Pages

Thursday, April 5, 2012

නුඹ හින්දා මං..



මහ හුඟක් සිතුවිලි
ඔය ආලවන්ත ඇස් ලඟ
දියවෙලා යද්දි
ඔබ ඇවිත් මේ හිතේ තැනක
කඳවුරු බැදගන්න ඇති..
එදා පටන්
රෑ අඳුරට ගැස්සෙන හිත
මල් පොහොට්ටු මෝරන හිමිදිරියෙ
හීතලෙන් ගල් ගැහෙනකල්
නුඹ ගැනම හිත හිත
නිදි වරන්නත් ඇති..
ඒ කාලෙදි
කිඳුරු කතාවෙ නැතිවූ කිඳුරව
හඬමින් සොයන කිඳුරිය වගේ
වරින් වර හිමි අහිමි වුනු
ඔබව මම
සොයන්නත් ඇති..
දැනටත්
සිරවෙවී පොඩි වෙවී හරි
අනේ නුඹ හින්ද
කඳුලු බිව්ව ඇස්
මේ ආත්මෙ ඔබ ලඟම
සැනසෙන්නත් ඇති..

56 comments:

  1. එහෙනං ඉතිං වැඩේ හරිනෙ! :)

    ReplyDelete
  2. මට තේරුණා මදි සිත් රූ මේ නිසදැස නම්...

    ReplyDelete
  3. මට මේක කියවද්දී මතක් වුනේ අර සිංදුවක් තියෙන්නේ
    දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් දකින්නට පිං මදි වෙන්නැති ඒ කාලේ කියලා. ඒක..ලස්සනයි අක්කියෝ.

    ReplyDelete
    Replies
    1. ඇයි අර තව එකක් තියෙන්නෙ "මේ අයුරින් අපි සංසාරෙ අතර මගදි හමුවෙන්න ඇති" කියලා..ඔයා මේ සිංදුව මතක් කලාම මට ඒක මතක් වුනා.. :)

      Delete
  4. ලස්සනම ලස්සනයි සිත් රූ අක්කේ ..

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ නංගා..අද කලින්ම ඇවිත් කියවලා ගිහින්..:)

      Delete
  5. හැමදාම වගේ එළ තමා අක්කෙ.......

    ReplyDelete
    Replies
    1. එහෙනම් එළ..තැන්ක්යූ මල්ලී.. :)

      Delete
  6. පහුගිය දොහක ඔය කියන කිදුරා රට පිට ඉදලා ආවනේ. තවත් ඉතිං මොකට අඩනවද? ඉන්නකෝ ඉතිං දැන් වත් හිනා වෙලා :D

    ReplyDelete
  7. කොච්චර දුක් වින්දත් අන්තිමට සැනසෙන්න පුළුවන් උනානේ. ඉතින් සන්තෝස වෙන්න. ලස්සනයි කවිය. කිව්වත් වගේ මටත් මතක් වුනේ. "මේ අයුරින් අපි සංසාරේ" කියන සින්දුව.

    ReplyDelete
  8. කාලය ගෙවුනත් පියවරින් පියවර
    තවම ආදරෙයි එහෙමමයි හිත ලග
    නුඹ නිසාම හෙළුව මේ කඳුළැලි
    නවතන්නට කාලය කවදා ඒවිද?

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඒ දිනය ආවොත්නම් හොඳයි ..
      ස්තූතියි දිනේශ් මල්ලි.

      Delete
  9. මටත් මතක් වුනේ “මේ අයුරින් අපි සංසාරේ“..ගීතය....

    සෑහෙන්න දැනුන අක්කියෝ.......:/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියා..
      ඒ ගීතය මතක් වුනේනම් නැහැ ලියද්දි..ඒත් පස්සෙ කියවද්දි මටත් හිතුන ඒ ගීතය නිසාමද ලියවුනේ කියල..

      Delete
  10. මේකේ තියෙන්නේ දුකක්ද සතුටක්ද? හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. සමහරවිට සතුටත් එක්ක දැනෙන පුංචි දුකක් ගැන වෙන්න ඇති.. :)

      Delete
  11. අන්තිමේ සනසුනානම් එච්ච්චරයිනේ !
    වෙනද ලියන ඒවාට වැඩ වෙනසක් තියෙනව වගේ!
    අදහස් වල නෙමෙයි ලියල තියෙන ශෛලිය වෙනස් කියල හිතුන!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නුවන්..කාලෙකින් මේ පැත්තෙ ඇවිත්.. :)

      Delete
  12. මුහුදේ රැලි පෙරලෙද්දී නේද ගොඩාක් ලස්සන.. මම කියපු දේ තේරුනා නේ.

