Pages

Sunday, February 19, 2012

මට ආසයි !


ඉස්තරම්ම ආදරයක්
ඔබ දෝතට අරන් ඇවිත්
ආසයි මට රැඳී ඉන්න
නෙතු අතරේ ටික මොහොතක්..

පරිස්සමට මම ඇවිදින්
තුරුලු කරන් ආදරයෙන්
මට ආසයි 
කියා දෙන්න
හිත නිවනා පෙම් කවියක්..
ලස්සන නිල් ඇස් දෙකකින්
සලනා මුදු හැඟුම් බැලුම්
නොතේරුනා වගේ ඉදන්
ආසයි රිදවන්න ටිකක්..
මල් පෙති ඇතිරූ මෙලෙකට
ඔය දෙතොලේ පහස සොයන්
මට ආසයි සිප ගන්නට
පරිස්සමඑක මොහොතක්..
විකසිත පෙම් පොකුරු අරන්
ආදරෙයෙ සුවඳ ඔබන්
මට ආසයි ඒ මල් වල
ලියන්න ආදරෙ තරමක්..

29 comments:

  1. ලස්සනයි යාලු...තමන්ට ආදරේ කරන්න​,ඩිංගක් රන්ඩු කරන්න කෙනෙ ළඔඟ ඉද්දි දැනෙන හැඟීම.අනේ කොහ්ම විස්තර කරන්නද......කලින් දවස් ආයිත් මතක් වුනා...හිතට ගොඩාක් දැනුනා.....

    ප.ලි: යාලු කලින් ඔයා පෝස්ට් එකක් නෙවෙයි කියල දැම්ම එකට මම කමෙන්ට් කරාට සමාවෙන්න හිත රිදවීමක් වුනානම්.මම බ්ලොග් වලට අලුත් නිසා තාම ඉගෙන ගන්නව යාලු.මම හිතුවෙ පෝස්ට් එකක් වෙන්න ඇති කියල.සොරී...........

    මම 1 වෙලනෙ....

    ReplyDelete
  2. විකසිත සුන්දර මල් ගෙන
    පාට පාට නෙක හැඩට තබා
    නුඹට දැනෙන ඒ හිත ගැන
    ලියන්න ආදරේ මහා ගොඩාක්.....

    සිත් රූ ට තරම් අපූරුවට කවි ලියන්න මට බෑ...ඒත් අඅදරේ දැනෙන ,දනවන මේ කවි පෙලට මට ආදරේ හිතුනා...

    ReplyDelete
  3. @ සිහින මතකයන්:ගොඩාක් ස්තූතියි යාලු..එහෙම තමා ආදරේ හැටි..පුන්චි පුන්චි හිත් අමනාපකම් වුනත් ඒව නිසාම ආදරේ තවත් ලස්සන වෙනවා..ස්ථිර වෙනව..

    කලින් පෝස්ට් එක ගැන කියනවනම් යාලු පෝස්ට් එක ඩිලීට් කරන්න කියල වගකිවයුත්තගෙන් ඉල්ලීමක් ආවා..ඒකයි එහෙම කලේ..:D නැතුව ඔයාගෙ කමෙන්ට් එක නිසා පෝස්ට් එක මකල දැන්ම නෙමෙයි..එහෙම හිතන්නෙපා.

    මම එහෙම කරන්නෙ නෑ මගේ යාලුවන්ට.. :-)

    ReplyDelete
  4. @ හිතුවක්කාරි: නෑ නෑ හිතූට සිත්රූ ටත් වඩා හොඳට කවි ලියන්න පුලුවන්නෙ..මම හිතන්නෙ ආදරේ කරනකොට කවි ලියන්න හුරුවෙන්නෙ ඉබේම වෙන්න ඇති..

    ReplyDelete
  5. ලස්සන කවි පොකුරක්!

    ReplyDelete
  6. @ ලහිරු :හ්ම්ම් අලුත් යාලුවෙක් වගේ..හිනා පොකුරක් දීල මගේ බ්ලොග් පිටුවට පිලිගන්නවා.. :-)))

    ReplyDelete
  7. //ආදරෙයෙ සුවඳ ඔබා//

    මං ගැන නෙමේ නේද කිව්වෙ :-)

    ReplyDelete
  8. ලස්සනයි.....

