නා මල් පෙති මත ලා නිල් පාට සඳ එලිය තැවරිලා..මල් පෙති වල සුවඳ සඳ එලිය දිගේ ඔයත් මමත් තනිවුන මේ පුංචි කුටිය වටේ පාවෙනවා.. කවුලුව දිගේ අනවසරයෙන්ම ඇතුලු වුනු නිල් සඳ එලියට ඔයාගෙ වටකුරු ඇස් දෙක දිලිසෙනවා.. හරියට ඒ සුන්දර සඳ එලිය නාමල් සුවඳ එක්ක එක්කහුවෙලා අපි දෙන්නට ඔච්චම් කරනව වගේ..
දිග හුස්මක් අරන් මම උත්සහ කලේ ආයෙත් ඒ සුවඳ ආත්මයටම විඳගන්න..ඒත් ඒ නාමල් සුවද වෙලා මට දැනුනෙ ඔයාගෙ සුවඳ..මගේ සිරුරෙ ගෑවි නොගෑවි අකීකරු ඇස් අගින්මා දිහා බලන් උන්නූ ඔයාගෙ ආත්මීය සුවඳ..ලා එළියෙන් ඔයාට නොපෙනුනත් ඔයාගෙ ඇස් දෙකේ තිබුන කාන්සියට මගේ මුළු මුහුනම රතු වෙන්න ඇති..
මම මොහොතක් ඔය ඇස් දිහා බලන් උන්නා..මට දැනෙන්නෙ පුදුමාකාර සංතෝසයක්..ආත්ම ගානක බැඳීමක් නැවතත් රන් හුයකින් බැඳිලා මේ ආත්මෙත් මගේම වෙලා කියල මට දැනුනා..මගේ හද දෙවොලෙ මෙච්චර කල් හිස් වෙලා තිබුනු පූජාසනයට සුබ මොහොතින් වැඩිය දේවතාව ඔයා වෙලා...අද ඉදන්.. මේ මොහොතේ ඉදන් ..හමුවන හැම මොහොතකම ගෙවන හැම තත්පරයකම මගේ හිත ලඟ ඉන්නෙ ඔයා..මට ආදරේ කරන්න මාව රැක බලා ගන්න මට මේ ජීවිතේ කියල දෙන්න හරියටම කිව්වොත් මගේ සැප දුක බෙදාගන්න ඉන්න මගේ අම්මයි අප්පච්චියි ඔයා..මට ඇස් දෙක පියාගෙන වුනත් මගේ ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම පැතුමක්ම ඔයාගෙ දෙපාමුල ගෙනත් තියන්න තරම් විශ්වාසවන්ත රත්තරං හිතක් දැන් මගේම වෙලා..
ඉතිං දැන් දැන් මේ රාත්‍රියට ඔයාටයි මටයි පමනක් ඉඩ දීල තරු එළි පවා සැඟවිලා ගිහින්..නා පෙති සිප ගත්තු නිල් සඳ මඩලත් මල් යහනෙ සැතපෙන්න සූදානම් වෙලා. ඉඳිකටු තුඩක් වැටුනත් ඇසෙන නෑසෙන තරමටම මුලු පරිසරයම සුව නින්දට ගිහිල්ලා..මුලු වටපිටාවම ඒ තරම් නිසංසල වෙලා තිබුනත් වෙන කවරදාටත් වඩා මගේ හිත හොඳටම නොසන්සුන් වෙලා.. මෙතුවක් කල් දඟ පාපු පුංචි කෙල්ල අද ඔබේ පතිනිය වෙලා ඔබේ හිත අද්දර ජීවිතේ අයදිනවා.... ඉතිං මේ සීතල සුමුදු රාත්‍රිය සීරුවට විඳගන්න හිතාගෙන ජීවිතේ ප්‍රථම වතාවට ඔයාගෙ දෙපා මත හිස රඳවගෙන මම දෑස් පියාගත්තා.. හ්ම්ම් හිතට දැනුනෙ නිමක් නැති සැනසීමක්..
ළා සඳ එලියේ...
නා පෙති හැලිලා...
නාමල් සුවඳයි විහිදෙන්නේ...
මා දිවි රැය සුවඳින් මල් පුබුදා...
සඳ දිය ඉල්ලයි හිමි සඳුනේ...
මවත් ඔබයි මගේ පියත් ඔබයි මගේ
පිළිසරණත් ඔබමය වන්නේ...
අද සිට මගෙ ඉටු දෙවියන් ඔබවේ...
ඔබගෙනි සැප දුක විමසන්නේ...
ළා සඳ එලියේ...
නා පෙති සිඹලා තරු එළි නිවලා
සඳවත සැතපෙයි මල් යහනේ..