    ජයෙන් ජය!!

    ReplyDelete
    Replies
    1. ම්ම්...ඔව්..එතකොට තවත් සුන්දරයි නේද.. :)

      ඔයාටත් ජයෙන් ජය සහෝ..

      Delete
  13. අදින් පසුව
    නුඹ වෙනුවෙන් හැමදාමත්
    මගබලන් හිටපු ඇස්
    ඔයාගේ උණුසුම විදිද්දී
    සතුටින් සිනාසෙන්නට
    හීන දකිනව ඇති...

    :)

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි ඔව්..ලස්සනයි නංගා..

      Delete
  14. අතීතය සහ වර්තමානය ගැන කවිය කියනවා එතකොට අනාගතය?
    තනියම හිතල තියම ඇතිකරගත් බලාපොරොත්තුව‍ "ඇති" කියල අවසන් කලාම හරියටම අවිනිශ්චිත බවක් කියනවා. තමන්ටත් විශ්වාසයක් නැති ආදරයක බලාපොරොත්තුවක් වගේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. අවිනිශ්චිත බවක් කියන්නද එහෙම දවස් මගේ ජීවිතේ කොතෙකුත් තිබුන බව කියන්න උත්සහ කලාද කියන එක මටත් දැන් හිතාගන්න අමාරුයි වගේ..

      ස්තූතියි ඔබට

      Delete
  15. පොඩ්ඩක් කඳුලු බිව්වට අවසානවේ සැනසුනානම් එච්චරයි... අනාගතයත් සැනසිමෙන්ම දිගටම ඉන්නට වරම් ලැබේවාවි ප්‍රාර්ථනා කරනවා...
    ප.ලි- ටිකක් වෙනස් ආරයකට ලියවුනත් ලස්සන කවියක් අක්කේ....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නේද..
      ස්තූතියි මල්ලී..

      Delete
  16. "මේ අයුරින් අපි දවසක් දා ආදරයෙන් හමු වෙන්න ඇති.." සිංදුව මතක් වුණා මේක දැකලා..

    කවද්ද නගේ සැනසෙන දිනය ? ළඟයි නේද ?

    ReplyDelete
  17. එදත් මගේ දුක් ආයාචනයට අද මෙන් ඔබ හිනහෙන්න ඇති..

    සෙන්නා කිව්වට පස්සේ මට මේ ටික මතක් වුනේ..

    ReplyDelete
  18. කඳුලූ අතරින් අවසානෙ හිනා වෙන්න පුළුවන් වුනා නේද අක්කෙ? ජය වේවා!! එච්චරයි ඕනෙ..

    ReplyDelete
    Replies
    1. ම්ම්.. :)
      ජයවේවා..!! අපේ හිතූ නංගියටත්

      Delete
  19. කඳුලු බිව්ව ඇස්
    මේ ආත්මෙ ඔබ ලඟම
    සැනසෙන්නත් ඇති..

    මම මුල මැද අග දන්නෙ නැති වුණත් අක්කගේ වැඩේ හරි ගිහින් වගේ....

    ReplyDelete
    Replies
    1. අලුතින් නේද මල්ලි මේ පැත්තට..ආදරයෙන් පිලිගන්නවා මගේ නිවහනට.. :)

      Delete
  20. සෝ ඇත්තටම ලස්සනයි අක්කෝ....

    ReplyDelete
  21. දැන් ඉතින් හිනාවෙන්න හැමදාමත්...