    මොකක්ද ඒ කලින් පෝස්ට් එකේ හුට පටේ.. මට එකක් මිස් වෙලාවත්ද.. ?

    ReplyDelete
  9. @ Observer : අප්පා දන්නෙම නැතිව ඔබා මාමටනෙ මම කවිය ලියල තියෙන්නෙ..:D



    @ Senna : තැන්කූ අය්ය..ආ ඒක මේ චූටි පෝස්ට් කෑල්ලක්..මම ඒක ඩිලීට් කාරානෙ..හික් හික්..

    ReplyDelete
  10. කවිපද හරිම අපූරුයි. මටත් මගෙ අතීත කතාවක් සිහිවුනා යාලු.

    ReplyDelete
  11. @ කිරිපුතා : ස්තූතියි යාලු..අතීතය ගොඩක් දෙනාට ලස්සන කතාවක් මතක් කරනවා යාලු..
    අලුතින් නේද මේ පැත්තට ආවෙ..ඔයාව සාදරයෙන් පිලිගන්නවා..

    ReplyDelete
  12. හරිම ලස්සනයි කවි පන්තිය නම් සිත් රූ

    ReplyDelete
  13. කලින් පොස්ට් එකට මොනවද වුනේ කියලා බැලුවා.දැන් නේ හේතුව දන්නේ.කවිටිකනම් වෙනදා වගේම ලස්සනයි.

    ReplyDelete
  14. " මට ආසයි කියන්න යලි
    හිත නිවනා පෙම් කවියක්.."

    මමත් මේවගේ දවසක් එනකන් තමයි බලාගෙන ඉන්නේ.. ලස්සනයි අක්කේ කවි පෙල..

    ReplyDelete
  15. මම නම් ආස මේ වගේම කවි පන්ති ටිකක් ඉදිරියටත් බලාගන්න.

    ReplyDelete
  16. ඇති යන්තං ආදරණිය ගීතයක්...

    ReplyDelete
  17. ලස්සන කවි කීපයක්

    ReplyDelete
  18. බොහොම ලස්සනයි...

    ReplyDelete
  19. @ ප්‍රාර්ථනා : ස්තූතියි යාලු මේ පැත්තෙ ඇවිත් ගියාට..



    @ අසරණයා : හිහි ඒකනෙ නේද..නොකියම ඩිලීට් කරලත් ඉවරයි..



    @ Dinesh : ඉක්මනින්ම ඒ වගේ දවසක් උදා වෙයි මලේ..ඇයි මේ දවස් වල ගෙවල් පැත්තෙ පොඩි කසු කුසුවක් තියෙනවලුනෙ ;)

    ReplyDelete
  20. @ හිතහොඳ පිස්සා: ම්ම් බලමුකො බලමුකො:)


    @ Hishan Melanga: අහ් ..ඇති යාන්තම්.. :D


    @ හිස් අහස: තැන්කූ සඳරු..:)


    @ ~~තරූගේ ලෝකය~~: ස්තූතියි තරු :)

    ReplyDelete
  21. ලස්සන කවියක්.....

    ReplyDelete
  22. හරිම සුන්දර ආසාවල් ටිකක් නේ...

    ReplyDelete
  23. මට කවි ලියන්න දන්නෙ නෑ..ඒත් කියවන්න දන්නව..ඔයාගෙ කවි ටික මල් වගේ ලස්සනයි..!

    ReplyDelete
  24. හරිම ලස්සනයි අක්කා....

