Pages

Sunday, December 18, 2011

ආදරණීය හිත


උඳුවප්
මැදියමේ
කිලිපොලා යන
සීතලට
ගැස්සෙන
ඔය හිත ලඟ
තනිවරන්නට
නිදි නැති රැයක
එන්නම්
පුන්චි කුටියේ
කව්ළුව ලඟට
මලානික සඳ එලිය
වැටෙන කවුලුව
පාමුල
රැදෙන්න ඔබ
නෙතු පියාගෙන
පපුතුරේ හොවාගෙන
තබන්නම්  එවිට
උනුසුම්ම හාදුවක්
හරිම සීරුවට
ආදරණීයව
ඔබේ නලලත
මතට..

8 comments:

  1. අනේ මන්ද මට නම් මේව තේරෙන්නෙ නැහැ :)

    ReplyDelete
  2. හැබැයි නළලට විතරයි

    ReplyDelete
  3. වැඩේ කියන්නේ මේක කියන්නේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද????

    ReplyDelete
  4. @ Hishan Melanga : මටත් තේරෙන්නැහැ අනේ..

    @ අසරණයා : හි හි..ඔව් නේද?

    @ Senna : හ්ම්..

    @ ගැමියාගේ පත් ඉරුව: ලිව්වෙ නම් කෙල්ලෙක්..

    ReplyDelete
  5. ලස්සනයී.හුගක් කෙල්ලෝ කැමති නලලට හාදු ගන්න තමයී. (මාත් ඇතුළුව)

    ReplyDelete
  6. @ බට්ටි: ඔව්..මම හිතන්නෙ නලලට ලැබෙන හාදුවකින් දැනෙන්නෙ පිවිතුරු ආදරනීය හැඟීමක් නිසා වෙන්න ඕන..

    ReplyDelete
  7. බලාගන....අම්මලා දැක්කොත් එහෙම ලැජ්ජ වෙන්න වෙයි හොදේ......

    ReplyDelete