සිත්රූ සිහින
හුදකලා හිතට තනි වරන නුඹ නමින් ලියවුනු සෙනෙහසේ කවිකම්..
Pages
Home
Wednesday, November 9, 2011
වස්සාන සිහිනයේ පෙම්කම් ..
වස්සාන සිහිනයේ
නිමක් නොහි පෙම්කම්
රැගෙන දෝතින්
නුඹ සොයා විත්
තවරන්න ඇත්නම්
නුඹේ හිතපුරාවෙම
ආදරේ ආත්මය
මගේ එක සුසුමකින්..
Wednesday, November 2, 2011
මතකද ඒ ආදරේ..
වසන්ත
කාලෙට
එක
දිගට
පිපෙන
මල්
රොත්තක්
වගේ
..
හරිම
හැඩට
ජීවිතේ
පාටකරන්න
ආදරේ
එක
එක
පාට
අරන්
ඉස්සර
ඔබ
එනකොට
..
අකීකරු
හීන
අහුරු
ඔක්කොම
ටික
පොදි
බැඳගෙන
මතකද
මම
ඔයා
එනකල්
මග
බලන්
උන්නා
..
හරිම
හිමීට
පරිස්ස්මෙන්
ඔය
ඇස්
මේ
හිත පුරා
සිතුවම්
මවනකොට
ඔය
නෙතු
පතුලෙ
කිමිදිල
ඒ
ලස්සන
ආදරේ
කියවන්න
මතකද
ඒ
කාලෙ
මම
වෙහෙස
උනා
..
අමතක
කරන්නෙපා
..
ජීවිතේ
ගොඩ
දුරක්
යන්න
මහ
ගොඩක්
ආදරේ
අරන්
ආයෙත්
සවසක
තැඹිලි
පාට
හිරු
එලිය
අස්සෙන්
ඔබ
මතුවෙනකන්
රටා
තිය
තිය
හීන
පාට
කරපු
මේ
හිත
තාමත්
ඒ
වගේ
ම
මග
බලන්
ඉන්නව
..
Friday, October 28, 2011
සොඳුරියේ නුඹ..
සොඳුරියේ
නැතත්
මට
නුඹට
මෙන්
කවි
හිතක්
ලියන්නට
අපේ
පෙම
අරුත්බර
පබැදුමක්
..
සොඳුරියේ
නැතත්
මට
ඔබට
මෙන්
පෙම්
හිතක්
..
වරුවක්ම
හිතන්නට
අපේ
පෙම
ගැන
යමක්
..
නුඹේ
පෙම
සුන්දරයි
..
විටක
එය
ගීතයක්
..
නුඹේ
පෙම
නිර්මලයි
..
විටක
එය
සැනසුමක්
..
දමා
නුඹ
ගියත්
මම
..
ජීවිතේ
බොහො
දුරක්
..
නුඹ
මගේ
හිත
පුරා
දඟකරන
හීනයක්
..
නාදුනන
නගරයක
පාලුවට
ගිය
සිතක්
..
සන්හුන්ව
නුඹ නමින් සැනහෙනා
වාරයක්..
නොවුවත්
ඉතින්
මට
..
නුඹේ
පෙම
සිහිනයක්
..
එනතුරා
මව්බිමට
..
නුඹ
සිහින
දෙව්දුවක්..
..
Sunday, October 23, 2011
දිනමි ස්නේහේ සියලු සීමා..
ඔබේ
නෙත්
යුග
මැද
කිමිදිලා
සොයමි
ස්නෙහේ
සිහින
සේයා
..
ඔබේ
කොපුලට
හාදු
තවරා
විදිමි
ස්නෙහේ
නුරා
චායා
..
ඔබේ දෑතේ
දෑත් පටලා
දකිමි ස්නේහේ මිහිරි මායා..
ඔබේ ඇසුරින් දිරිය ලැබිලා
දිනමි ස්නේහේ සියලු සීමා..
Sunday, October 16, 2011
සැබෑ වු ආදරේ..
මම
දවසක්
මෙ
විදියට
කොහේ
හරි
ලියපු
ආදරේ
ගැන
හමුවෙලා
අහම්බෙන්
නුඹ
සැබෑවක්
කල
අපූරුව
..
පැතුම්
සහසක්
පැතුම්
මැද
අතරමන්
වෙන
තරමට
අනේ
නුඹ
හමුවුදා
සිටම
හිත
නොඉවසිල්ලෙන්
මේම
..
තව
දිනක්
ගතවෙන
හැටි
වරුවක්ම
හිතමින්
නුඹ
ගැන
කොහිද
වෙන
සැනසුමක්
ඉතින් මට
යලි
දකින්තුරු
නුඹ
මගේ මේ
ඇස්
දෙක
ලඟට
..
Saturday, October 15, 2011
අපේ සෙනෙහස..
මම
;
හදවතේ පිටුවක
ලියමි හැඩකර
එකම එක කවියක්
නුඹ නමින්..
නුඹ
;
දිනක එය කියවාවි
සරල බව වැටහේවි
නුඹේ ඔය සෙනහසින්
ස්වර තාල ගලපාවි..
අපි
;
ලස්සනම ගීතයක්
ස්වර තාල ගලපමින්
ලඟදීම දිනයක
සෙනෙහසින් මුමුනාවි..
Tuesday, October 11, 2011
මුලු ලොවම වී ඔබ..
නුඹ දුරයි මට බොහො දුරයි..
නමුදු හිත ලග තනි මකයි..
හිත හඩයි හිත නුඹ සොයයි..
නුඹ දකින තුරු මග බලයි..
ඔබ හැඩයි මට හරි හැඩයි..
සිතට එනවිට හරි හැඩයි..
සිහිනෙනුත් මම නුඹ ලගයි..
සොයා එන්නට මට සිතෙයි..
තරු අතේ පනිවිඩ එවයි..
සද එලිය වී ඉගිබිගි කරයි..
මද පවන වී මට හාදු දෙයි..
මුලු ලොවම වී මගෙ ලග හිදියි..
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)