Pages

Monday, February 27, 2012

නුඹත් මමත්



හිතේ කොතනක පිපුනිදෝ නුඹ
මම නොදන්නා ඉසව්වේ..
ඇවිත් ඉඳ හිට හිත පුරාවෙම
සුවඳ දැනුනා සීරුවේ..

නමක් නැති ලෙන්ගතුකමක් ගෙන
මියුරු හැඟුමන් පිබිදුවේ..
අකීකරු හීනෙකින් දුටු නුඹ
මගේ පෙම් හිත හැඩ කලේ..

නුහුරු පාටක් සොයන්නට මා
රෑ දිවා කල් වෙහෙසුවේ..
පාට තැවරූ සුවඳ මල් ගෙන
නුඹ මගේ හිත සැරසුවේ..

මා හදේ ඇඳි පුරුදු සිතුවම
නුඹමදැයි සිත විමසුවේ..
වෙන කෙනෙක් නොව නුඹමයි ඒ
යලි යලිත් සිත පැවසුවේ..

හීන පොදි බැඳි මගේ මුලු හිත
ඉතින් නුඹගෙයි මතු දිනේ..
එකින් එක ගෙන හෙමින් කියවා
තනා දෙනවද ජීවිතේ..

16 comments:

  1. හා හා දැන් නාඬ ඉන්න. හීන එක එක කියවයි අයිය ඇවිදින්.මේ ආවට පස්සෙ බ්ලොග් එක දාල යනව එහෙම නෙවේ අක්කා..... :)

    ReplyDelete
  2. බලාපොරොත්තු වෙන විදියටම ජීවිතේ තනල දෙන්න කියල පිස්සත් සුභ පැතුව ඕං...

    ReplyDelete
  3. ඔය හිතේ තියෙන ආදරේ එයා පරිස්සමට බලාගනීවි...ඉතින් හිත දුකින් ඉන්න එපා.හ්ම්ම්..ශානි කිව්වත් වගේ බ්ලොග් එක දාල යන්නත් එපා....

    ReplyDelete
  4. හරිම ලස්සනට ලියලා තියෙනවා උපරිමයි අක්කේ කියන්න කිසිම දෙයක් නෑ පද ගැලපුම සුපිරියි.... මට නම් ඇත්තටම ලියන්න කිසිම අදහසක් එන්නේ නෑ අක්කේ.පේලියක් දෙකක්වත් ගලපන්න බලන්නම්.

    ඔබේ සිහිනේ-පාට තවරා...
    සිහින යායක්-ඔබට තනවා...
    මගේ ලෝකේ-ඔටුනු පළදා..
    දෑස කැලුමන්-විඳිමි සැමදා...

    ReplyDelete
  5. ඔබේ කවියෙන් මම ඔබව දකිමි.

    ReplyDelete
  6. //එකින් එක ගෙන හෙමින් කියවා
    තනා දෙනවද ජීවිතේ//

    ඔයාගේ abstractions හරිම ලස්සනයි...

    සිහින එක එක රැගෙන කියවා
    ඔබේ සිත් රූ මාළිගේ
    තනමි ගඩොලින් ගඩොල බඳවා
    සිනා සෙන්නට ජීවිතේ...

    ReplyDelete
  7. එකින් එක සිහින මාවත තනා
    හදමි මන්දිර නුඹේ නමින් සදා....

    ලස්සනයි අක්කේ..

    ReplyDelete
  8. විභාගේ හිර වෙලා අක්කා.. පරක්කු වුනේ එකයි

    ReplyDelete
  9. ඒ හැම හීනයක් ආදරයෙන් කියවන්න..
    සුබ පැතුම් ජීවිතයේ නව අරුණැල්ලකට..!!! :)

    ReplyDelete
  10. ජීවිතේ බලාපොරොත්තු...

    ReplyDelete
  11. @ Shani :නෑ..කවදාවත් බ්ලොග් එක දාල යන්න අදහසක් නැහැ නංගා.

    @ හිතහොඳ පිස්සා : ම්ම් තැන්කූ පිස්සො :P

    @ සිහින මතකයන්: හ්ම්ම්..

    @ සොඳුරු මිනිසා : ස්තූතියි යාලු

    @ ගැමියාගේ පත් ඉරුව : තැන්කූ මල්ලියා..කවි පොඩ්ඩ හරිම ලස්ස්නයි

    @ Hishan Melanga: හ්ම්ම් බොහෝවිට :)

    @ සයුරි : ස්තූතියි සයුරි :)

    @ Dinesh: ස්තූතියි දිනේශ් මල්ලි

    @ ....ජනියා.... : මොකක්ද විභාගෙ? හ හා ඉස්සෙල්ල පාඩම් ඊලඟට බ්ලොග්..ඒ වගේම මට ඔයාගෙ බ්ලොග් ලින්ක් එක එවනවද..මට ඔයාගෙ බ්ලොග් එක හොයාගන්න බැරි වුනා..

    @ නන්ඳු: ගොඩාරියක් ස්තූතියි නංදු..

    @ Senna: හ්ම්ම්..මහ ගොඩක් :)

    ReplyDelete
  12. ගොඩාක් ආදරණිය කවි පන්තියක් හැමදාම වගේ ලස්සනයි.

    ReplyDelete
  13. මමත් ආවා ඔබේ සිහින වල සැරිසරන්න

    ReplyDelete
  14. හරි ලස්සන කවි කියන්න කොහොමද දන්නෙ?? කියලා තමා අහනන් ව්එන්නෙ..ලියන හැම කවියක්ම හිත පතුළටම දැනෙනවා අක්කෙ..

    ReplyDelete
  15. ටිකෙන් ටික.. ටිකෙන් ටික..
    එකින් එක.. එකින් එක..
    ගළපමින් අරුත් සුන්..
    විඳවමින් ජීවිතය..
    ගෙවන දින ලංවේවි..

    වෙස් මුහුණු ගැළවේවි..
    ආදරය සුන් වේවි..
    ජීවිතය නැති වේවි..
    ලොවම ඔබ හැර යාවි..

    සෘතු වෙන් වන්නාසේ..
    හිරු බැස යන්නාසේ..
    නටුවෙන් ගිලිහෙන්නාසේ..
    Move On වෙන්නාසේ..

    ගමන ඔබ යන..
    නිවැරදි නැත..
    තව වරක්..
    සිතා බලනු මැන..

    ReplyDelete