Pages

Thursday, December 22, 2011

නුඹට මගෙ හිත ගාව තව ආදරේ බෝම


දඟකාර සුලං වැල්
බඳ වටා එතෙන විට
දැනේ මට සෙනේ සූව
නොවිඳි රසයක් සේම

නොහික්මුනු ඔබෙ ඇස්
මා වටා සරන විට
නොදේ තව ඉවසුමක්
බදා සිපගමි මේම

අකීකරු මගෙ හිත
සසල වෙයි නිරන්තර
ඔබ මගේ හිත පුරා
ඇවිදිනා විට මේම

නිසන්සල හීන කැටි
සසලෙනා මොහොතකට
නොසන්සුන් පැතුම් පොදි
දරාගමි මම කෝම

විටක මා සනසවන
විටක මා සලිතවන
නුඹට මගෙ හිත ගාව
තව ආදරේ  බෝම..

11 comments:

  1. මේ කවිය පුරාම ආදරේ පිරිලා.ලස්සනයී හුගක්

    ReplyDelete
  2. @ බට්ටි :ස්තූත්යි බට්ටි..පෝස්ට් එක දැන්ම විතරයි ඔයාගෙන් comment එක ආවෙ..ගොඩක් තෑන්ක්ස් හොඳේ.. :-)

    ReplyDelete
  3. එළ.. ලව් එකට දැන් කොච්චර කල්ද උඹේ ඇ....??

    ReplyDelete
  4. මේවට තමා කියන්නේ බොක්කෙන් ලව් කියලා..

    ලස්සනයි පද වැල.

    ReplyDelete
  5. හරිම ලස්සනයි හිතේ ආදරේ කොයිතරම් පිරිලා ඉතිරෙන්න ඕනේද මෙහෙම ලස්සනට ලියන්න.මේ පසුබිම් කථාවත් දැනගන්න ඇත්නම් තවත් අර්ථවත් ගොඩක් ලස්සන කථාවක හිමිකාරියක්ම තමමයි මේ

    දිගටම ලියන්න අක්කේ ජය වේවා..

    ReplyDelete
  6. මම හැමදාමත් කියනව වගේ මේ කවි හරිම ලස්සනයි. හරිම සංවේදියි. මේ ලියන විදියට ලියන්න පුදුම හිතෙන තරම් අත්දැකීම් තියෙන්න ඕනෙ. මමත් හිතනව මටත් කවද හරි මේ වගේ කවි ලියන්න පුළුවන් වේවි කියල.

    ReplyDelete
  7. @ නරකයා...: වැඩිය නෑ..2003 ඉඳලා.. :D

    @ Senna : හි හි..එහෙමද..තැන්කූ අයියෙ..

    @ ගැමියාගේ පත් ඉරුව:ස්තූතියි මල්ලි..:-)

    @ Hishan Melanga :හි හි ඔයාගෙ අර කපු ආච්චි ලඟදිම කවුරු හරි හොයල දුන්න දාට ලියවෙයි ලස්සන කවි..ඉන්නකො පොඩ්ඩක් ඉවසල.. :D

    ReplyDelete
  8. සුන්දර ආදර කවියක්... 2003 ඉදන් ආදරය කරලා... එතකොට දැන් සිත්රූගේ වයස කීයද??

    ReplyDelete
  9. @සිත්රූ සිහින
    අනිවා අනිවා :D

    ReplyDelete
  10. @ Dinesh :ස්තූතියි දිනේශ්..ආ..මගේ වයස දැන් 25යි..හිහි..

    @ Hishan Melanga:ම්ම්..මම කිව්ව හරිනෙ..:D

    ReplyDelete
  11. මට කියන්න හිතපු දේ කියන්න වෙන්නේ නැහැ.උඩ තියෙන කමෙන්ට් වල ඒ හැම දෙයක්ම තියෙනවා.
    ජයෙන් ජය

    ReplyDelete