ඔබේ දෙපා මත හිස රඳවන්නම්
පළමු වතාවට හිමි සඳුනේ..ගායනය: නිරංජලා සරෝජිනි
සින්දුව නම් අහල නෑ. හොයාගෙන අහන්න වෙනවා දැන්. කතාව ලස්සනට ලියන තියනවා. ආදරණීය විදිහට. හැම කොල්ලෙක්ගේම කෙල්ලෙක්ගේම දහසක් පැතුම් වලින් එකක් අනිවාර්යෙන්ම.
ReplyDeleteගොඩාක් ස්තූතියි පැතුම්..හ්ම්ම් හැම තරුණ හිතකම තියෙන සිහිනයක් නේද.. :)
Deleteමේ සිංදුව කාලෙකින් ඇහුවේ නෑ.. ආයෙම පාරක් හොයාගෙන අහන්න හිතෙන තරමටම අක්කා ඒකට එකතු කරපු කතාව ලස්සනයි..
ReplyDeleteමමත් මේ ගීතය අහුවෙ මීට දවස් දෙක තුනකට කලින්..දැන් ඒ ගීතයට පිස්සු වැටිලා වගේ..හරිම ලස්සනයි.
Deleteමේ සින්දුව අහල නෑනෙ අක්කෙ කොහොම හරි හොයාගෙන අහනව....සුන්දර අවස්ථාවක් ලස්සන විදියට ලියල තියෙනව.......
ReplyDeleteහරිම ලස්සනයි..අහල බලන්නකො එක පාරක්.. :)
Deleteසිංදුවනම් මීට කලින් අහලා නෑ. දැන් ඇහුවේ. ලස්සන සිංදුවක්.
ReplyDeleteඅපි හැමෝගෙම තියෙන හීනයක් නේද ඒක.... ඔයා ඒක ලස්සනට විස්තර කරලා තියෙනව.
:)
ඔව්..නංගි..මේ මට දැනෙන විදියට..මේ ගීතය ඇහෙද්දි මට දැනුන මොහොතක් ගැන මම මේ ලියන්න උත්සහ කලේ....:)
Deleteමාසයක් තිස්සේම අබේ නිරංජලාගේ ගිත ලෝකයේ ඉඳලා ලියලා ලියලා, මේක දැක්කාම ආයෙත් හිත අලුත් වුණා. ගීත අතර හොඳම ආදර ගිත තියෙන්නෙම අබේ නිරංජලාගේ.
ReplyDeleteමේ ගීයට සිතුවිලි වලින් ඇඳලා තියන සිතුවම්ත් ඒ ආදර හැඟීම දෙගොඩ තලා යන විදියට ලියලා තියනවා.
ඇත්තටම ඔව්..ඔබේ ගීත නිසා තමයි ආයෙත් මම අබේ නෙරංජලාගෙ ගීත හොයන්න පටන් ගත්තෙ..එතකොට තමා මම මේ ගීතය ඇහුවෙ..හරිම ලස්සන ආදර ගීතයක්..කොච්ච්ර ඇහුවත් එපා වෙන්නෙ නැහැ..ඔව්..ඇත්තටම මේ ගීතයේ තෙරුම මේක නෙමෙයි..මේ මට දැනුන හැටි ..
Deleteමාර ලස්සන කතාවක් විදියට සිංදුව අර්ථවත් වෙන්න ලියලා තියෙනවා... මයිල් කෙලින් වුනා වුනා වගේ දැනුනා පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ සිහිනයක් කිව්වොත් හරි... සිංදුවේ තේරුම අමුවෙන්ම දානවට වඩා මේ ක්‍රමය හිතට ගොඩක් දැනෙනවා... නියමයි අක්කේ... සිංදුව අහලා නෑ හැබැයි සෑහෙන්න රස වින්ඳා සිංදුව නාහම...සිංදුවත් අහන්ටෝන
ReplyDeleteඔව් මල්ලා..මේ සිතුවිල්ලට වඩා සංවේදියි..ලස්සනයි මේ ගීතය ..අහල බලන්නකො..
Deleteමමත් සින්දුව නම් අහලා නෑ. ආදරේ බේරෙන්න කතාව ලස්සනට ලියලා තියෙනවා
ReplyDeleteහෙහ් හෙහ් ආදරේ බේරෙනවා.. :)
Deleteහරිම ලස්සනයි...සින්දුව ගෙදර ගිහින් අහන්න ඕන...සිත් රූ ටත් මේ වගේ දවසක් ළඟදීම එයි නේද :)
ReplyDeleteගෙදර ගිහින් අහන්ඩ ඕනා.. ? ඇයි දැන් කොහෙද ඉන්නෙ ?
Deleteමම හිතුවෙ මෙයා ගෙදරට වෙලා කකා බිබී බ්ලොග් කොට කොට ඉන්නවා කියලා..
