Pages

Friday, December 10, 2010

තාමත් මම ආදරෙයි..


ඔයත් එක්ක ඇවිදන් ගිය මාවත් වල
අද තනියම යනකොට
තවමත් හැරි හැරී බලන්නෙ
ඔයා මගේ පසුපසින්වත්
ඇති කියල හිතෙන හින්දා...
වෙනදට නැවතිලා කතාකරන
බස් හෝල්ට් එක දැක්කම
අයෙත් මම හැරිල බලන්නෙ
ඔයා අහම්බෙන්වත් එතන
ඇති කියල හිතෙන හින්දා...
ඒත්,
ඇත්තටම කවමදාවත්
ආයෙත් මම වෙනුවෙන්
මගබලන්නෙ නැහැ කියල දැනුනම
මේ ඇස්වලට කදුලු වැටෙන්නෙ
තවමත් මම ආදරේ හින්දා...
ජීවිතේම අපායක් වෙලා
තවමත් මම ජීවත් වෙන්නෙ
සත්තයි !
මැරුනොත් ඔයා මට කවමදාවත්
දකින්නවත් නොලැබෙන හින්දා...

5 comments:

  1. මටත් මගේ අතීතය මතක් වුනා.

    ReplyDelete
  2. අදහස හොඳයි.... අදද මන්දා ඉස්සෙල්ලාම දැක්කෙ... තව කියවලා බලන්න ඔනේ...

    ReplyDelete
  3. නෑ නෑ ඊයෙ ඇවිත් තිබුනා..මම ඊයෙ දාපු පොස්ට් එකට comment කරලත් තිබුනා..ඒත් ඒ පොස්ට් නොවැලක්විය හැකි හේතුවක් නිසා එක මම delete කරා..ස්තූතියි මේ පැත්තට ආවට..

    ReplyDelete
  4. @ Anonymous: මම හිතන්නෙ comments දෙකම දැම්මෙ එක්කෙනෙක් වෙන්න ඕනෙ..ම්ම් ඔහොම තමයි ජීවිතේ හැටි..

    ReplyDelete