Pages

Friday, February 24, 2012

නිදි නැති රැය



මලානික සඳ එළිය විසිරුන
යහන මත රූ රටා මවමින
ප්‍රේම සිතුවිලි සෙමින් දිගහැර
සිත රිදෙන පවසින් විඩාවින

ලබැඳි සෙනෙහස් සිත දරාගෙන
නෙතු පියන් තද කොට පියාගෙන
රැහයි නාදෙට කන් යොමාගෙන
පැය ගනන් නිදි නැතුව ලතවින

නොලද සැනසුම තවත් දිගු විට
ඔබෙන් ඇයදූ නේක හැඟුමන
යහන පාමුල බිඳි විසිරී
එකින් එක කඳුලින් ගිලී යන

නේක සැප සම්පතක් නැතුවට
හිතට නුඹ ඇති තුටින් ඉන්නට
තනි වූ යහනෙ නුඹ පතා මට
නොදේ ඉවසුම් අඳුරු රැයකට

ඉරි තැලී හිත තැලී පොඩි වී
හෙටත් අලුයම උදාවනවිට
කඳුලු පිසදා සිනාසෙන්නම්
ලබනු රිසියෙන් ඔබේ උනුහු

සතුට ඉහිරී වැටෙන තුරු මට
සුසුම් උනුසුම අරන් පපුවට
තබා ඔය රුව මගේ හිත යට
විඳිමි මේ දුක ඉතිරි දෙමසට

32 comments:

  1. රෑ මැදියම් අඳුරේ
    නෙතු නොපියවා...
    සිතුවිලි මා සයුරක
    මා කිමිදිලා...
    මගේ ආදර දෙව්දූ
    මම සිහිකලා...
    කඳුලැලි බිඳු ඇවිදින්
    නෙතු බොඳ කලා...

    සිතු නිතරම හඬනා
    ඔබ නැති නිසා...
    නෙතු නිතරම සොයනා
    ඔබ කොහෙ කියා...
    සඳ සෙවනැලි වැටිලා
    ඔබ රුව සිහි කලා...

    දැකගන්නට ඔබේ රූ
    තව වෙයි පමා...
    ඒ ටික දින ඉන්නම්
    මේ දුක දරා...
    ඔබ දකිනට එනතුරු
    මට ලංවෙලා...
    ඉන්නා එක සතුටක්
    දුරකතනින් ඔයා...

    මේ මම මගේ ආදරීට ලියූවක් මෙතැනට ගැලපෙයි කියලා හිතෙනවා අක්කේ...මේ කවියට අනුව අක්කගේ අයියත් මේ විදියටම හිතනවා ඇති කියලා මම හිතනවා...කවිය ලස්සනම ලස්සනයි මගේ ආදරීත් මේ විදියටම දවසක් දවසක් ගානේ දුක්වෙනවා ඇති.ඒත් තව කාලයක් යනකන් ඉවසන්න වෙනවනේ අක්කෝ එතකන් සැනසුම මේ කවි ලියන එක තමා මටනම්...

    ReplyDelete
  2. ඔහ් හෝ.. ඉතිරි දෙමසට... !

    ඔය ටිකත් ඔහොම කාගන යන්.. මට මතකයි අව්රුද්ද පටන් ගද්දී කිව්වා මේ වසරේ කූඩුවෙනවා කියලා..

    ජය !!

    ReplyDelete
  3. ඉතිරි දෙමසට....තව ටික කාලයයිනේ

    ReplyDelete
  4. ඇයි මොකද ඉතිරි දෙමස.අව් අව් අපිටත් කේක් එවනවයි..

    ReplyDelete
  5. ඉතිරි දෙමසක් වුණාට හිතට දැනෙන වේදනාව අවුරුදු දෙකක් ගාණට නේද... :)
    ඒ දෙමසත් ඉක්මනටම ගෙවිලා ඒ දිනය දුකක් නැතිව උදාවෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!!! :)

    ReplyDelete
  6. හි හි අපෝ.... මෙච්චර කල් බලන් උන්නු කෙනාට මාස දෙක මොකක්ද? :)

    ReplyDelete
  7. ඉස්කෝලේ යන්න දීපූ සල්ලිවලින් ගත්ත ෆෝන් එක අම්මා හැංගුවා කියලා කරාබු දෙක උගස් කරලා තව ෆෝන් එකක් අරං අවු 14ක ගෑනු ලමයෙක් කොල්ලට කෝල් කරලා මාට්‍ටුවෙලා කියලා පත්තරේ තිබ්බා.

