Pages

Thursday, January 5, 2012

සොඳුරු නිශාන්තය..


සිහින් සඳ රැස් ගලන
තාරුකා වියන යට
පිනිතුහින මතින් පිබිද
හිනහුනා කඩුපුල් මල
....
ගලන සඳ රැස් මතින
බැස විත් සුරඟනන් හෙමීට
ගයමින් ගීතිකා තාලෙට
නටයි කඩුපුල් මල වෙලාගෙන
....
හමන මදනල එක්ක
දැනෙන සීතල සිසිලට
පිම්මේ දිවගොසින් මට
විඳින්නට ආසයි
 මේ අරුම රැය
....
ඉතින් කඩුපුල් මලේ නුඹ
හමමින් සුවඳ දස අත
ඇමතුවේ මටමද
නිහඬව විඳින්නට
 මටම විතරක්
මේ  සොඳුරු නිශාන්තය
....

20 comments:

  1. ෂා..හරිම ලස්සන බ්ලොග් එකක්..ඔක්කොම නම් කියවන්න බැරි උනා..හිමීට කියවන්නම්..ලස්සන කවියක්..හැමදාම එන්නම්කෝ

    ReplyDelete
  2. ඇයි තනියෙන් සුවඳ විඳින්නේ අපිට තහනම්ද..

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්... ලස්සනයි...

    කඩුපුල් මලේ නම් ඇත්තටම විදිය හැකි සුවදක් තියනවා...

    ReplyDelete
  4. නිශාන්තයේ පිපි
    කඬුපුල් මලක්
    රැයේ පෙම් ගීයකට
    ආරාධනා කරයි මට රහසින්..

    ලස්සන කවියක් අක්කේ..

    ReplyDelete
  5. කඩුපුල් මලක් තාම දැකල නෑ.

    මන් ටිකක් හොරයි කවි කියවන්න, මේ කවි පන්තිය නම් කියෙව්ව.

    ReplyDelete
  6. කඳුල අතරින් නැගෙන හිනාව ලස්සනයිලු සුරංගනාවොත් ආසයිලු

    ReplyDelete
  7. මගේ වත්තෙත් වරක්
    පිපුණි කඩුපුල් මල් ගොඩක්
    මැදියම් රැයේ දුටුමුත්
    උදේ වෙද්දී පරවී ගොසින්

    සදරැස් වැටද්දී
    දෙවගනන් පුදන්නට
    පමනයීලූ පිපෙන්නේ
    කඩුපුල් මල් මෙලොවේ

    ඔයාගේ කවිය නියමයී. 2012 කවි 365ක් ලියන්න වාසනාව ලැබේවා!

    ReplyDelete
  8. මමත් රාත්‍රී කාලේ හීන මවන්න හරි ආසයි. කවියට හරියන ඉමේජ් එක හැමදාමත් වගේ :)

    ReplyDelete
  9. @ පුංචි කුමාරිහාමි :ස්තූතියි පුංචි කුමාරිහාමි..මගෙ පුංචි ගෙදර වගේම ඉතින් ඔයාගෙ වලව්වත් හරිම සිරියාවන්ත පාටයි..

    @ අසරණයා : අපෝ කිසි තහනමක් නෑ..ඒත් මට විතරලු ආරාධනා කලේ..

    @ ඔබ නොදු‍ටු ලොවක් : ස්තූතියි අයියෙ..

    @ Senna :ඔව් අයියෙ.. කඩුපුල් මල් කියන්නෙ දිව්‍ය මල් වර්ගයක්ලුනෙ..

    ReplyDelete
  10. @ Dinesh :කඩුපුල් මලේ මෙලක
    සඳ එලියේ සොම්‍ය
    තැවරී ඒ පෙම් ගීයට
    මතුවේවි තවත්
    නිශාන්තයේ
    සොඳුරුතම
    නිමේශයක්..

    ඔයාගෙ පද ටිකත් ලස්ස්නයි මල්ලි..ඒ ටිකත් මගේ කවියට එකතු උනානම් කියල හිතුනා..

    @ Observer : අපේ ගෙදරනම් තියෙනවා..රෑ 10 න් පස්සෙ වගේ තමා කඩුපුල් මල ලස්සනටම පිපෙන්න..ටිකක් සුදු නෙලුම් මලක් වගේ..ඊට වඩා මල් පෙති තුනීයි..කහ පාට දිග රේනු තියෙන මේ මලේ රේනු නටනවා වගේ නිතරම සෙලවෙනවා..හරිම ලස්සන මලක්..දෙවියන් මේ මල් කඩල බුදුන් පුදනවා කියලනෙ කියන්නෙ..

    (ඒ වගේම මේ මල් පූජා කලාම සුරන්ගනාවියක් වෙනව කියල අපේ අම්ම දවසක් කිව්ව ..)

    මේ පැත්තට ආවට ඔබ තුමාට ගොඩාක් ස්තූතියි.. :)

    ReplyDelete
  11. නොදැක කඩුපුල් මලක්
    ගොතන්නේ කෙලෙසද කවක්
    මවන්නේ කෙලෙසද රැයක්
    නොදැක සුරගන රුවක්....

    රැයක මදනල හමන මොහොතකට
    සිසිළ ගෙන තරු පිපුනු වියන යට
    ඈත හිද හෝ ඔබ දකින්නට
    නොම පමාවී පිපෙනු හනිකට

    ඔයාගේ කවීත්වය නම් හරි අපූරුයි....
    මම කඩුපුල් මලක් දැකලා නෑනේ ඉතින් සුවද විදලත් නෑ.හරිම ලස්සනයි.

