Pages

Sunday, March 11, 2012

හීන දැකපු හිත..



එක දවසක් හැන්දෑවක
සඳුත් එක්ක එකතු වෙලා
හරි හරියට එළිය දෙන්න
හීන දැක්කා..

ඒත් ඒ හැන්දෑව කවදාවත් ආවෙ නෑ..
හීන දැකපු මගේ හිත කළුවර වුනා..

තව දවසක් හිමිදිරියක
හිරුත් එක්ක හරි හරියට
මලින් මලට පාට දෙන්න
හීන දැක්කා..

ඒත් ඒ හිමිදිරිය කවදාවත් අවෙ නෑ..
හිතේ තිබුන හැම පාටම දියවෙලා ගියා..

තව දවසක මද්දහනක
වලාකුලක සැඟවීගෙන
හරි හරියට සිසිල දෙන්න
හීන දැක්ක..

ඒත් ඒ දහවල කවදාවත් හමු වුනේ නෑ..
හීන දැකපු මගේ හිතම  පිච්චිල ගියා..

හැම දිනකම ඔයත් එක්ක
හරි හරියට හිනා වෙලා 
 ආදර හිත ඔයා ලඟඳි දිග හරින්න
හීන දැක්ක..

ඒත් ඔයා තාමත් නෑ..
හීන දැකපු මගේ හිතම පාලු වෙලා..



ප/ලි: බ්ලොග් එකට එන්නෙ නෑ කියලා යන්න හැදුවට යන්න හිතෙන්නෙ නෑ..දැන් දින චර්යාවෙ කොටසක් වෙලා බ්ලොග් ලියන එකයි බ්ලොග් කියවන එකයි..මගේ යාලුවො හැමෝටම ස්තූතියි...කමෙන්ට් නොකලට සුපුරුදු ලෙසම හැමෝගෙම ලිපි කියවල ඇති..ආයෙත් මම ලියනව..මගේ බ්ලොග් එක..ඔයාල ගොඩක් දෙනා කිව්ව වගේ පාලුවක් දුකක් දැනුන හැම මොහොතකටම ඇත්තටම අපේම පරන ලිපියක් හරි අපේ යාලුවෙකුගෙ බ්ලොග් එකක් හරි කියවද්දි ටිකකට හරි හැම දේම අමතක වෙනවා..හිතට සහනයක් දැනෙනව..  :-))

36 comments:

  1. මම දැනගෙන හිටියා ඔයා ඉක්මනින්නම ආයේ එනවා කියලා. ජිවිතේ කියන්නේ දුක සතුට දෙක. කවදාවත්ම ඒදෙකෙන් තොර ජීවිතයක් නෑ.කෑගැහල අඩපු බඩ අල්ලන් හීනාවුන අය තමයි මේ ලෝකේ ඉන්න හැමෝම. ඉතිං ප්‍රශ්න ඉවරයිනේ අක්කේ. අපි දැන් හිනාවෙමු නේද? සතුටින් ඉන්න හැමදාම. බ්ලොග් එක ඔයාගේ හිතේ බර හැමදාම උහුලයි. ඒවගේම ඒ බර අඩුවෙන්න හැමදාමත් බට්ටි එනවා දුක සතුට හැමදේම බෙදාගන්න.

    ReplyDelete
  2. @ බට්ටි : ඔව් බට්ටි..කාලෙකට පස්සෙ මේ බ්ලොග් එක නිසා මට ගොඩක් හොඳ යාලුවො ටිකක ලැබුනා..පහු ගිය දවස් ටිකේ තේරුනා කවදාවත් නොදැක්කත් කෙනෙක්ට කරදරයක් වුනාම එක හිතින්ම කනගාටු වෙන පිරිසක් තාමත් අපි අතර ඉන්න බව..හිතේ තියෙන හැමදේම අකුරකින් දෙකකින් හරි ලියල දාල හිත නිදහස් කරගන්න හොඳම තැනක් මේ..ගොඩාක් ස්තූතියි යාලු..හැමදාමත් ඔයාලගෙ ආදරේ මට මහමෙරක්.. :)

    ReplyDelete
  3. නැවත පැමිණීම ගැන සතුටුයි. සාදරයෙන් පිළිගන්නවා.

    නැවතත් සුපුරුදු රිද්මයෙන් බ්ලොග් එක ලියවීගන යයි කියලා හිතනවා.

    ජය !!

    ReplyDelete
  4. අය්යෝ ඔව්වනම් මොනාද,මිනිස්සුන්ටනේ හැමදේම

    ReplyDelete
  5. ඊර හද නාවත් එලිය දෙන්න
    අහසේ තරුවත් වී එලිය දෙන්න
    මල් නාවත් පාට අරන්
    හිතේ පාට ලියල යන්න
    වලාකුලේ සිසිල නැතොන්
    මද පවනක් වී සිසිල දෙන්න
    හැමදාමත් හිනා වෙලා
    බ්ලොගයේ සිතුවම් අදින්න
    අපි එන්නම් පාට අරන්
    තව ලස්සන කරල යන්න..........