    ReplyDelete
  25. හැමදා ළඟ නොහිටියාට
    හැමදා තුරුලේ නැතුවට
    ඔබ ඉන්නා සුළු මොහොතට
    ආසයි නෙතු අමතන්නට

    ඔබ යොමනා දෙනෙත් කැලුම්
    ඔබ හෙලනා සතුටු සුසුම්
    ඔබ මහදේ ලන ගෙත්තම්
    ඇඳි සේමයි මා සිත්තම්

    ආදරේට රිදවන්නට
    පුංචි විහිළුවක් කලාට
    ඒ හිනැහෙන පුංචි සිතට
    රිදවනු බෑ හුරතලේට

    මා හමුවූ විට සැලෙනා
    මල් පෙති මුව සරසවනා
    උණුසුම් පහසින් රැඳෙනා
    චුම්බන මල් මාල ගෙනා

    රතින් දිලෙනා නෙත් වලින්
    එන්න වෙර දරනා කඳුලින්
    ඔබ හෙලන සුසුමන් අතරින්
    රැගෙන යමි ඔබ නොලියූ ලියමන්...

    මම හෙන කාලෙකට පස්සේ තමයි බ්ලොග් කියවන්න ආවේ සෑහෙන්න වැඩ තිබ්බා ඔයාගේ මේ පෝස්ට් එකත් තව ඩිංගෙන් මග ඇරෙනවා....

    ඔයාගේ කවි හැමදාමත් ලස්සනයි අක්කේ ඉතිං මටත් එකක් ලියලා යන්නමයි හිතෙන්නේ කවියක් නොලියවුනොත් ඒ වගේ මොකක් හරි ලියලා යනවමයි ඕං අදත් පත කොමෙන්ටුවක්....පහුගිය පෝස්ට් එක අන්තර්ධාන උනේ ඇයි කියලා දැනුයි තේරුනේ....

    ReplyDelete
  26. කොමෙන්ටුව උස්සලා අක්කෝ.....

    ReplyDelete
  27. හැමදා ළඟ නොහිටියාට
    හැමදා තුරුලේ නැතුවට
    ඔබ ඉන්නා සුළු මොහොතට
    ආසයි නෙතු අමතන්නට

    ඔබ යොමනා දෙනෙත් කැලුම්
    ඔබ හෙලනා සතුටු සුසුම්
    ඔබ මහදේ ලන ගෙත්තම්
    ඇඳි සේමයි මා සිත්තම්

    ආදරේට රිදවන්නට
    පුංචි විහිළුවක් කලාට
    ඒ හිනැහෙන පුංචි සිතට
    රිදවනු බෑ හුරතලේට

    මා හමුවූ විට සැලෙනා
    මල් පෙති මුව සරසවනා
    උණුසුම් පහසින් රැඳෙනා
    චුම්බන මල් මාල ගෙනා

    රතින් දිලෙනා නෙත් වලින්
    එන්න වෙර දරනා කඳුලින්
    ඔබ හෙලන සුසුමන් අතරින්
    රැගෙන යමි ඔබ නොලියූ ලියමන්

    දෙවෙනි පාරටයි මේං කොමෙන්ටුව දැම්මේ කලින් එක තිබුනොත් මේක අයින් කරන්නකෝ... ඔයාගේ කවි නම් හරිම ලස්සනයි අක්කෝ.... කලින් පෝස්ට් එකට මොකද වුනේ කියලා දැනුයි තේරෙන්නේ.... මේ කවි දැක්කම වචන පේලි දෙක තුනක් හරි කවියක් විදියට ලියන්න හිතෙනවා මාරයි... ජය වේවා අක්කේ

    ReplyDelete
  28. @ f3b9a0b8-fca1-11e0-be81-000bcdcb2996: ස්තූතියි යාලු


    @ සයුරි: ස්තූතියි සයුරි :)


    @ වින්චැට්කිරිල්ලි. :එහෙනම් මල් මල් :D


    @ Shani: ස්තූතියි ශානි නංගා.. :)

    ReplyDelete
  29. @ ගැමියාගේ පත් ඉරුව : කවදත් වගේ මල්ලියා මගේ බ්ලොග් එකේ ලියන කවිය අදත් හරිම ලස්සනයි..ඔයාගෙ කමෙන්ට් දෙකක් මට ඊ මේල් එකෙනම් පෙන්නුව..ඒත් මේකෙනම් පේන්න නෑ නොවැ..හි හි කලින් පෝස්ට් එක අමතක කරමු නේද..:D

    ඔයාටත් ජයෙන් ජය !!!

    ReplyDelete