Pages

Thursday, December 30, 2010

එකම කවියක්..



ලියන්නට සිතුනි මට කවක්
ඔබ හැර අන් යමක් ගැන
නමුදු බලන විට
ලියා අහවරව අදත් ලියවුනේ
එකම කවියක්
ඔබ ගැනම එක එක විදිහට

ඔබේ ආදරේ පමනයි මට..





මල් පෙත්තකට පිනි බිඳුවක්
බර වැඩි නැහැ කිව්වට.
ඒක හරියටම දන්නෙ
මල් පෙත්ත විතරයි..
මගේ පුංචි හිතට ඔයාගේ
ආදරේ බර වැඩි නැහැ කිව්වට..
ඒක හරියටම දන්නෙ
මගේ හිත විතරයි..
එහෙනම් ඇයි කියන්නෙ
හිතන්නෙපා කියල මට..
සැරින් සැරෙ ඇවිත්
සිබිනකොට මගේ හිත පතුලම..
පුලුවන්ද සැහැල්ලුවට ගන්න
ඔබේ ආදරය මට..
කිව්වට දහදොලොස් පාරක්
ආදරෙයි කියල දවසකට..
දවසකට කීපරක් පිච්චෙනවද
ඔබ මට නැති වෙයි බයට ..
මහ පොලවම හිස මත වගේ
දැනෙන කොට ඔබ නිසා මට
සමනල තටුවක සැහැල්ලුව ගන්න
අමාරුයි නේද හිතට ..
එහෙනම් කියන්නෙපා
හිතන්නෙපා කියල මට වැඩිපුර ..
හිතනවා මම තව ගොඩාරියක්
අපි දෙන්න ගැන
ඇස්වහක් නැහැ රත්තරන්
අපේ ආදරයට..
සත්තයි
ආත්ම හතකට ඔබේ ආදරය
පමනයි මට..

Monday, December 27, 2010

බලාපොරොත්තුවකි නුඹ..



ලියා අහවර කවියකට
පද වැලකි නුඹ..
නින්ද අහලක නැති දෙනෙතට
සිහිනයකි නුඹ..
ඳූරක් නැති දහවලකට
පුන්කි නුඹ..
ආදරයක් නොපතන
බලාපොරොත්තුවකි නුඹ..

Friday, December 24, 2010

හිත ඉකිබිදියි..


හීන් හිරිපොද වැස්සෙ
උනුහුමට තුරුලු වී
ඇවිද ගිය කාලය
ඉතින් දැන් අහවරයි..
අනෝරා මහ වැස්සෙ
අද තනිවම යද්දි
කෝ ඔයා ඔබ කොහිද
තාම හිත ඉකිබිදියි..
තද සුලං අකුණු
මහ වැසි වලට ගැස්සෙද්දි
ඔබ ඇතැයි මා ලගින්
හිත කියයි..
තෙත බරිත මගේ සිත
මහ වැස්සකින් නොව
ඔබට පිදු සෙනෙහසින්
ඔත්පලයි..

Thursday, December 23, 2010

මගේ පුංචි පහන් තරුව..


ජීවතේට එලිය දුන්නු
මගේ පුංචි පහන් තරුව..
රෑ අහසේ හැඩට රුවට
හැමදාමත් මගෙ තනියට..

පායන විට ඉහලින් ඔබ
හෙන්දිරික්කා මල් යායට ..
හරිම හැඩයි කවි ලිය
වෙයි
මගෙ තනිකම් පාලු සිතට..

හුදකලාව රටා මවයි
කවිකම් ඉපදෙන රැයකට..
ඒ හින්දයි බලන් ඉන්නෙ
එනතුරු ඔබ සිත් අහසට..

කෝඩුකාර පෙම් හිත ලග
ආදරයෙන් එලිය දෙන්න..
අද වාගෙම හෙට රෑටත්
ඔබ එනවද මගෙ අහසට..

ඔබ නමින් පුරන පාරමි කුමටද තවත්.



පබදින්නට තරම් කවක්
සිත මැවෙන්නේ නැති විට..
සිතන්නට තරම්වත් දෙයක්
සිතට නොදැනන විට..
හඩන්නට තරම් කඳුලක්
නෙත ඉතිරිව නැති විට..
ඔබ නමින් පුරන පාරමි දම්
කුමටද තවත් මසිතට..

Wednesday, December 15, 2010

දවසක මම තනිවෙයි කියල හිතුනෙ නෑ ..


රෝස පාට හීනෙක දැවටිලා
ඔය ජීවන සුවඳ දිගේ
පාර හොයාගෙන එද්දි
මග වැරදෙයි කියල
මම හීනෙකින්වත් හිතුවෙ නෑ ..
උතුරා ගිය ආදරේ
සුන්දරයි කියල හිතුනම
දරගන්න බැරි තරම් බරට
ඔය ආදරෙ ලැබුනම
දවසක මම තනිවෙයි කියල
නිකමටවත් හිතුනෙ නෑ ..
ජීවිතේට ඕන දෙයක් වෙච්චදෙන් කියල
ඔය පපුවට හිස තියාගෙන
උනුසුම හොයනකොට
අනේ මන්ද මට වෙන
ලෝකයක් තිබුනෙම නෑ..