සිත්රූ සිහින
හුදකලා හිතට තනි වරන නුඹ නමින් ලියවුනු සෙනෙහසේ කවිකම්..
Pages
Home
Monday, December 27, 2010
බලාපොරොත්තුවකි නුඹ..
ලියා අහවර කවියකට
පද වැල
කි
නුඹ
..
නින්ද අහලක නැති දෙනෙතට
සිහිනය
කි
නුඹ
..
අ
ඳූ
රක් නැති දහවලකට
පුන්
ස
ඳ
කි
නුඹ
..
ආදරයක් නොපතන
ම
ට
බලාපොරොත්තුව
කි
නුඹ
..
Friday, December 24, 2010
හිත ඉකිබිදියි..
හීන් හිරිපොද වැස්සෙ
උනුහුමට තුරුලු වී
ඇවිද ගිය
කාලය
ඉතින් දැන්
අහවරයි..
අනෝරා මහ වැස්සෙ
අද තනිවම යද්දි
කෝ ඔයා ඔබ කොහිද
තාම හිත ඉකිබිදියි..
තද සුලං අකුණු
මහ වැසි වලට ගැස්සෙද්දි
ඔබ
ඇතැයි මා ලගින්
හිත කියයි..
තෙත බරිත මගේ සිත
මහ වැස්සකින් නොව
ඔබට පිදු
සෙනෙහසින්
ඔත්පලයි..
Thursday, December 23, 2010
මගේ පුංචි පහන් තරුව..
ජීවතේට එලිය දුන්නු
මගේ පුංචි පහන් තරුව..
රෑ අහසේ හැඩට රුවට
හැමදාමත් මගෙ තනියට..
පායන විට ඉහලින් ඔබ
හෙන්දිරික්කා මල් යායට ..
හරිම හැඩයි කවි ලිය
වෙයි
මගෙ තනිකම් පාලු සිතට..
හුදකලාව රටා මවයි
කවිකම් ඉපදෙන රැයකට..
ඒ හින්දයි බලන් ඉන්නෙ
එන
තුරු
ඔබ සිත් අහසට..
කෝඩුකාර පෙම් හිත ලග
ආදරයෙන් එලිය දෙන්න..
අද වාගෙම හෙට රෑටත්
ඔබ එනවද මගෙ අහසට..
ඔබ නමින් පුරන පාරමි කුමටද තවත්.
පබදින්නට තරම් කවක්
සිත මැවෙන්නේ නැති විට..
සිතන්නට තරම්වත් දෙයක්
සිතට නොදැනන විට..
හඩන්නට තරම් කඳුලක්
නෙත ඉතිරිව නැති විට..
ඔබ නමින් පුරන පාරමි දම්
කුමටද තවත් මසිතට..
Wednesday, December 15, 2010
දවසක මම තනිවෙයි කියල හිතුනෙ නෑ ..
රෝස පාට හීනෙක දැවටිලා
ඔය ජීවන සුවඳ දිගේ
පාර හොයාගෙන එද්දි
මග වැරදෙයි කියල
මම හීනෙකින්වත් හිතුවෙ නෑ ..
උතුරා ගිය ආදරේ
සුන්දරයි කියල හිතුනම
දරගන්න බැරි තරම් බරට
ඔය ආදරෙ ලැබුනම
දවසක මම තනිවෙයි කියල
නිකමටවත් හිතුනෙ නෑ ..
ජීවිතේට ඕන දෙයක් වෙච්චදෙන් කියල
ඔය පපුවට හිස තියාගෙන
උනුසුම හොයනකොට
අනේ
මන්ද මට වෙන
ලෝකයක් තිබුනෙම නෑ..
Tuesday, December 14, 2010
හමුවුවද හමු නොවුනා සේය ..
හමුවුවද හමු නොවුනා සේය
වෙන්වුවද දුක නැත්තා සේය
නමුදු ,
හමුවන හැමවිට කදුලු පුරෝගෙන
අන්ර්ථව සිනාසලන ඔබට..
කියාගන්නට නොහී දහසක් දේ
හිත හොවාගෙන සුසුම් ලන්නෙමි
සබඳ,
සමාව යදිමි
මට ෙ
වෙ
ර නොකරන්න..
මා පසුපස ලුහුබැඳ
මට
වේදනා නොදෙන්න..
Monday, December 13, 2010
ඔබ දන්නේනෑ..
අකුර අකුර හැඩ කර කර
ලියු පුංචි කවි දහසට
තාල තියපු පද වැල නුඹ
ඔබ දන්නේ නෑ..
පුංචි පුංචි හීන මවල
හිත ගව් සිය දුර යනකොට
මුලු හීනෙම පැහැයයි නුඹ
ඔබ දන්නේ නෑ..
මලින් මලට රටා තියල
බුදුන් පුදපු මල් අතරේ
නුඹ වෙනෙවෙන් පැතු පැතුම්
ඔබ දන්නේ නෑ..
හොරෙන් හොරෙන් මගේ හිතම
මේ
තරමට හැඩ කරවන
නුඹට ආදරේ තරමක්
ඔබ දන්නේ නෑ..
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)