මහා නියං කලකට හසුව
දැවෙන්නට ගිය ආත්මය
සනහා සතපා සිහිල් දියපොදකින්
ප්‍රාණවත් කල වැහි බිඳුව ඔබය..
සිනාවක් මතක නැතිව
ඉරිතලා ගිය මේ මුහුන මත
පාට පාටින් සෙනේ මල් ගෙන
අතුරා පතුරා විසිතුරු කල
ප්‍රේමනීය උයන් තෙර ඔබය....
ගම් නියම්ගම් පාලුකරමින්
ඉතිරි පැතිරුනු මහ වරුසා මෙන්
දෝරෙ ගිය කඳුලු බිඳු
ගලන විට හරවා කරවා වැව් තාවුලු
සත් කන්නයක් අස් වැද්දූ
මහා නිරිඳුන් ඔබය..
අඳුරේ තනිවී ඈත තරුවකට
අහිමි බව බව දැන දැනත් ලොබ බඳින විට
නොතැවී ඒ එලියෙන් දකින්නට ජීවිතය
තුන් තිස් පැයේ දැල්වූ කරවූ
දොලොස්මහේ පහන් සිළ ඔබය..
දියවී යන්නට මත්තෙන්
අවසන් කඳුලු බිඳුවත් නිහඬව
දෝත පා ලංකර මා මුව
පරිස්සමට හිනස්සූ මේ වත කමළ මත
ගල්වා නහවා සෙනෙහසේ ඔසු පැන්
සුවපත් කල ජීවක ඔබය..
සංසාරේ ආත්ම ගානකට
පැතුම් පොදි කැඳවා පුරවා
දැවටෙමින් සනහමින්
මා ලඟ රැඳෙන රැකදෙන
සදාදරණීය මගේ හිමිසඳ
සත්තයි
*
*
ඔබය..ඔබමය..