    //(ඒ වගේම මේ මල් පූජා කලාම සුරන්ගනාවියක් වෙනව කියල අපේ අම්ම දවසක් කිව්ව ..)//

    කොල්ලෙක් මේ මල් පූජා කරෝතින් මක් වෙයිද???

    ReplyDelete
  12. @ නරකයා....!! : අනිවාර්යෙන්ම කඳුලු අතරින් සිනාවෙන්න පුලුවන්නම් සුරන්ගනාවියො විතරක් නෙමේ අපිට පෙනෙන නොපෙනෙන හැම කෙනෙක්ම අපිට ආශීර්වාදයක් වෙනවා..සොබාද කරනවා..ජීවත් වෙනව කියන්නෙ කඳුලු මැඩගෙන හිනාවෙන්න උත්සහ කරන එකට තමයි සහෝ..

    @ බට්ටි :මෙවනි මල් ඇති ගෙවතුත්
    වාසනා වෙයිලු බෝමත්..

    හැමදාම වගේ අදත් ලස්සනයි කවිය..

    අපිනම් බට්ටියො කඩුපුල් මල් පිපුනම කඩල පූජා කරනව..හවසට පේනවනෙ රැට පිපෙන්න තියෙන මල්..එහෙම දවසට පොඩ්ඩක් ඇවිත් බලල නිකන් පරවෙන්න දෙන්නෙතුව කඩල බුදු මැදුරෙන් තියන්නකො පොඩි වාස් එකකට වතුර ටිකක් දාල..

    පෝස්ට් කොහොම උනත් සීයක්වත් ලියාගන්න තමා ට්‍රයි කරන්නෙ :D


    @Hishan Melanga:රාත්‍රී කාලයේ හීන මවන්නට පෙර අවදි වී පාඩම් වැඩ ගැන උනන්දු වූවොත් මැනවි.. :D

    ReplyDelete
  13. @ ගැමියාගේ පත් ඉරුව :මටත් කියන්න තියෙන්නෙ මල්ලියේ ඔයාගෙ කවීත්වය අපූරුයි කියල තමයි..හරිම ලස්සනයි..ලියන්නකො නිකමට වගේ ඔයාගෙ පත් ඉරුවෙත් කතා වලට අමතරව ලස්සන කවි දෙක තුනක්..

    ඔයා කඩුපුල් මල් පූජ කරල ඊලඟ ආත්මයක ලස්සන දෙවි කෙනෙක් වෙලා ඉපදෙයි.. එතකොට කොහොමද ඔය නොදැකපු සුරන්ගනාවියන් ඇවිල්ල ඔයා ලඟට වෙලා පවන සලද්දි..:D

    මාත් ඉතින් දන්නැහැ මල්ලි ඕවා දන්නැද්ද ඉතින් අම්ම කියපු එක මතක් වෙලා මාත් කියල දැම්ම දන්නව වගේ.. :))

    ReplyDelete
  14. ඔයා කවි ලියන නිසානේ අක්කේ අපිත් ඇවිල්ලා කවි ලියන්නේ මම බ්ලොග් එක පටන් ගනිද්දි කවි ලියන්න හිතුවේම නෑ.මං ගාව ලියපු කවි එකින් එක දාන්නම්කෝ පිළිතුරක් විදියට කවි ලියන එකත් ජොලි හැබැයි රසේ නම් අප්සට් වෙයි..

    බැරිද අක්කේ මලක් දෙන්න පැල කරලා පූජ කරන්න හි හි ඔයත් සුරන්ගනාවියක් උනාම පවන් සලන්නේ නැතෑ නේද ඇවිල්ලා...

    ReplyDelete
  15. මේ බ්ලොග් එක හරිම ලස්සනයි තමා.. හරිම චාර්ම් අමුතුම ලස්සනක් තියෙන්නෙ..ඒ වගේම කවිත් ලස්සනයි.. මටත් ඔක්කොම කියවන්න බැරි ව්උනා.. ඒත් ඉස්සරහට කියවන්නම්කෝ.. ජය වේවා!!!

    ReplyDelete
  16. අද තමයි බැලුවේ!
    බ්ලොග් 1ත් ලස්සනයි ,කවිත් ලසනයි!
    දිගටම බලන්නම්කෝ !

    ප.ලි-(ඔයා ලස්සනද කියල තමයි දන්නේ නැත්තේ!)

    ReplyDelete
  17. @ හිතුවක්කාරි: ගොඩාක් ස්තූතියි හිතුවක්කාරියෙ..ඉදිරියට ලියන්න හිතන් ඉන්න ඒව කිවමුකො එහෙනම්..හිතුවක්කාරි profile image එක හරි හැඩයි..

    @ Nuwan Tharaka:තැන්ක් කූ..තැන්ක් කූ..

    ප.ලි. (නෝනත් ලස්සනයි! ගේත් ලස්සනයි!..)

    ReplyDelete
  18. @ ගැමියාගේ පත් ඉරුව :අන්න හොඳයි මල්ලි එහෙම කරමු එහෙනම්..ඔයා අපේ අලුත් ගීත රචකයනෙ..ඒක නෙමෙයි මලක් දෙන්න පුලුවන් ඒත් හැමදාම පිපෙන්න තරම් අපේ ගෙවත්තෙත් නෑනෙ..e mail එකකවත් එවන්නම්කො..:D

    ReplyDelete
  19. @ඔබා- කඩුපුල් මලක් දැකලා නැ.. හයියෝ.. අපේ ගෙදර තියෙනවා. අපි උදේට බලං ඉන්නවා පිපෙනකල්..

    ලස්සනට ලියලා. ආත්මාර්ථකාමීව හැබැයි. තනියම විදින්න යන නිසා :)

    ReplyDelete