔබ නමින් පුරන පාරමි කුමටද තවත්.



පබදින්නට තරම් කවක්
සිත මැවෙන්නේ නැති විට..
සිතන්නට තරම්වත් දෙයක්
සිතට නොදැනන විට..
හඩන්නට තරම් කඳුලක්
නෙත ඉතිරිව නැති විට..
ඔබ නමින් පුරන පාරමි දම්
කුමටද තවත් මසිතට..

Wednesday, December 15, 2010

දවසක මම තනිවෙයි කියල හිතුනෙ නෑ ..


රෝස පාට හීනෙක දැවටිලා
ඔය ජීවන සුවඳ දිගේ
පාර හොයාගෙන එද්දි
මග වැරදෙයි කියල
මම හීනෙකින්වත් හිතුවෙ නෑ ..
උතුරා ගිය ආදරේ
සුන්දරයි කියල හිතුනම
දරගන්න බැරි තරම් බරට
ඔය ආදරෙ ලැබුනම
දවසක මම තනිවෙයි කියල
නිකමටවත් හිතුනෙ නෑ ..
ජීවිතේට ඕන දෙයක් වෙච්චදෙන් කියල
ඔය පපුවට හිස තියාගෙන
උනුසුම හොයනකොට
අනේ මන්ද මට වෙන
ලෝකයක් තිබුනෙම නෑ..

Tuesday, December 14, 2010

හමුවුවද හමු නොවුනා සේය ..





හමුවුවද හමු නොවුනා සේය 
වෙන්වුවද දුක නැත්තා සේය 
නමුදු ,
හමුවන හැමවිට කදුලු පුරෝගෙන 
අන්ර්ථව සිනාසලන ඔබට..
කියාගන්නට නොහී දහසක් දේ 
හිත හොවාගෙන සුසුම් ලන්නෙමි 
සබඳ, 
සමාව යදිමි 
මට ෙවෙර නොකරන්න..
මා පසුපස ලුහුබැඳ 
මට වේදනා නොදෙන්න..

Monday, December 13, 2010

ඔබ දන්නේනෑ..



අකුර අකුර හැඩ කර කර
ලියු පුංචි කවි දහසට
තාල තියපු පද වැල නුඹ
ඔබ දන්නේ නෑ..

පුංචි පුංචි හීන මවල
හිත ගව් සිය දුර යනකොට
මුලු හීනෙම පැහැයයි නුඹ
ඔබ දන්නේ නෑ..

මලින් මලට රටා තියල
බුදුන් පුදපු මල් අතරේ
නුඹ වෙනෙවෙන් පැතු පැතුම්
ඔබ දන්නේ නෑ..

හොරෙන් හොරෙන් මගේ හිතම
මේ තරමට හැඩ කරවන
නුඹට ආදරේ තරමක්
ඔබ දන්නේ නෑ..

ඔබේ සුදු නෙළුම මම..


මගේ ආදරේ හරිම පිවිතුරුයි
හරියට සුදු නෙළුමක් වගේ ..
මේ සුදු නෙළුම පේ වුනේ
ඔබේ පුදසුන හැඩ කරන්න ..
පිපුනෙත් ඔබ වෙනුවෙන්මනම්
පරවෙන්නෙත් ඔබ නමින්ම බව
සපථ කරගෙන ..
සුවඳ නැතුව ලස්සන නැතුව
මිලින උනොත් දිනක
අමතක නොවේවි ඔබට ..
ජීවිතෙ හැඩ කල
ඔබේ මේ සුදු නෙළුම..

දඟකාර ආදරේ ..



ආදරේ බව දැනුනත් ඔබ මට
මේ තරම් යැයි සිතුවෙ නැහැ මම
හෙමිහෙමිට මවපු හීන කන්ද
මෙච්චරටම බර ඇයි මේ පොඩි කෙල්ලට
කප්පරක් හීන මවල මේ තරමට
මාලිගා මවන හැටි හීන ලෝකෙක
සුදු පිරුවට ගෙන
වඩින්න ඒ ලෝකෙට
ආසාවෙන් ඉන්නෙ තවමත් මේ කෙල්ල
හැඩකර කර හුරතල් වෙවි
පුංචි හුරතල් කොලු පැටියෙක් වගේ
කියනකොට ඒ හීන ගැන
අමතකයි හිතේ තියෙන හැම දුකක්ම
ඒ වගේම තමයි
චුට්ටක් තරහ ගියාම
පුංචි ඇස් දෙක රතු කරන් ඔරවනකොට
සුදු මුහුන රතුවෙලා දුක හිතෙනකොට
ආදරේ හිතෙනව වැඩි වැඩියෙන් මට
මේ පුංචි විසේකාර දඟ මල්ලට
කුසගින්නෙ හරි ඔය දෙපා මුල
ඉන්නට ඇත්නම් ඔබ ලගින්ම මට
අමතක කරන්න පුලුවන්
මුලු ලෝකෙම මොහොතකට
සුන්දරනම් ආදරේ මෙතරමට
කෙසේ යන්නද
ඔබ හැර මා දුරකට
අද මෙන්ම ඊටත් වැඩියෙන්
ආදරෙයි
මතු මතුවටත්
ඔබට..

Friday, December 10, 2010

මගේ සඳ



පෙම් බඳිමි මම
මගේ සිත් අහසට
සඳක් වී පැයු නුඹට
නමුදු කිසිදින
බැස නොයනු මැන
අමාවක වී මා තනිකර

තාමත් මම ආදරෙයි..


ඔයත් එක්ක ඇවිදන් ගිය මාවත් වල
අද තනියම යනකොට
තවමත් හැරි හැරී බලන්නෙ
ඔයා මගේ පසුපසින්වත්
ඇති කියල හිතෙන හින්දා...
වෙනදට නැවතිලා කතාකරන
බස් හෝල්ට් එක දැක්කම
අයෙත් මම හැරිල බලන්නෙ
ඔයා අහම්බෙන්වත් එතන
ඇති කියල හිතෙන හින්දා...
ඒත්,
ඇත්තටම කවමදාවත්
ආයෙත් මම වෙනුවෙන්
මගබලන්නෙ නැහැ කියල දැනුනම
මේ ඇස්වලට කදුලු වැටෙන්නෙ
තවමත් මම ආදරේ හින්දා...
ජීවිතේම අපායක් වෙලා
තවමත් මම ජීවත් වෙන්නෙ
සත්තයි !
මැරුනොත් ඔයා මට කවමදාවත්
දකින්නවත් නොලැබෙන හින්දා...

අහම්බෙන්, ඔබ හමු නොවී තිබුනානම්....


ඉරී පරඩැල් වෙච්ච කොලයක
ඔබ රතෙන් කටු ගෑව කවියක්
අනේ මගේ නෙත නොගැටුනානම්..
අදත් කිසිවක් නොවූ ගානට
සිනසීගෙන බිම බලාගෙන ..
යන්න තිබුනා අහම්බෙන්,
ඔබ හමු නොවී තිබුනානම්....