Pages

Wednesday, December 15, 2010

දවසක මම තනිවෙයි කියල හිතුනෙ නෑ ..


රෝස පාට හීනෙක දැවටිලා
ඔය ජීවන සුවඳ දිගේ
පාර හොයාගෙන එද්දි
මග වැරදෙයි කියල
මම හීනෙකින්වත් හිතුවෙ නෑ ..
උතුරා ගිය ආදරේ
සුන්දරයි කියල හිතුනම
දරගන්න බැරි තරම් බරට
ඔය ආදරෙ ලැබුනම
දවසක මම තනිවෙයි කියල
නිකමටවත් හිතුනෙ නෑ ..
ජීවිතේට ඕන දෙයක් වෙච්චදෙන් කියල
ඔය පපුවට හිස තියාගෙන
උනුසුම හොයනකොට
අනේ මන්ද මට වෙන
ලෝකයක් තිබුනෙම නෑ..