ආදරේ බව දැනුනත් ඔබ මට
මේ තරම් යැයි සිතුවෙ නැහැ මම
හෙමිහෙමිට මවපු හීන කන්ද
මෙච්චරටම බර ඇයි මේ පොඩි කෙල්ලට
මෙච්චරටම බර ඇයි මේ පොඩි කෙල්ලට
කප්පරක් හීන මවල මේ තරමට
මාලිගා මවන හැටි හීන ලෝකෙක
සුදු පිරුවට ඇඳගෙන
වඩින්න ඒ ලෝකෙට
ආසාවෙන් ඉන්නෙ තවමත් මේ කෙල්ල
හැඩකර කර හුරතල් වෙවි
පුංචි හුරතල් කොලු පැටියෙක් වගේ
කියනකොට ඒ හීන ගැන
අමතකයි හිතේ තියෙන හැම දුකක්ම
ඒ වගේම තමයි
චුට්ටක් තරහ ගියාම
පුංචි ඇස් දෙක රතු කරන් ඔරවනකොට
සුදු මුහුන රතුවෙලා දුක හිතෙනකොට
ආදරේ හිතෙනව වැඩි වැඩියෙන් මට
මේ පුංචි විසේකාර දඟ මල්ලට
කුසගින්නෙ හරි ඔය දෙපා මුල
ඉන්නට ඇත්නම් ඔබ ලගින්ම මට
අමතක කරන්න පුලුවන්
මුලු ලෝකෙම මොහොතකට
සුන්දරනම් ආදරේ මෙතරමට
කෙසේ යන්නද
ඔබ හැර මා දුරකට
අද මෙන්ම ඊටත් වැඩියෙන්
ආදරෙයි
මතු මතුවටත්
ඔබට..
ආදරෙයි
මතු මතුවටත්
ඔබට..
No comments:
Post a Comment