    ReplyDelete
  22. මම මේකට දැම්ම කමෙන්ට් එක කෝ? ස්පෑම් වෙලා වත්ද පේන්න නැත්තේ? කමක්නෑ අන්තිමට සැනසීම හොයාගත්තානෙ! (නරකද වෙනසකටත් එක්ක තීම් එක මාරු කළොත්- යෝජනාවක් විතරයි හොඳද! )

    ReplyDelete
    Replies
    1. අහා..මම බලන්නම් ස්පෑම් එකේ තියෙද කියල..ට්‍රයි එකක් දීල බලන්නම් තීම් එක වෙනස් කරන්න..ඒත් තිබුන එක අයින් කරල තමයි මේක දාගත්තෙ.. :D

      Delete
  23. දැන් කදුළු අතරින් හිනාවෙනවා කියන එක අහන්න ලැබුන එකත් ලොකු සතුටක්..:) හැමදාම ඒ හිනාව තියෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා..!!!
    (මම ටිකක් පරක්කු වෙලා නේ මේ පැත්තේ ඇවිත් තියෙන්නේ)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරු..මාත් දවස් තුනකින් තමා බ්ලොග් එක පැත්තෙ ආවෙ..ඒ නිසා ශේප්.. :)

      Delete
  24. හැමදාම ඔය වගේම හිනාවෙලා ඉන්න පුළුවන් දවසට තව වැඩි කාලයක් නැහැනේ..සතුටුයි අක්කි..:D

    කවිය ලස්සනයි හුඟාක් අක්කෝ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නොහිම් සිහින..මටත් සතුටුයි මේ පැත්තෙ ආවට..:)

      Delete
  25. නොනිමෙන සංසාර ගමන
    මේ ගමනින්ම නිමවේවිද
    නොනවතින අපේ බැඳීම
    මේ අයුරින් නිමවේද එහෙනම්...

    අවසන් එක්වීමත්
    අවසන් වෙන්වීමත්
    මෙයම පමණක් වේද
    දුකක් යලි නොරැඳේද එහෙනම්...

    සංසාර පුරාවට වින්ඳ
    දුක් ගැහැට සහ සතුට
    පිරුණු හිත සදහටම
    අතහරින්නට කාලයයි එහෙනම්...


    ඔය දෑස දෙස බලාගෙන
    ඔය දෑත අත දරාගෙන
    සංසාර ගමනින්ද
    සමුගන්න අවසරයි එහෙනම්.....

    හම්මෝ කාලෙකින් මේ පැත්තේ ආවේ අක්කේ.....හැමදාම වගේ මගෙන් ක්ෂණික පුංචි කයියකුත් දැම්මෝ...(මේ දාපු එක කයියක්ද කියලා මටත් ෂුවර් නෑ) පෝස්ට් කීයක් මිස්වුනාද මන්දා මේ දවස්වල වැඩ වැඩි නිසා මුකුත් කරගන්න බෑනේ අක්කෝ... වෙනදා වගේම කවිය නම් සුපිරියි හැබැයි මොකක්දෝ දුකක් ගැබ් වෙලා තියෙනවා වගේ දැනෙනවා අක්කේ..... සේරම හොඳින් නේද හිමිකාරයා මෙලහකට ඇවිත් ඇති කියලා හිතනවා...

    ReplyDelete
    Replies
    1. මේ කවිය කාලෙකට කලින් ලියපු එකක්..draft එකේ තිබිල තමා පබ්ලිශ් කලේ..ඒක ගනන් ගන්නෙපා..මම ගොඩාක් සතුටින්..

      මේ පැත්තෙ ආවෙ නෑ කියල තරහ නැහැ මල්ලියා..මම දන්නව එක්සෑම් එකට පාඩම් කරන්න ඕනිනෙ ..හැමදේම හොඳින්..හිමිකාරයත් ඇවිත් ලඟටම..ඉක්මනින්ම ඒ සුබ පනිවිඩය ලියන්නම්කො..

      හොඳට පාඩම් කරන්නකො එක්සෑම් එකට.. :)))

      Delete
  26. තවත් ආදර කතාවක හරස්කඩක්

    ReplyDelete
    Replies
    1. හ්ම්.....
      ස්තූතියි අයියෙ මේ පැත්තට ආවට.. :)

      Delete
  27. ඔයගෙ 'හෙට හිරු පායෙන්නෙ ඔබේ රැස් එළියේ' පෝස්ට් එකේ මගේ කොමෙන්ටුව මතකද....එබැවින් 'නුඹ හින්දා මං' පෝස්ට් එකේ ඒ පෙම්බර කුමාරයා හිත සනසන්නේද දැන් ලඟ ඉඳන් නේද...:)) :P
    .. කිවිය නම් හරිම පෙම්බරයි....ලස්සනයි... සිත් රූ!

    ReplyDelete
  28. මියදුනේමී
    යලි යලි '
    පෙම් බදිමී
    මං
    මතු බවේත් .............

    ReplyDelete