Pages

Friday, March 16, 2012

ඔබට කැපවූ සෙනෙහස


ජීවිතේ බොහෝ දුර ඇවිද
මම ඔබේ ආදරේ සොයා ගෙන
පන නළ පවා තබා උකසට
ඇයැදුවා ඔබේ ආදරය දෙවියන් ලඟ
උවැසියක් මෙන් දිනෙන් දින
පේ වුවා අදහමින් මම ඔබව
භාවනාවක් වගේ දිවා රැය
කමටහන් පිරුවා
ඔබ මගේ ආත්මය කොට
පපුව මතම තබාගෙන ඔබ
ඉහිලුවේ අහස උසට දුක් ගින්දර
ඔබ ලඟ පාත නැති දාට
ඇවිලුනා තුන් හිතම හරි රස්නෙට
හදවතේ ආදරේ පුරෝගෙන
ගනන් මිමි සෙව්වා හැම රැයක
නැති වුනොත් දවසක ඉතිං ඔබ මට
පියාගමි නෙත් දෙක
මේ සීතල පොළොව යට..

42 comments:

  1. අවට වූ මුලු සොබාදහම ම
    …රක්ත පැහැයෙන් වැසෙන සමයේ
    …හිඳිමි පොළොවට ඇණ තියාගෙන
    …අසමි පොළොවට කණ තියාගෙන
    …ඈත ලස්සන වනන්තරයේ
    …සීත පැන ගිය විසල් කන්දේ
    …කූඹියන් ගුල් හාරනා හඬ
    …වේ පැටව් ගේ ඉකිබිඳුම් හඬ
    …නමුදු ඇයි මට නො ඇසුණේ
    …මොහොතකට පෙර මගේ පසෙකින්
    …ගහක් ඉදිරී පෙරලෙනා හඬ

    …අනේ සංසාරේ! මේ සැරෙත් සිත්‍ රූ අක්කට කවිය ලියන්න හිතුණේ පින්තූරේ දැක්කම වෙන්ටැ..? ඔන්න ඉතිං ඒ පින්තූරෙ දැක්කම මට හිතුණ දේ... අක්කගෙ කවිය නං මරු ඈ!

    ReplyDelete
    Replies
    1. වේ පැටව් ඉකිබිඳින හඬ ඇහුනෙ බට්ටත් වේ පැටියෙක් නිසා වෙන්ටැ.. :P

      Delete
  2. සීතල පොලව යටද ? උඩද ?

    :)

    ReplyDelete
  3. තෙරෙනවා තේරෙනවා.. ඔන්න මම අද මුලින්ම

    ReplyDelete
    Replies
    1. නැහැනෙ..ඔයා 4 වෙනියට ඇවිත් තියෙන්නෙ..කාලෙකට පස්සෙ නේද..:)

      Delete
  4. මිනිස් ජීවිතයක් ලැබීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ අමාරු දෙයක් කියලා තියනවා. මොනම හේතුවකටවත් පණ නහගන්න එකනම් මෝඩ වැඩක්..

    මතකනේ නන්දෝ පරාඩෝව.. හිහ්

    නිසදැසනම් සුපිරියි, ලස්සනයි, හැඟීම් බරයි..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අයියා..මමත් පරාඩෝ වගේ කොහොමහරි ජීවත් වෙන්නයි ආස කරන්නෙ..අපොයි මම මැරෙන්න බයයි.. :)

      Delete
  5. ඔබ සොයා එන්නට
    පැමිණ අත ගන්නට
    කඳුලු පිසලන්නට
    අවැසි වූවත් ඉඩක් නෑ මට

    දහස් යොදුනින් වෙන්ව
    ඉන්න ඔබ සනසන්ට
    පියාඹාවත් එන්න
    අනේ අත්තටු මට කොයින්ද

    මේ කවියේ නම් මොකක්දෝ විශාල දුකක් දැනුනා අක්කේ....මඤ්ඤං වෙලා හිටියත් මේ පැත්තේ ආවාම මොනා හරි ලියලා යන්නම හිතෙන නිසා ඕං පේලි ගැලපුවා යන්තම්....ඒක නෙමෙයි අක්කේ තව මාසයයි නේද??

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නං තව මාසයයි...! ඒත් ඒ මොකටද?

      Delete
    2. ආ..ඔව්නෙ අවුරුද්දට මාසයයි තව.. ;)

      Delete
    3. @ ගැමියාගේ පත් ඉරුව : හි හි.............