හිහ්.. විහිලුවක් හොඳේ.. ඇස් රතු කරගන්ඩ ඔට්ටු නැහැ..
දැන් ඔපිසියෙනේ අනේ ඉන්නේ...කොහේ හිටියත් ඉතින් බ්ලොග් කියෝනවා සහ කොටනවා :))
Deleteමමත් ඉතින් එහෙම තමා.. දැන් දැන් මේකට ඇබ්බැහි වෙලාද මන්දා.. හරියන්නෑ.. නවත්තලා දාන්ඩ වෙනවා...
Deleteඒක ඇත්ත :) එහෙනම් මාත් යනෝ ගෙදර....
Deleteඔව්ව් සයුරි හරිම ලස්ස්නයි..අහල බලන්නකො..සෙන්න අයියා කිව්ව වගේ මාත් හිතුවෙ ඔයා ගෙදරට වෙලා ඉන්නව ඇති කියල..
Delete@ Senna :ඇත්තටම මමත් ඔෆිස් එකේදි කරන්නෙම මේක..කාගෙ හරි බ්ලොග් එකකමයි ඉන්නෙ..ඇබ්බැහි වෙලාද මංද නෙමේ..ඇබ්බැහි වෙලා ඉවරයි මම හිතන්නෙ..:D
Deleteනියමයි නියමයි...
ReplyDeleteසින්දුවත් දාපු හින්දා ඒකත් අහගනම ඔයගේ නිර්වචනය කියෙව්වා.. සුපිරියි නගේ...
දැන් ආදරෙන් ඔකද වෙලානේද ඉන්නේ.. :-)
ජය වේවා !!
තැන්ක් යූ අයියෙ..හෙහ් හෙ..ඔව් ඔව් චුට්ටක් ඔකඳ වෙලා ඉන්නෙ.. :))
Deleteඅහන්න ඕනේ නිවාඩු පාඩුවේ...මම නං ඉතිං පැය 24ම ඔන් ඩියුටි අප්පා...ඒත් දවස් දෙකක් නිවාඩු...සිංහල කොටන්න ඉගෙනගත්තේ මේ නිවාඩුවේ....
ReplyDeleteනිවාඩු වෙලාවක අහල බලන්න අයියෙ..ලස්සන ගීතයක්..නෙත්මිගෙ වෙඩින් එකේ ඉතිරි කොටස මේ ගීතයෙන් පටන් ගන්නෙ.. :D
Deleteහරිම ලස්සනයි සිත් රූ.....මේ පින්තූරෙම දාලා මගේ වෙඩින් එක දවස්වල මමත් කවියක් ලියලා තියෙනවා මගේ මූණු පොතේ.බලන්නකෝ මෙන්න මේක.
ReplyDeletehttp://www.facebook.com/photo.php?fbid=152969511441904&set=a.105040109568178.8534.100001865689219&type=3&theater
ඔයාගේ මේ සිතුවිල්ලට මේක හරියටම හරි නේද?
ඔව්..කාව්‍යා..ඒකමනෙ ඔයා ලියල තියෙන්නෙ..ඒ කියන්නෙ අපි දෙන්නටම හිතිල තියෙන්නෙ එකම වගේ දෙයක්..ඔයාගෙ කවියත් හරිම ලස්සනයි.. :)
Deleteකෙල්ලේ! ටිකක අමුතු කොමෙන්ට් එකක් දාන්නම් කමක් නැහැනේ. මේ මේකේ සමහර පද පේලි කියවද්දී මගේ යාලුවා දුන්න අදහස්.....
ReplyDeleteමල් පෙති වල සුවඳ සඳ එලිය දිගේ ඔයත් මමත් තනිවුන මේ පුංචි කුටිය වටේ පාවෙනවා.. --> මොන මල් සුවදද!
ඒත් ඒ නාමල් සුවද වෙලා මට දැනුනෙ ඔයාගෙ සුවඳ --> ඒකනේ මම කිව්වේ! එන්නේ මල සුවද නෙමෙයි කියලා.
කාන්සියට මගේ මුළු මුහුනම රතු වෙන්න ඇති --> කාන්සිය වෙනුවට හරි වචනය ලැජ්ජාව?
සුබ මොහොතින් වැඩිය දේවතාව--> කොච්චර දෙවිවරු වදින්න ඇද්ද?
මට මේ ජීවිතේ කියල දෙන්න--> ඉස්කෝලේ මහත්තෙයෙක් තමයි හරියන්නේ!
ඉඳිකටු තුඩක් වැටුනත් ඇසෙන නෑසෙන තරමටම--> මගුලක් කතා කරනවා! කොහෙත්ම ඇහෙන්න විදියක් නැහැ.
