Pages

Sunday, April 1, 2012

හෙට හිරු පායෙන්නෙ ඔබේ රැස් එලියෙන්..



හදවතේ හරි මැද
ඔය ආදරය සලකුණු කරගෙන
මග බලන් හිටියා මම
බොහෝ කල්
ඔබ එනතුරු
යලි මා සොයාගෙන..

දිගැටි නෙතු අයිනක
කැටි වී දිලිසුනු කඳුලු බිංදුව
වැටී කම්මුල් දිගේ රූරාගෙන
බදා ගත්තා
ඔබ හාදු දුන්
මේ රෝස කම්මුල..

සිරකොට සුරතින් අල්ලාගෙන
ආ ජීවිත මගක කෙලවර
පාලු වී තනිකම දැනෙන විට
හිත දිව ගියා යලි යලිත්
නතර වන්නට
කඳුලු ඉවුරක..

මට හිමි නොවී වරින් වර
මගෙන් ඈතට උදුරගෙන යන
සැනසීම සොයා
නිතරම
ලත වුනා මම
දෛවයට දොස් පවරගෙන..

***

හඬ හඬා තැවෙමින් හරි
සොයාගත් ඒ ආදරේ අතැතිව
මග බලන් හිටි දවස අරගෙන
එනවලු ඔයා අද හෙටම
මගේ ඇස් දෙක ලඟට

හෙට හිරු පායෙන්නෙ එතකොට
ඔබේ රැස් එලියෙන් මගේ මිදුලට
ඉතිං රත්තරං කොච්චර වැලපුනත් මම
තව පැය කීයද වියලෙන්නට
මේ ඔක්කොම කඳුලු කැට


***