      Delete
  6. පිය වේවේ මේ දෙනෙත
    නුඹ නොදකින දිනයක
    හිමි නැති බව දරන්නේ කෝම
    නුඹවම දකින්න පැතුව මේ දෙනෙත..

    ReplyDelete
  7. හ්ම්ම් ...

    /// නැති වුනොත් දවසක ඉතිං ඔබ මට

    පියාගමි නෙත් දෙක

    මේ සීතල පොළොව යට /// ...

    මේ ටිකනම් එච්චර හොද නෑ !

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..කවදාවත් කිසිම කෙනෙක්ට එහෙම අකාලෙ මියදෙන්න වෙන්න හොඳ නෑ.. :)

      Delete
  8. කවි පොතක් ලිව්ව නම් මොකෝ අක්කෙ වෙන්නෙ.........එළ ඈ...:)

    ReplyDelete
  9. අක්කි පුදුම ලස්සනට ලියනවා අක්කි. මං හැමදාම එනවා අද ඉදන් නම්.. අපරාදෙ නෙ මේතර කල් මට මේ පැත්තෙ එන්න බැරි උන එක.. කොහොම වචන ගලපනවද ඔය තරම් ලස්සනට හිතේ පතුලටම දැනෙන්න කියලා මට නම් හිතාගන්නවත් බෑ අක්කියෝ..

    ReplyDelete
    Replies
    1. අලුතෙන් නේද නංගියා මේ පැත්තට..ආදරයෙන් පිළිගන්නවා..

      Delete
  10. අක්කා... ඔයා කවි විතරමමද ලියන්නේ???????????

    ReplyDelete
  11. //ඔබ මගේ ආත්මය කොට
    පපුව මතම තබාගෙන ඔබ
    ඉහිලුවේ අහස උසට දුක් ගින්දර
    ඔබ ලඟ පාත නැති දාට//

    මට පුදුම විදියට ආස හිතුනා මේ පද ටිකට අක්කෙ.. පිස්සු හැදෙනවා.. ඇත්තටම හිතට වදිනවා...

    ReplyDelete
  12. ආදරණිය කවි පෙළක් වෙනද වගේම..

    ReplyDelete
  13. හරිම ලස්සන බ්ලොග් කවර් එකක්.කවියත් ඒ වගෙමයි..

    ReplyDelete
  14. "පණ නළ පවා තබා උකසට" වගේම "ඇවිලුනා තුන් හිතම හරි රස්නෙට" මේ යෙදුම් දෙක නම් නියමයි. හැම තිස්සෙම ලියනෙ ජීවිතෙන් පළායාම ගැනයි. හැබැයි ඒවගේම ජීවිතේට ජීවත්වෙන්න ඉඩ හරින විදියටත් ලිව්වා නම් තවත් කවි සිත ලස්සන වේවි.

    ReplyDelete
    Replies
    1. එහෙමයීදිරියට උත්සහ කරන්නම්....මමත් ආස මේ ජීවිතේ ලස්සනට ජීවත් කරවන්න..කවියෙන් විරහවක් දැනුනත් හිත පුරා තියෙන්නෙ ජීවිතේ අහස උසට බලාපොරොත්තු.. :)

      Delete
  15. ඒ කියන්නේ හිමි වුනොත් මැරෙන්නෙම නැද්ද? :)

    ReplyDelete
    Replies
    1. හිමි වුනොත් මැරෙන්නෙ නෑ..එතකොට මැරිල බැහැ නෙවැ..අහිමි වුනත් මැරෙන්නෙ නෑ..මම මැරෙන්න බයයි මෙයා.. :D

      Delete
  16. ලස්සනම ලස්සනයි ..ඒ කවි ටික නම් ඔන්න මට තේරුනා.....

    ReplyDelete
    Replies
    1. අයියෝ.. කිරිල්ලිට කලින් ඒවා තෙරුනේම නැද්ද. :D.

      Delete
  17. @ Hishan Melanga: ඔයාගෙ කමෙන්ට් එක ඉන්බොක්ස් එකේ තියෙනවා..පබ්ලිශ් වෙන්නෙ නැහැ...ඇයි දන්නෙ නැතෝ..ස්තූතියි යාළු.. :)

    ReplyDelete
  18. Really a great post.I liked it and i will share it with others too.
    1996 Chrysler Town and Country AC Compressor

    ReplyDelete