    ජයවේවා

    ReplyDelete
  6. නොදැකපු හීන නැතෙයි.. ?

    ReplyDelete
  7. @ Senna :ගොඩාක් ස්තූතියි අයියෙ..උත්සහ කරමුකො සුපුරුදු ලෙසම ලියන්න නේද?ඉතිං මේ කුරුටු ගාන හැමදේම කියවලා හැමදාම කමෙන්ට් එකක් දාල යන්න ඔයාල මෙහි යන එන නිසා සුපුරුදු විදියට ලියන්න පුලුවන් වේවි කියල හිතෙනවා.. :)

    ReplyDelete
  8. ගොඩාක් සතුටුයි ආයෙ ආපු එක ගැන...අපි ඔයත් එක්ක ඉන්නව හැමදාම.....

    ReplyDelete
  9. @ විමුක්ති : හ්ම්ම්..

    @ සොඳුරු මිනිසා :

    හැමදාමත් හිනා වෙලා
    බ්ලොගයේ සිතුවම් අදින්න
    පාට නැතත් ඇවිත් යන්න
    ඒ ඇති සතුටු මට වෙන්න

    ස්තූතියි ඔබටත්.. :)




    @ sAm (සෑම්) :සෑමාටනම් මේ දවස් වල වැලහින්නක් හීනෙන් පේනව කියල ආරංචියි :P

    ReplyDelete
  10. @ වින්චැට්කිරිල්ලි.:ගොඩාක් ස්තූතියි කිරිල්ලි..ඔයාල මගේ ලඟ මෙහෙම ඉන්න එක මට ගොඩාක් වටිනවා..ඒක මට ලොකු හයියක්.. :)

    ReplyDelete
  11. මම අඅසයි මේ පදේට,,

    //හීන දැකපු මගේ හිතම පිච්චිල ගියා..//

    සංතෝසයි ඔයා ආයෙත් ආව එකට..ශෝයි!!! දිගටම ලියන්න...

    ReplyDelete
  12. @ හිතුවක්කාරි : හීන දකිනව වැඩි වුනාම හිත රිදෙනව වැඩියි..ස්තූතියි හිතූ මාව බලන්න ආවට.. :)

    ReplyDelete
  13. ලස්සනයි. සිතූ...

    ReplyDelete
  14. ලස්සන සිතුවිල්ලක්...

    ReplyDelete
  15. පළමුවෙන්ම අදයි මේ පැත්තට අවෙ. කවියට ගීතයට සහ සිනමාවටත් සාහිත්‍යයටත් මගේ ඇල්ම තියෙනවා. ඒ නිසාම ඉදිරියට මේ පැත්තෙ එන්න පුළුවන්.
    කවිය නම් ඉතා රසවත් බලාපොරොත්තුව සහ බලාපොරොත්තුව බිදවැටීම අතර දෝලනය වන සිත, කවිය තුල ප්‍රති නිර්මාණය වෙන්නෙ සුන් වූ අපේක්ෂාවක් විදියට.ඊට යොදාගත් උපමා ටික ජීවිතයට සම්බන්ධයි. ඒ නිසා මුලු කවියම ආදරණීය හුදකලාවක් මතු කරනවා. හිතට සමීප වෙන්නෙ ඒ නිසයි.

    ReplyDelete
  16. //ඒත් ඔයා තාමත් නෑ..
    හීන දැකපු මගේ හිතම පාලු වෙලා..//

    හා හා පොඩ්ඩක් ඉවසන්න... :)))

    ReplyDelete
  17. කවි පෙල ඇත්තටම ලස්සනයි අක්කේ... ආයෙම ආපු එක ගැන ඇත්තටම සතුටුයි..

    ReplyDelete
  18. ආයෙමත් ඔයා ආපු එකට ගොඩාක් සතුටුයි අක්කේ ආයෙත් සුපුරුදු විදියට ලියමුකෝ...මේ දවස්වල විභාගේ නිසා මගෙ ඔළුව යකාගේ කම්මල වගේ කවි තියා වචනයක් ලියාගන්නවත් හිතෙන්නේ නෑ...මේ දවස්වල කොමෙන්ට් කරනවා විතරයි ඉතිං...මොන වැඩ තිබුනත් මේ පැත්තටත් ගොඩ වෙලා යන්න එනවමයි...

    හිමිදිරිය නාවත්
    මැදියම සදා තිබුනත්
    කුරුළු ගී නැතුවත්
    පාළු නොදැනෙයි ඔයා ආවොත්

    සිතින් දුක් වින්දත්
    ඔයා දුර හිටියත්
    කවදා හරි එනතෙක්
    ඇඟිලි ගනිමින් බලන් ඉන්නම්

    ReplyDelete
  19. ඔයා ආපු ඒක ඇත්තටම හොඳයි.මගේ බ්ලොග් ඒක සාර්ථක කරගන්න උදවු කරපු පිරිසගෙන් කෙනෙක් නේ ඔයා ඉතිං ඔයා බ්ලොග් කෙරුවාව නවත්තපු ඒක ගැන මම පෞද්ගලිකව දුක් වුනා.