    ReplyDelete
  8. රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ!
    ජීවිතේ දුර නම් ඔය මාස 2 මොකක්ද!:)

    ReplyDelete
  9. සුළං රැලක් වී සිත් වෙත ඇවිදින්
    සෙවණැල්ලක් මෙන් ළගින් රැදේවා !
    පහන් වැටක් වී ඔබගේ දිවියම
    ඔහුගේ දෙනෙතින් එළිය කරත්වා!

    ReplyDelete
  10. මාස දෙකත් කාලයක්ද අක්කේ.. ඕකත් ඉක්මනට ගෙවිලා යාවි.. අපිට එහෙම හිතුනට ඒක සෑහෙන කාලයක් හිතටනම්..

    ReplyDelete
  11. තවටික කාලයයිනේ අක්කේ......

    ReplyDelete
  12. හික් හික්. ඉතින් අපේ කවි කාරිගෙ කවි මාසදෙකකට පස්සෙ කොහොම වේවිද?

    මේක නම් නියමයි. හැබැයි ලියන එක හෙම නතර කරනව නෙවි හොදේ.

    එහෙනම් මම congratulations කියල දැන්මම කියන්නම්. අපිට කේක් පෝස්ට් කරන්න.

    ReplyDelete
  13. මාස දෙකයිනෙ... ඉවසලා ඉන්න අක්කෙ..ඔයාගෙ සිතුවිලි හරිම ලස්සනට ගලපලා.

    ReplyDelete
  14. ඔන්න ඔන්න ඕකනෙ කියන්නෙ ළමයිනේ.........''අල බහින කම් ඉන්න පුලුවන්ලු ඒත් තැම්බෙන කම් ඉන්න බැරිලු''...:):)

    ReplyDelete
  15. ඉක්මනින් ඔය මාස දෙකත් ඒවි.....ලස්සන කවි කතාවක්.....

    ReplyDelete
  16. ලස්සන අදහසක්.ඉක්මනින් කාලය යයි දුක් වෙන්න එපා..

    ReplyDelete
  17. ඉක්මනටම මාස දෙක ගත වේවි.. දුක් වෙන්න එපා අක්කා...

    ReplyDelete
  18. ඔක තමයි සැබෑ ආදරය, හැමදාම ලගින් ඉන්නවට වඩා ඔහොම උන එක හොදයි. බලන්න ඔය දෙන්නට ඔය දෙන්නගෙ අඩුව කොච්චර දැනෙනවද ඒකෙන් ආදරය තව තවත් වැඩි වෙනවා... ඔය මාස දෙකත් ඉවසලා හිටපන් කෙල්ලෙ, උබට වරදින්නෙ නෑ.......

    ReplyDelete
  19. ඉවසන්ට දරුවා ඉවසන්ට !

    ReplyDelete
  20. @ ගැමියාගේ පත් ඉරුව: හරිම ලස්සනට කවි පද ටික ගලපලා තියෙනවා..අක්කගෙ අයියත් මෙහෙම හිතනවා ඇති තමා..ඒත් චුට්ටක්වත් කවි ලියන්න නම් එයා දන්නැහැ..:D

    ඔව් මල්ලියො..අපිටත් දුරකතනයි ස්කයිප් එකේ පිහිට විතරයි මේ දවස් වල..ඒත් තව ටික දවසකින් එයා ලංකාවට එනවා.. :-)

    ReplyDelete
  21. @ Senna : හෙ හෙ ඒකතමයි..


    @ ගැමියාගේ පත් ඉරුව :මොනවද මේ ආයෙ ලියල මකල දාල තියෙන්නෙ ඈ.. :OO

    ReplyDelete
  22. @ සයුරි : ඔව් යාලු..ඒ ටික කාලය කල්පයක් වගේ.. :(



    @ අසරණයා :අයියෝ වචනෙ වැරද්දෙන් උන දෙයක්..දැන් ඉතින් අසරණයට කේක් දෙන්නත් වුනානෙ.. :D

    ReplyDelete
  23. @ නන්ඳු :ඒකනම් ඇත්තම ඇත්ත යාලු..අවුරුදු ගාණක් බලන් හිටියා..ඒත් මේ තරම් හිත කලබල වුනේ නැහැ..දැන් නම් මේ මාස දෙක හරිම දුරයි වගේ..



