Pages

Wednesday, June 27, 2012

සත්තයි ආදරෙයි මහ හුඟක්..




එක දවසක් අහම්බෙන් වගේ ..
ඔය හිතුවක්කාර ඇස් ඉස්සරහ
මගේ හිත ගිහින් නතරවෙද්දි
නිකමටවත් හිතුනෙ නැහැ
ජීවිතේ සන්තකේම මට ඔයා වෙයි කියල..
ඒත් දවසක දෙපාරක් නොහිතම
කාලයක් තිස්සෙ එකතු කරපු
මහ හුඟක් බලපොරොත්තු අරන් ගිහින්
ඔයි පපුව උඩ අතෑරල
සැහැල්ලුවෙන් මම බලන් උන්නා..
මගේ රත්තරන් මට පතිනිවර අරන්
මා ලඟට එනකල්
ඒ වගේම ඔයා ඇවිත්
මේ පුංචි කෙල්ලගෙ අපිලිවෙල ආදරේට
ලස්සන පිලිවෙලක් ගෙනත් දුන්නා
එදා ඉඳල මගේ රත්තරන්ගෙ වෙලා
හිත පුරා පිලිවලට
ආදරේ කරද්දි තුන් හිතම නිස්කලන්කයි..
ඇත්තමයි සුදු මහත්තයො ;
දැන් ඉතිං මගේ හද ගැස්මත් ඔයා
මම තරම් සතුටින් ඉන්න කෙල්ලක්
මේ ලෝකෙ කොහේවත් නෑ..
ඔයාට  ගොඩා..රියක්  පින්
මම පතපු ආදරේ 
මම නොහිතපු තරම් වැඩියෙන් මට දුන්නට..

මම ඔයාට ගොඩාක් ආදරෙයි..
මේන් මෙච්චරක් කියල කියාගන්න බැරි තරම් මහ හුඟක් ආදරෙයි..
ආදරෙයි ආදරෙයි ආදරේම ආදරෙයි..!!!



51 comments:

  1. ලස්සනයි අක්කියෝ. ඒව‍ගේම සතුටුයි මහ හුගක්...

    ReplyDelete
  2. හරිම ලස්සනයි සිත් රූ...ඒ වගේම මේ ලස්සන ආදරේ හැමදාමත් ආදරෙන් හැඩවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි සිතුවිලි දැහැන..:)

      Delete
  3. කෙල්ලෙකුගෙ ජීවිතේ එකම එක ප්‍රාර්ථනාව...

    හදවතින්ම ලියපු නිසා ලස්සනම ලස්සන පද ටිකක් එකතුවෙලා...හැමදාම ඔය ආදරේ ඔය විදියටම ඔබට ලැබේවා..සතුටින් ඉන්න සුභම සුභ ජීවිතයක් ඔයාල දෙන්නටම...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. :))
      ගොඩාක් ස්තූතියි නංගි..

      Delete
  4. ඔය රත්තරං ආදරේට මගෙනුත් සුභ පැතුම්... හැමදාම සතුටින් ඉන්න

    ReplyDelete
  5. ඇත්තෙන්ම ඔව්! ආදරෙ කරද්දි තුන් හිතම නිස්කලංකයි...:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..සත්තකින්ම..
      ස්තූතියි නංගා.. :)

      Delete
  6. ආදරය......සුන්දරයි....හැබැයි....වරද්දා නොගත්තොතින්....හෙම්....

    ReplyDelete
  7. ඔන්න මාත් ආවා මේ පැත්තට..හරිම ලස්සනයි සිත්රූ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආවට..ආදරයෙන් පිලිගන්නවා නිශ්.. :)

      Delete
  8. අගෙයි අගෙයි..

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. පුදුමාකාර ආදරණීයයි. ආදරේ ජීවිත ජීවත් කරන අපුරුව කොයි තරම් නම් ලස්සනද

    ReplyDelete
  10. //මම පතපු ආදරේ
    මම නොහිතපු තරම් වැඩියෙන් මට දුන්නට..//

    එහෙමනම් ඔයා ඇත්තටම වාසනාවන්තයි අක්කියෝ!!!

    ReplyDelete
    Replies
    1. ඔව් නංගා.. ස්තූතියි ඔයාටත්..

      Delete
  11. ඔබ දෙපළට මෙවගේ සැමදාම ආදරයෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තූතියි යාලු..

      Delete
  12. ඩෙන්න ඉක්කන්ත ටුන්ඩෙනෙක් වෙන්න කීල ප්‍රාර්ටනා කලනව.....^_^

    ReplyDelete
    Replies
    1. හි හි ටැන්කූ ටැන්කූ අග්නි බබා..

      Delete
  13. ලස්සන.අවංක.අව්‍යාජ හිතකින් කතා කරන කවි ටිකක්..ඔයාගෙ සතුට සදාකල් රැඳේවා...දෙන්නටම සුභම සුභ අනාගතයක්....!! :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි කිරිල්ලි..ඔයාටත්..

      Delete
  14. සුබ පැතුම්! මේ සතුට හැමදාම පවතින්නයි අපේ පැතුම!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ලහිරු :)

      Delete
  15. මාත් සුබ පතනවා ඒ අලුත් සුන්දර කැදැල්ලට.. ආදරෙන් හදාගත්ත...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ඔබටත් සුබ පැතුමට හා මෙහි පැමිනීමට..

      Delete
  16. සුභ පැතුම් අක්කේ.. මටත් මේ දවස් වල ඔහොම තමා.. :)

    ReplyDelete
    Replies
    1. හි හි ආරංචියි ආරංචියි..අම්මට පනිවිඩයක් යැව්වද ගෙදරින් හොයන්න කරදර වෙන්නෙපා කියල..

      Delete
  17. අහන්නත් සතුටුයි,ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි..ඔයාටත් ජයෙන් ජය..

      Delete
  18. මට ගොඩා.......................................................................ක් සතුටුයි....

    ReplyDelete
  19. වචන ටිකෙන්ම ආදරේ බේරෙනවා අෆ්ෆා.
    අලුත් ඇඳුම නම් සුපිරි අක්කා.

    ReplyDelete
  20. අනේ හරිම සතුටුයි.. :)

    ReplyDelete
  21. තාමත් කවි කියනවා එහෙනම් ඈ... ලියලා තියන විදිහට මගෙත් බොක්ක සීතල වෙලා ගියා..

    ReplyDelete
    Replies
    1. නැතුව බෑනෙ අයියෝ..පුරුද්දනෙ..:D

      Delete
  22. නියමයි අක්කේ ගොඩාක් සතුටින් ඉන්න බව දැනෙනවා හැමදාමත් ඔහෝම සංතෝසෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ආදරේ කොයිතරම්ද කියලා දැනෙනවා මේක කියෙව්වම.... ආපු ප්‍රශ්න වලට නොසැලී හිටීමේ ප්‍රතිඵල තමා මේ.... ජය වේවා අක්කේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියා ඔයාගෙ සුබ පැතුමට..:)

      Delete
  23. පිලිවෙලකට කරන ආදරේ... නියම වචන ටික.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ඇවිල්ලා..කොහේද ඔයා අතුරුදහන් වුනේ.. :OOO

      Delete
  24. ශා...හරිම ශෝක් අක්කේ... ඔය සතුට සදා රැඳේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි..ආ මේ අනූ කියන්නෙ අපේ ශානි නංගි නේද? :))

      Delete
  25. ආදරේ අහස තරම්... නෑ , ඊටත් වඩා වැඩි ආදරයක්...! හරිම වාසනාවන්තයි...දිගුකල් සතුටින් සිටීවා!!!

    ReplyDelete