    ආයෙත් ආදරේ වැහෙන කවි ලියන්න පටන් ගන්න..

    ජයෙන් ජය..

    ReplyDelete
  20. @ Hishan Melanga :ම්ම්..හීන..

    මොකද මේ දවස් වල ඔයා බ්ලොග් එක නවත්තල දාල තියෙන්නෙ..දැන් ඒ පැත්තෙ මකුලුවො දැල් බැඳලත් ඇති..



    @ පුංචි කුමාරිහාමි :ස්තූතියි පුංචි කුමාරිහාමි :)



    @ ~~තරූගේ ලෝකය~~; : ස්තූතියි තරු :)

    ReplyDelete
  21. @ දයානන්ද රත්නායක : ඔබට ගොඩක් ස්තූතියි..මේ පැත්තට ගොඩ වුනාට..ඒ වගේම අපූරුවට මගේ කවි පෙල අරුත් ගන්වල තියෙනවා..ගොඩක් ස්තූතියි ඔබට.


    @ Shani : හි හි.. :P


    @ Dinesh: ස්තූතියි දිනේශ් මල්ලි..නැවත එන්නෙ නතිව ඉන්න හිතෙන්නැහැ..ඇත්තටම දැන් බ්ලොග් එකත් දවසෙ කරන්න තියෙන අනිවාර්ය වැඩක් වගේ..බ්ලොග් ලියන හැමෝම එහෙමයි නේද?

    ReplyDelete
  22. @ ගැමියාගේ පත් ඉරුව :හොඳට විභාගෙ කරගන්නකො මල්ලි..ඊට පස්සෙ හැමදාම බ්ලොග් ලියන්න පුලුවන්..ගොඩක් ස්තූතියි එච්චර වැඩ ගොඩක් තියාගෙනත් මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවට.. :)



    @ අසරණයා :ස්තූතියි යාලු..මට හරිම සතුටුයි මේ වගේ හොඳම හොඳ යාලුවො ටිකක් ලැබුන එකට.. :)

    ReplyDelete
  23. අන්න ඒකනෙ ගාල්ලෙ කෙල්ලොන්ගෙ හිත් හයියයි හරිය......එහෙනම් ඔන්න ජය වේවා කිව්ව අක්කෙ.........:)))

    ReplyDelete
  24. @ හිතහොඳ පිස්සා : ඒකනේ..ගම ගාල්ල්නෙ ..:D

    ReplyDelete
  25. අයියෝ කලින් තිබුනු ටෙම්ප්ලේට් එක හොඳා

    ReplyDelete
    Replies
    1. හොඳයිනම් තමා..ඒත් දැන් ඒක නැති වෙලානෙ :S

      Delete
  26. අනේ අක්කියෝ මම නම් කැමති ඔයාගේ කලින් බ්ලොග් එකට. අර ඒකෙ තිබුණ කොස්ට්‍රිච් මල් ටිකට මම ගොඩක් ආසයි. අනේ තා නෑ නේද කිව්වට...

    ReplyDelete
    Replies
    1. ඒ ටෙම්ප්ලේට් එකේ රිප්ලයි බට්න් එක නැති නිසා වෙනස් කලේ..දැන් මට ඒක තිබුන තැන මතක නෑනේ.. :S

      Delete
  27. කොස්ට්‍රිච් මල්???? ඒ මොනාද අප්පේ

    ReplyDelete
  28. හනේ...හැමදේම හොඳින් විසඳිලා අක්ක හිතේ තිබුන බරකිනුත් නිදහස් වෙලා මේ බ්ලොග් එකට ආයිත් ආව එකට ඇත්තටම ගොඩාක් සතුටුයි.මේ විදිහට දිගුම දිගු ගමනක් යන්න අක්කට හදවතින්ම සුභ පතනවා...

    කවි ටික ලස්සනම් ලස්සනයි අක්කෝ.

    ReplyDelete
  29. @ ගැමියාගේ පත් ඉරුව:බට්ටි තමයි ඉතිං ඕව දන්නෙ..:D


    @ සිහින මතකයන් :ස්තූතියි මල්ලි..ඔව් තිබුන ප්‍රශ්න නිකන්ම විසදුනා..දැන් ආයෙත් මගේ හිත සන්සුන් ..දැන් බ්ලොග් ලියන්න කියවන්න ආයෙ පුලුවන්.. :)

    ReplyDelete
  30. ඔයා තොරණ් ගහනවා වගේ වැඩනේ කරන්නේ.....මේකේ නම් වරදක් නෑ ඒත් මම කියන්නේ කලින් එකට සමාන ටෙම්ප්ලේට් එකක් සොයා බලන්න සිත්වේවා කියලා

    ReplyDelete
  31. ඔන්න මමත් ආවෝ!

    ReplyDelete