    @ Shani : ඔයා බලන්නකො නංගා වෙඩින් එකට මාස 2ක් විතර තියල..මොකද හිතෙන්නෙ කියල :P

    ReplyDelete
  24. @ ඔබ නොදු‍ටු ලොවක් :අනේ මංදා අයියෙ දැන් ඉන්නෙ මාර ළමයි තමයි..අපි පොඩි කාලෙ ඕවගේ වැඩක් බය නැතුව කරන්න පුලුවන්ද..



    @ නුවන් :ඒකනෙ නේද?

    ReplyDelete
  25. @ බට්ටි : ගොඩාරියක් ස්තූතියි බට්ටියො..ඔයාගෙ ජීවිතෙත් එලිය කරන්න ඒ වගේ ඇස් දෙකක් ඉක්මනින්ම හමුවෙන්න ප්‍රාර්ථනා කරනවා..



    @ Dinesh :ඇස් දෙක ලඟට දකින්නවත් හිටියනම් හිත පිලිගනියි..ඒත්.. :(

    ReplyDelete
  26. @ f3b9a0b8-fca1-11e0-be81-000bcdcb2996 :හෙහෙ ඒකනෙ..ඔන්න ඕකත් යයි ඉක්මනට..



    @ Hishan Melanga :ඒකත් ඇත්ත තමා..බ්ලොග් එක වහල දාන්න වෙයිද දන්නැහැ..ලියන්න කවි නැතුව..

    කේක් පෝස්ට් එකි නැතත් ගෙදරටම ගෙනත් දෙන්නම්කො..මේ ලඟ පාතනෙ ඉන්නෙ..:D

    ReplyDelete
  27. @ හිතුවක්කාරි : ස්තූතියි හිතූ..බලමු බලමු.. :-)


    @ වින්චැට්කිරිල්ලි.: හි හි :D


    @ සිහින මතකයන් : ස්තූතියි සිහින :-)

    ReplyDelete
  28. @ පුංචි කුමාරිහාමි : ස්තූතියි පුංචි


    @ ප්‍රාර්ථනා : ම්ම් බලමු නේද?


    @ Shaggy : ඔව් ශැගී..මේ දවස් ටිකේ මට ඒ අඩුපාඩුව හොඳටම දැනුනා..


    @ sAm (සෑම්) : ඉවසන්න.. :D

    ReplyDelete
  29. හරි.. මුළදි ලියලා තියෙන ඒවා කියවද්දි හිතුනේ වෙන දෙයක්නේ අෆ්ෆා.. ෂික් විතරක්..

    කමක් නෑ. කාට කාට හරි හරි යනවනේ..සුභ පැතුම් හොදේ.. ඔන්න මට නම් කේක් එපා.. ඒ වෙනුවට පාන් දෙන්න.. :)
    නරකද දැන්ම ඉදලා පුංචි පැටව් ගැනත් මොන මොනවා හරි කුරුටු ගාලා තියා ගත්තොත්.. :)

    ප.ලි. - මාස දෙක ඉක්මණින්ම යවා ගන්න ලේසිම ක්‍රමේ තමා කැලැන්ඩරේ කොළ දෙක කඩලා දාන එක.. (බලන්න ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද කියලා..) :D

    ReplyDelete
  30. ඔය කිව්ව මාස 2 ඉක්මනටම ගෙවිල යන්න කිව්ව ඕං.....

    ReplyDelete
  31. මම මුලින්ම කවිය ලියලා දාලා පහුවදා ඇවිත් බලද්දි ඒක මිසිං...දෙවෙනි පාරටත් ලිව්වා ඊට පැයකට විතර පස්සේ ඒකත් මිසිං...මම ඉතිං අහිංසක කොමෙන්ටුවක් ගැහුවා

    "කවුද යකෝ කොමෙන්ට් උස්සන්නේ" වගේ එකක් අන්තිමේ ඇවිත් බලද්දි අන්තිමට දාපු කොමෙන්ට් එක තිබුන නිසා අර අහිංසක විමසීම මකලා දැම්මා

    ReplyDelete