මෙතුවක් කල් දඟ පාපු --> හොදට නටල තියනවා වගේ.
ප:ලි - The moral rights of the author has been asserted.
යාලුවට කියන්න විචාරයට බොහොම ස්තූතියි කියල..ඒ වගේම මම කලාව හදාරපු කෙනෙක් නෙමෙයි..ආසවට බ්ලොග් එකක් ලිව්වට වැරදි අඩු පාඩු ගොඩක් ඇති..ඒත් ඔයා ලියපු කමෙන්ට් එකෙත් සමහර දේවල්අඩු පාඩු තියෙනවා..ඒවා ඉතින් තම තමන්ටම බාරයි හිතන්න..
Deleteමට ඕන වුනේ මේ ගීතයෙන් මට හිතට දැනෙන මොහොතක් ඉස්මතු කරන්න..ඒ වගේම අහපු නැති කෙනෙක්ට මේ ගීතය අහන්න පොලඹවන්නෙ විතරයි..
ඒ වගේම මගේ අඩු පාඩු තියෙන තැන් වල ඒ කියපු දේවල් සතුටින් බාරගන්නවා..ගොඩක් ස්තූතියි ඔබට.. :)
හේයයි සිත්, මම කිව්වේ ඒක නෙවෙයි මම වැරද්දක් කීව නෙවෙයි, වැරද්දක් පෙන්වාදීමේ ගෞරවයට මම සුදුසු නැහැ, මොකද මම එහෙම පෙන්වල නැති හින්දා. මේ පොස්ට් එකේ තියන හොදම කොටස සින්දුව නෙවෙයි ඔයාගේ සිතට නැගුනු අදහස ඒ මොහොත වචන වලට ගලපලා තිබුන අපූරුවයි, එකේ දෙකක් නැහැ, සින්දුව මම ආසාවෙන් රස වින්ද/විදින සින්දුවක්, බොහොම ස්තූතියි ඒ ගීතය තෝර ගත්තට, ලස්සනට ලියල තියනවා.
Deleteආදරය, ශ්රුන්ගාරය, පතිභක්තිය කැටි වූ ඒ සුන්දර අවස්ථාවේ තියන අනුරාගය හාස්‍ය සමග මිශ්‍ර කරලා පිරිමියෙකුගේ වල් හිතකින් විග්රහ කළා විතරයි. හිත රිදුනනම් දස දහස වාරයක් සමාවෙන්න.
අලුතින් කොටසකුත් තියේ, නැහැ නොදා ඉන්නම්, අයෙත් සොරි, විචාරයක් මිස විවේචනයක් නොවේ!
හිත රිදුනෙ නැතෝ...තැන්ක් යූ වටිනා කමෙන්ටුවට.. :-)
Deleteමටනම් එච්චර ඇල්ලුව් නෑ වගේ
ReplyDelete:O ඒකත් එහෙමද..????? :S
Deleteමාව නිකන් වෙනමම් ලෝකෙක පාවුනා.. ඒ තරම් ලස්සනයි!! ආ..ද..රේ.. උපරිමයි!! මගේ හිතේ තියෙන එව්වත් ලියලා..
ReplyDeleteහ්ම්ම්..මේ ගීතය අහද්දි ඇත්තටම පාවෙනව වගේ.. :)
Deleteමට නම් මතක් වුනේ නාරද දිසාසේකර මහත්තය ගේ සිංදුවක්..
ReplyDeleteමේකත් සිරා..
ඒ සිංදුවෙ පේලියකුත් ලියල ගියානම් ඒකත් හොයගන්න තිබුන සැමෝ..මට මතකෙට එන්නැහැ.. :S
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ සිංදුව ගොඩාක් කාලෙකට පස්සේ ඇහුවේ.
ReplyDeleteහෙහ් හෙහෙ..මමත් ලඟදි තමයි මමත් මේ ගීතය ඇහුවෙ..ඒත් ගොඩක් පරන ගීතයක් නේද..
DeleteThis comment has been removed by the author.
Deleteහරිම ලස්සන සින්දුවක්.. බාගන්න ලින්ක් එකක් ඇති තැනක් නැතුව හිටියෙ.. බොහොම ස්තුතියි.. මම යූටියුබ් ලින්ක් එකෙන් බා ගත්තා...
ReplyDeleteස්තූතියි තොටියා..මේ පළමු වතාවනෙ මෙහේ ආපු නේද.. :)
Deleteඔව් ඔව්... තාම මම බොලොග් කරලියට අලුත්නෙ... සිත්රූ සිහින ලස්සනට ලියවෙන බ්ලොග් එකක් වගේ...
Deleteස්තූතියි මල්ලි..ආයෙ ඇවිත් යන්න එන්නකෝ..
Delete